මේ සතියේ ඔබට

නොවැම්බර් 13 නොවැම්බර් 19 දක්වා
නොවැම්බර් 13, 2020

කටයුතු සාර්ථකත්වයට

හදිසි ගනුදෙනුවකට අත ගසමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි.

එහෙත් සහෝදරයෙකුගේ කටයුතු හේතුවෙන් සිත් නොහොඳවීමක් සිදුකරයි. ගේ දොර ඉදිකිරීමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. විශේෂ උත්සව අවස්ථාවක් මඟ හැරී යන සතියකි. වරින්වර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ආගමික සහන පතන කාලයකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වාහන ගමන් පරෙස්සමෙන්

වගකීම් බහුල කරමින් ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවන බවක් පෙනේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා ඇති කරන සතියකි. සතිය මැද කාලයේ දී සැකය නිසා මතුවන ආරවුලක් දුරදිග යාමට ඉඩ ඇත. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට පාඩු සිදුවන බවක් පෙනේ. ඔබ අධ්‍යාපන කටයුතුවල නියුතු වූවෙකු නම් නිතර උදාසීන ගතිපැවැතුම් ඇති කරයි. සති අන්තයේ දී මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වියයුතු කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

ආහාර විෂවීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා පවුලේ සතුට සමාදානයට කරුණු සැලසෙන කාලයකි. එමෙන්ම හදිසි මුදල් ලාබයකට ද හිමිකම් ඇති කරයි. පවුලේ ඥාතියෙකු සමඟ බහින් බස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

දරුවෙකුගේ ඉදිරි අනාගතය පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා මඟ හැරී යයි. හදිසියේ ඉඩම් ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේ දී හට ගන්නා ආහාර විෂවීමක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසෙන කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.