මැයි 17 සිට 23 දක්වා සතිය ඔබේ ලග්නයට...

මැයි 17, 2024

 

මේෂ

නැති වූ දෙයක් නැවත ලැබෙයි

බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දේපළ පිළිබඳ ප්‍රශ්න ඇති වුවත් ඒවා සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු නවීකරණය කරගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කාලයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමෙන් පැවැති නිදහස සීමා වී යන බවක් පෙනේ.

රැකියාව

අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් පසුවන්න. එමෙන්ම මෙතෙක් කරගෙන ගිය රැකියාවක දියුණුවක් දැකිය හැකිය. ව්‍යාපාර ලාබ හිමිකරන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විවිධ බාධා පැන නැඟෙන කාලයකි. තරග විභාගාදියෙන් සිතූ තරම් ජයග්‍රහණ අත් නොකරයි. එහෙත් විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීරයේ උෂ්ණාධික ගතිය හේතුවෙන් ඇතිවන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා පිරිසුදුව සිටීමෙන්, උෂ්ණාධික ආහාර නොගැනීමෙන් පවතින චර්මගත ආබාධයන් මඟහරවා ගත හැකි වේ.

අය 08 වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

ජනපි‍්‍රයත්වයට පත්වේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා තම නිදහස සීමාවන කාලයකි. සමාජයේ ජනපි‍්‍රයත්වයට හේතු සැලසෙන සතියකි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනියි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. විසිතුරු බඩු අලෙවිය වැනි රැකියා කටයුතුවලින් වාසි අත්කරයි.

අධ්‍යාපනය

අවිවේකී වුවත් අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි. කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වය ගැනීමට කටයුතු සැලසේ.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති වෙහෙසකාරී බව මඟ හැරී යයි. එහෙත් චර්මගත ආබාධයකින් පීඩා අත්කරන බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය වෙනුවෙන් අමතර මුදල් වැයවීම් වැඩි කරයි.

අය 07 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මිථුන

හදිසි දේපළ හිමිකම්

සිතුම් පැතුම්වලට තරමක බාධාකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් පසුගාමීත්වයක් ඇතිකළ කටයුතු කීපයක් සාර්ථක ලෙස කරගෙන යෑමට හැකිවෙයි. අසල්වාසීන් සමඟ සුහදවීමට කටයුතු ඇති කරයි. හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු යෙදෙනු ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පවතින උනන්දුව වැඩි කරන සතියකි. මෙතෙක් නොවිසදුණු ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වන සතියකි.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක අධ්‍යාපන කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. අලුත් පොත්පත් මිල දී ගැනීමකට ද කටයුතු උදා කරයි. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙයි.

 

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

කටක

ගනුදෙනු වාසි

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

යම් යම් කරදර බාධා ඇතිවුවත් කිසිවකුගෙන් උපකාරයක් නොමැතිව ඒවායින් නිදහස සලසා ගනී. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වන කාලයකි. අඹුසැමියන් අතර විවිධ ගැටලු පැන නැඟිය හැකි බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

වෙළෙඳ ව්‍යාපාර, පතල් කර්මාන්තයෙන් යම් යම් වාසි ලබන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතුවලින් යම් ප්‍රසිද්ධියක් ඇති කරයි.

අධ්‍යාපනය

ගණිත අංශයේ කටයුතුවලින් යම් දක්ෂතාවක් දක්වන බවක් පෙනේ. ධාරණ ශක්තිය යහපත් වන අතර දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරන කාලයකි.

සෞඛ්‍යය

ගර්භාෂගත රෝග, උදරගත ආබාධ ඔළුවේ සෙම් අමාරු ආදියෙන් පීඩාගෙන දෙන කාලයකි. වරින් වර හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

විවාහ බලාපොරොත්තුවක් ඉටුකරයි

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3,4 යන භාවයන් මතින් ගමන්කරයි.

ගෘහ ජීවිතය

අමතර ගමන් බිමන් බහුල කාලයකි. සහෝදරාදීන්ගෙන් උදවු උපකාර හිමිකරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට යහපත් ය. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු විනෝදයෙන් මෙන්ම සැහැල්ලුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. හදිසි ව්‍යාපාර කටයුත්තක් ආරම්භයට කටයුතු සැලසෙන සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී බව මඟහැරී යයි. ගුරුභවතුන්ගේ ප්‍රසාදය මෙන්ම උපකාරද හිමිකරන කාලයකි. කලා අංශයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි.

සෞඛ්‍යය

නින්ද යාම අඩුවීම, පීනස ආදී සෙම් රෝග, හිසේ පපුවේ ආබාධවලට ඉඩ ඇති කාලයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය මෙන්ම ආහාර පාන ගැන සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කන්‍යා

සමාජ සේවා කටයුතුවල නිරතවෙයි

දියුණුව සම්බන්ධ බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ආගමික අංශයේ කටයුතු පිළිබඳ වැඩි නැඹුරුතාවයක් දක්වයි. නිතර සමාජ සේවා වැඩකටයුතුවල නිරතවන කාලයකි. අනාථ අසරණ අයට පිහිටවීමට වැඩි කැමැත්තක් දක්වයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ බාධා පැන නැඟෙන කාලයකි. ස්ථාන මාරුවක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. එහෙත් අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ග යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසේ. නව සොයාගැනීම්වලට යොමුවන කාලයකි. අධ්‍යාපන ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධාකාරී බවක් පැන නැඟේ. ගර්භාෂගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලටද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

තුලා

වාහන ලාබයක්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සැපත සතුට වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන සතියකි. වෙනදාට වඩා අමතර වෙහෙසීම් වැඩි කරයි. මවු පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිවන සතියකි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අමතර වගකීම් වැඩි කරයි. උත්සාහය හා උනන්දුව මත අලුත් ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය වැඩි කරන සතියකි. විවිධ බාධා පැන නැඟුණත් උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. නිදන්ගත රෝග, වාත අමාරු ආදිය ඉස්මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අය 08 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

වෘශ්චික

දුර ගමන් යෙදේ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් තමාට වාසි සහගත බවක් පෙන්නුම් කරයි. සහජ දක්ෂතා ඉස්මතුවන කාලයකි. ආගම දහමට ළැදිව කටයුතු කරන අතර ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන බවක් පෙනේ. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

රැකියාව

රැකියා කීපයක් හෝ ව්‍යාපාරයක් වැනි ආදායම් මාර්ගයක නිරතවීමට අවස්ථාව ලැබෙන සතියකි. රැකියාවේ තනතුරු, අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

තරමක කරදර බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක වේ. කථික තරගවලින් කණ්ඩායම් වැඩසටහන්වලින් ජය හිමිකරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමකට සැලසුමක් ඇති කර ගනී.

සෞඛ්‍යය

වරින් වර උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. වරින් වර ශරීර සෞඛ්‍යයට බාධාගෙන දෙන කාලයකි. ව්‍යායාම් කටයුතුවල නිරතවීම ශරීර සෞඛ්‍යයට යහපත් කරයි.

අය 07 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

ධනු

පිනට දහමට යොමු වෙයි

අලංකාරයට විනෝදයට කැමැති කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර පක්ෂය සමඟ සුහදතාවයෙන් කටයුතු සිදුකරන කාලයකි. වැඩ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යෑමට වෙහෙසක් දරන සතියකි. බාහිර අලංකාරයට කැමැති බවක් පෙන්නුම් කරයි. නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන අතර පිනට දහමට ළැදි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට කරුණු සිදු කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුරබැහැර ප්‍රදේශයකට හෝ විදෙස්ගත වීමකට සැලසුමක් ඇති කර ගනී.

අධ්‍යාපනය

තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. මෙතෙක් පසුගාමිත්වයක් දක්වූ පාඩම් වැඩකටයුතු උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විවිධ ජයග්‍රහණවලට හේතු ඇති කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය තත්ත්වය යම් තරමකින් යහපත් වන බවක් පෙන්නුම් කරයි. පැවති උදරගත ආබාධයක් මඟහැරී යයි. එහෙත් අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර

ප්‍රමාද වූ කටයුතු යළි ඇරැඹේ

දුරදිග බලා කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල කරයි. පවුලේ අය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවක් පෙනේ. එමෙන්ම අසාධාරණයට එරෙහිව කටයුතු කරන කාලයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසේ.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. එමෙන්ම ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් හිමිකරයි. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට වැඩි කැමැත්තක් දක්වන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට පැවති බාධා කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සුළු සුළු සීරීම් තැළීම් ආදිය සිදුවිය හැකි කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

හවුල් ව්‍යාපාර සාර්ථක වෙයි

සැනසිලිදායක ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු සිදුකරන කාලයකි. නාඳුනන පිරිසක් අතර වුවත් ඉතා සුහදශීලිව කටයුතු කරයි. සමාජයේ කැපී පෙනීමට, ප්‍රසිද්ධියට කරුණු යෙදේ. බාහිර අලංකාරයට පිරිසුදුකමට කැමැති නමුත් චාම් දිවියක් ගත කරයි.

රැකියාව

හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක කරන බවක් පෙනේ. සමහර විට රජයේ රැකියා ලාභ ද පෙන්නුම් කරයි. ගෘහ කර්මාන්ත ආශි‍්‍රත සුළු සුළු රැකියා කරගෙන යන කාලයකි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය බලවත් කාලයකි. සුළු දේවල් පවා මතකයේ රඳවා ගැනීමට ශක්තිය ලැබේ. සාහිත්‍ය කලා අංශයට බරවේ. උසස් අධ්‍යාපන කටයුතුවලදී කල්පනාකාරී විය යුතු කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීරයේ සුළු සුළු කැපුම් කෙටුම් තුවාල සිදුවිය හැකිය. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ කාලයකි.

 

අය 05 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

 

මීන

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස් කර ගන්නා කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කරගෙන යන කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ. දරුවකු නිසා සිතට සතුටක් ඇති කරයි. අනාථ අසරණ අයට උදවු කිරීමට පෙලඹෙන කාලයකි. පරම්පරාගත දේපළක් හිමිකරයි.

රැකියාව

රැකියාවේ දියුණුවක් දැකිය හැකි බවක් පෙන්නුම් කරයි. තනතුරු ලාභ හිමිකම් ඇති කාලයකි. විදෙස් රැකියාවකට ද අයදුම් කරන බවක් පෙනේ. සුළු සුළු රැකියා කටයුතුවලින් වාසි අත්කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වයි. අමතර දැනුම ලබා ගැනීමේ මාර්ගවල නියැළෙන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර ඇති කරන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එහෙත් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද යොමු වීමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.