ජූනි 28 සිට ජූලි 04 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජුනි 28, 2024

 

මේෂ

අහඹු ජයග්‍රහණයක්

අමතර ලැබීම් හිමි වුවත් වැයපස අධික කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

යොදාගත් වැඩ කටයුතු කීපයක් ප්‍රමාද කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ආත්ම ගෞරවයට හානි සිදුවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. පදිංචියෙහි වෙනසක් සිදු කරන කාලයකි. බලාපොරොත්තු නොවු ජයග්‍රහණයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රාජ්‍ය අංශයේ රැකියා හිමිකම් ඇති කාලයකි. තමන් කරන රැකියාවට අමතර තවත් රැකියාවක් කිරීමට කටයුතු උදා කරයි. රැකියාවෙන් උසස් තත්ත්වයක් ලැබීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

ඉගෙනීමට දක්ෂතාවයක් ඇතත් තරමක බාධා ඇතිවිය හැකියි. කලා අංශවලට පි‍්‍රයකරන කාලයක් වන අතර ඒවායින් විවිධ ජයග්‍රහණ ද හිමි කරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට ද සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද භාජනය වීමට ඉඩ ඇති බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 07 වැය 08

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

තනතුරු ලාබ

වගකීමෙන් කටයුතු කරගෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන සතියකි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය කටයුතු කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය සමඟ පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. දේපළ ගැටලුවක් නිරවුල්කර ගැනීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන සතියකි. අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට යහපත් කාලයක් වන අතර තරගකාරි කටයුතුවලින් ජයග්‍රහණ හිමිවන බවක් ද පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතුවලට යහපත් කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන උදරාබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

අලුත් හිතවත්කම්

අමතර ලැබීම් සහිත කාලයක් වන අත මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි. නිතර අසරණ අයට පිහිටවීමට කැමැත්තක් දක්වයි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. ගේ දොර අලුත්වැඩියාවක් සිදු විය හැකි කාලයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ.

රැකියාව

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. එමෙන්ම සුළු සුළු ස්වයං රැකියාවල ද නිරතවන කාලයකි.

අධ්‍යාපනය

ධාරන ශක්තිය බලවත්වන කාලයකි. සියුම් දේවල් පවා මතකයේ පවතී. පොතපත කියවීමට වැඩි කැමැත්තක් දක්වයි. සෞන්දර්යාත්ම කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන බවක් පෙනේ. සුළු සුළු අසනීපවලට පවා ඉක්මන් ප්‍රතිකාර ලබා ගනී. හදිසි වැටීම් තැලීම් සිරීම් වැනි සුළු අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

උරුම හිමිකම් වාසි

වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමුත්තෙකුගේ පැමිණීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි ණය ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. විවාහයෙන් හෝ උරුම හිමිකම්වලින් ධනය හිමිවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා මඟහැරී යයි. තනතුරු ලැබීම් අතින් යහපත් කාලයකි. උගත්කමට සරිලන රැකියා ලාභ හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර බැහැර ප්‍රදේශයකට යෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන කාලයකි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කරයි. ගණිත අංශයෙන්, තාක්ෂණික අංශයෙන් ඉගෙනීම් කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් වන්න. සෙම් අමාරු, කනේ අමාරු ආදියෙන් පීඩා ඇති කරන බවක් පෙනේ. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත්ය.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

සිංහ

අලුත් ව්‍යාපාරයක් අරඹයි

අවිවේකී ලෙස සතිය උදාකරන අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරරයි.

ගෘහ ජීවිතය

උරුම හිමිකම් පිළිබඳ ගැටලුකාරි බවක් ඇති කරයි. ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරන කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. කලාවට සම්බන්ධ රැකියා කටයුතු නියැළෙන කාලයකි.

අධ්‍යාපනය

නිතර පොත්පත් කියවීමට දැඩි කැමැත්තක් දක්වයි. නිතර කලාකාමී කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි. විදේශ අධ්‍යාපනයක් සම්බන්ධ කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ජලයට කැමැති වුවත් ජලය සම්බන්ධ කටයුතුවලින් විවිධ පීඩා ඇති කරයි. නිතර ඇතිවන උදර ගත ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ. හදිසි ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

කන්‍යා

රට නෑයකුගේ උපකාරයක්

වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. අසරණ අයකුට ඇප උපස්ථාන කිරීමට හැකිවෙයි. විදෙස් ඥාාති උපකාරයක් හිමි කරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක්වන බවක් පෙන්නුම් කරයි. ස්වයං රැකියාවකින් අමතර ලාභ හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. මෙතෙක් පසුගාමී බවක් දැක්වූ විෂයයක් කීපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි ද වැඩි කැමැත්තක් දක්වයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

තුලා

ඉදිරි සැලසුමක් සාර්ථකයි

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන අතර මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වීමට ඉඩ ඇත. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

ශාරීරික වෙහෙස ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගෙන කටයුතු කරන බවක් පෙනේ. නැටුම්, චිත්‍ර ආදි සෞන්දර්යාත්මක කටයුතුවලට යොමුවන කාලයකි.

සෞඛ්‍ය

උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා ගෙන දෙන කාලයකි. නිතර කෑම බීම ගැනීමේදී සැලකිලිමත්වන්න. රුධිරගත සීනි මට්ටම ඉහළ යන බවක් පෙන්වයි.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘශ්චික

ගනුදෙනු වාසියක්

අවිවේකී ලෙස දවස උදාකරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දියුණුව සම්බන්ධ කටයුතුවලට බලවත් උත්සාහයක් දරන කාලයකි. වෙනදාට වඩා අමතර ලැබීම් සහිත කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිකරන කාලයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ ස්ථාන වෙනසකට හේතු ඇති කරයි. රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණපාන බවක් පෙනේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා කටයුතුවල නියැළෙන කාලයකි.

අධ්‍යාපනය

ගණිත අංශයේ කටයුතුවලට නැඹුරුතාවයක් දක්වන සතියකි. එමෙන්ම අලුත් දේ ඉගෙනීමද කැමැත්තක් දක්වන බවක් පෙනේ. ඉගෙනීමට දක්ෂතා දක්වන කාලයකි.

සෞඛ්‍යය

හිස ආශි‍්‍රත ඇතිවන රෝගාබාධයකින් පීඩා අත්කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද මුහුණදීමට සිදුවන බවක් පෙනේ. අධිරුධිර පීඩනය කොලෙස්ටරෝල් ආදි රෝග පිළිබඳ සැලකිලිමත්වන්න.

අය 08 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු

සහෝදර බැඳීම් තරවෙයි

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම්වලට හේතු ඇතිකරන බවක් පෙනේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වන සතියකි.

රැකියාව

අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර රැකියාවේ කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් පසුගාමී බවක් ඇති කරගත් අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යන සතියකි. නිතර ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

පැවැති චර්ම ආබාධයකින් සුවය හිමිකරයි. එහෙත් වරින්වර ඇතිකරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

මකර

රූපාලංකාරය ගැන වෙහෙසෙයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අත මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා මතුකරයි. අඹුසැමි සහයෝගයට බාධාවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

හවුල් ව්‍යාපරයක් නිසා නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. සේවක පක්ෂය සමඟ මත ගැටුමක් ඇතිවීමට ඉඩ ඇත. එහෙත් ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

උදාසීන බව හේතුවෙන් පාඩම් වැඩකටයුතු කීපයක් අතපසු කරගන්නා සතියකි. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ස්නායුගත ආබාධ සෙම් රෝග වැනි අසනීප තත්ත්ව හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පැතීම යහපත් වන බවක් පෙනේ. හදිසි කැපීම් කෙටීම් වැනි සුළු තුවාල සිදුවිය හැකි කාලයකි.

අය 05 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

කුම්භ

ණයකින් නිදහස්

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස ඇති වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන කාලයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි කාලයකි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ.

සෞඛ්‍යය

සෙම් රෝග, උගුරආශි‍්‍රත ආබාධවලින් පීඩා ඇතිකරන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත්වන සතියකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

මීන

විශ්වාසවන්තයකුගේ හමුවීමක්

බාහිර අලංකාරයට මෙන්ම විනෝදයට පි‍්‍රයතාවයක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන කාලයකි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. විශ්වාසවන්ත අයකුගේ හමුවීමක් මඟපෑදෙයි. ඥාතීන් අතර පි‍්‍රයතාවයට පත්වන සතියකි. උරුම හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟ හැරී යයි. ආයාතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි.

අධ්‍යාපනය

මතක ශක්තිය වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සාහිත්‍ය හා කලා අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව උදාකරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යයට බාධා මතුකරයි. හදිස්සියේ මතුවන පපුුව සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි . හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.