ජූලි 12 සිට ජූලි 18 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජූලි 12, 2024

 

මේෂ

හදිසි දේපළ ලැබීමක්

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර වියදම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වගකීම් බහුල සතියකි. ගත සිත වෙහෙසා කරන කටයුතු අධිකවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

අලුත් රැකියා ලාබ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට වාසිදායකයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි.

අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපන සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙසීම් බහුල කරයි. අක්ෂි ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට සිදු වන කාලයකි.

අය 07 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ

විදෙස් ගතවීමකට සැරසෙයි

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරකට සිත යොමුවන කාලයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. පියපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. විදෙස් රැකියාවකට හෝ ප්‍රදේශයෙන් පිට ප්‍රදේශයක රැකියාවක් සඳහා යොමුවීමට ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. ධාරණ ශක්ති වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. එමෙන්ම ප්‍රමාද වූ අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍යය පිළිබද විමසිලිමත් විය යුතු බවක් පෙනේ. වරින්වර ඇති කරන චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පැවැති පාදයේ ආබාධයක් සුව අතට හැරෙන ලකුණුූ පෙන්නුම් කරයි.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

මිථුන

ව්‍යාපාරයකට මුලපුරයි

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා දුරගමන් යෙදෙන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. සුළු සුළු ලාබ ලැබෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපනය

සෞන්දර්යාත්ම කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතර ඒවායින් විශේෂ ජයග්‍රහණ හිමිකරන බවක් ද පෙන්නුම් කරයි. එමෙන්ම අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. එමෙන්ම කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වරින්වර ඇති කරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ද ප්‍රතිකාර පතන බවක් පෙනේ.

අය 06 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක

යෝජනා ස්ථිරවීමක් සාර්ථකයි

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස දවස ගෙවී යන අතර මේ සතියේ සදු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා අලංකායෙන් සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට වාසි කීපයක් අත් කරයි. එමෙන්ම අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබද අවබෝධයෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතුවල නියැළෙන කාලයකි. විවිධ බාධා මත අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ තරග විභාගයකින් ජයග්‍රහණ අත්කරන සතියකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇතිකරන උදරගත ආබාධයකින් පිඩාකාරි බවක් අත් කරයි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

ගේ දොර හැඩ කරයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සදු ග්‍රහයා මේ සතියේ 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. ගේ දොර ඇලුත්වැඩියාවක් සම්බන්ධ කටයුත්තක් ආරම්භ කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. එමෙන්ම දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලද නියැළෙන කාලයකි. අවිවේකී කාලයක් වුවත් රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි අධ්‍යාපන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

වඩා ශරීර සෞඛ්‍යය පිළිබද සැලකිලිමත්වන්න. වරින්වර හටගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

කන්‍යා

අධ්‍යාපනික ජයග්‍රහණ

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. නිතර දරුවකුගේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන කාලයකි. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදු වෙයි. එමෙන්ම වෙළෙද ව්‍යාපාර කටයුතුවලින් හදිසි ලාබ හිමි කරන කාලයකි. තනතුරු මාරු හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබද අවධානයෙන් පසුවන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. විශේෂ අධ්‍යාපන ජයග්‍රහණයකට හේතු ඇති කරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟ හැරී යයි. හදිසි අක්ෂි පරීක්ෂාවකට ලක්වීමට සිදුවන සතියකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

තුලා

තනතුරු ලාභ

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. ගෘහ ජීවිතයේ පැවැති අවහිර බාධා කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. ළඟම හිතවතකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහන්වල මූලිකත්වයක් ගන්නා කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන උගුර හෝ වකුගඩු ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

වෘශ්චික

ප්‍රධානීන්ගෙන් පැසසුම්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරමින් ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි දේපළ මිලදී ගැනීමක් පිළිබඳ කටයුතු සැලසෙන සතියකි. සුළු සුළු ගමන් යෙදුණත් ඒවායින් සිතූ තරම් වාසි අත් නොවන බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයකට කරුණු ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. රැකියාවේ වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයකි. තාක්ෂණික අංශයේ රැකියා අවස්ථාවලට ඉඩකඩ සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අය කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. පාඩම් වැඩකටයුතු කීපයක් මඟහැරී යාමට ඉඩ ඇත. ධාරන ශක්තිය උනන්දුව අඩුවී යන කාලයකි.

සෞඛ්‍යය

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. එහෙත් ජලය සම්බන්ධ කටයුතුවලින් මෙන්ම සීතල ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කරයි. සුළු සුළු වැටීම් සීරීම්වලට ඉඩ ඇති කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

ධනු

ස්වයං රැකියා වාසි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය කෙරෙහි වෙනදාට වඩා සැලකිල්ලකින් කටයුතු සිදුකරයි. එහෙත් සුළු සුළු සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. රෝගී වූ පවුලේ ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාවක් සැලසේ. වෙනදාට වඩා වියදම් බහුල කරන සතියකි.

රැකියාව

රැකියා ස්ථානයේ ඇතිවන සුළු සුළු මතභේද කීපයක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට දුරදිග බලා කටයුතු කිරීම යහපත් කරයි. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන වැඩ කටයුතුවල ආශාවක් දක්වයි. පොත පත කියවීමට මෙන්ම සාහිත්‍ය කටයුතුවල වැඩි කාලයක් වැය කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වේ.

සෞඛ්‍යය

නින්දයාම අඩුවීම, පීනස වැනි රෝගාබාධයන් හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ.

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබදවස - සිකුරාදා

මකර

දරුවන්ගෙන් සතුට

මෙතෙක් පැවැති වෙහෙසකාරි බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි දේපළ ගනුදෙනුවකින් වාසි අත් කරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. දරුවකු පිළිබද සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ පැවැති අර්බුදකාරි බවක් මඟහැරී යන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබද තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන බවක් ද පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට විවිධ බාධා පැන නැගෙන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර ඇතිකරන ශාරීරික අප්‍රානික ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

අය 06 වැය 05

ජයඅංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

කුම්භ

රැකියාවේ වරප්‍රසාද

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල වන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. අමතර වියදම් බහුල වන කාලයකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. තනතුරු වරප්‍රසාද හිමිකම් ඇති කාලයකි. සේවක පක්ෂයේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට මඟසැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ අධ්‍යාපන චාරිකාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර හට ගන්නා අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීම ගැන සැලකිලිමත්වන්න. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු අනතුරුවලට ද භාජනය වීමට සිදුවන සතියකි.

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

මීන

දුර ගමන් යෙදෙයි

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. එමෙන්ම දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. මවට හෝ මවුපස ඥාතියකුට උපකාරයක් කිරීම අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබද පැවැති අවිවෙකී බව මඟහැරී යයි. එසේම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුකරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් ලාභ අත්කරන කාලයකි. එහෙත් රැකියාවේ කටයුතු පිළිබද තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති නොසන්සුන්කාරි බව මඟහැරී යයි. අලුත් පොත්පත් මිලදි ගැනීමකට අවස්ථාව උදා කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස ඇති කරයි. උදරගත ආබාධයක්, මූත්‍රා ආමරුවක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා ඖෂධ භාවිතයේදි සැලකිලිමත්වන්න. යටපත් වූ සෙම් අමාරුවක් ද නැවත මතුවිය හැකි කාලයකි.

 

අය 07 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.