අගෝස්තු 16 සිට 22 දක්වා සතිය ඔබේ ලග්නයට...

අගෝස්තු 16, 2024

මේෂ

රැකියා වගකීම් බහුල වෙයි

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවෙයි. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුතුවලින් අමතර ලාභ හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට අමතර වියදමක් දරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇතිකරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

වෘෂභ

දුරගමනකට සූදානමක්

හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා කාලයකි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවලක් වෙනස් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සුළු සුළු ස්වංරැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. අධික වෙහෙස මහන්සියක් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් අති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. අමතර පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

අතේ පයේ ඇතිවන හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන මෙන්ම, ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 05 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන

සහෝදර බැඳීම් වැඩි කරයි

උත්සහවන්තව කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සහෝදර බැඳීම් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. පවුලේ කෙනකු පිළිබඳ සිත්කලකිරීමක් ඇති කරන සතියකි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. උත්සාහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගැනීමට සිදුවේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. යටිබඩ වකුගඩු ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

කටක

හිතවත්කම් අලුත් කරයි

පවුලේ අය අතර කැපී පෙනීමට කරුණු ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සතුට සැනසීමට කරුණු ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. ප්‍රමාද වී ගන්නා තීරණයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙකු එක්වන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ රැකියා කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට යහපත් කාලයකි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරයි. හදිසි අධ්‍යාපනික චාරිකාවකට සහභාගී වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධාගෙන දෙන සතියකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 08 වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

අලුත් රැකියා ලාභ

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සතුට සමාදානයට කරුණු ඇතිකරන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. ගුරුවර දෙමාපියන්ට ළැදි කාලයකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අතදීමට කරුණු සැලසෙයි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි. සේවක පක්ෂය සමඟ කටයුතු කිරීමේ දී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවේයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන අතර අලුත් පොත්පත් මිලදී ගැනීමකටද අවස්ථාව උදා කරයි. තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, හිස ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත්ය. අමතර ආහාර වර්ග ගැනීමේ දී සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

කන්‍යා

සමාජයේ කැපී පෙනේ

මෙතෙක් මඟහැරී තිබූ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන කටයුතු කීපයක් යෙදේ. ඉඩකඩම් දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන තැන කැපී පෙනෙන කාලයකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර කටයුතු ආරම්භයට යහපත් කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන කාලයකි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පපුව පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

තුලා

නව සැලසුමකට අත ගසයි

උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා යෙදෙන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලට අලුත් සාමාජිකයෙකු එක්වන බවක් පෙනේ. අලුත් සැලසුමකට අත ගසන කාලයකි. පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ග හිමි වුවත් ඒවාට අවහිරතා මතුකරන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන සිදුකරන රැකියාවකට ද ඉඩකඩ ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැගෙන කාලයකි. එහෙත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. පොත පත කියවීමට දැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත්ය.

 

අය 05 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

වෘශ්චික

ගනුදෙනු වාසියක්

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිකරන බවක් පෙනේ. වැඩිහිටියකු සමඟ සිත් අමනාපයක් ඇති කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වාහන ගනුදෙනුවකින් වාසි අත්කරයි. විරුද්ධවාදියකු නිසා කරදර ඇති කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත් කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට ද ඉඩකඩ ඇත.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම සාහිත්‍ය කථික තරගාවලින් ජයග්‍රහණ අත් කරයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා කාලයකි.

සෞඛ්‍යය

සෙම් ගෙඩි වැනි උගුර සම්බන්ධ ආබාධයකින් පීඩා අත්කරන කාලයකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් මෙන්ම ජලාශි‍්‍රත කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කාලයකි.

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

ධනු

පවුලේ සමගිය වැඩේ

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

දියුණුව සම්බන්ධ කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අසරණ අයකුට උදව් උපකාර කිරීමට අවස්ථාව සැලසේ. දරුවන් මෙන්ම පවුලේ අය සමඟ සමීප සබඳතාවයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සාහිත්‍ය හා කලා අංශයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සේවක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ධාරණ ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ඇති කරයි. ගණිත අංශයේ කටයුතුවලින් උසස් අධ්‍යාපනයට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. සෙම් දෝෂයක් හෝ හිසේ ආබාධයකින් පීඩා විඳින කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

මකර

මව වෙනුවෙන් කැපවේ

අවිවේකී වුවත් සැලසුම් කිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3, යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ඥාතීන් අතර සුහදතාවයට කරුණු සැලසෙයි. දේපළ පිළිබඳ ගැටලුවක් මතුවීමෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ ජනපි‍්‍රයත්වයට හේතු ඇති කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කරුණු සැලසේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. සංගීත කලා අංශයේ කටයුතු ප්‍රගුණ කරගැනීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශාරීරික අප්‍රාණික ගති බහුල කරයි. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ව්‍යායාම්කටයුතුවලින් නිසි ආහාර ගැනීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.

අය 06 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

කුම්භ

ආගම දහමට යොමුවේ

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමාවෙත පැවරෙන කාලයකි. දුර බැහැර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරගන්නා බවක් පෙනේ. ආගම දහමට භක්තිය, විශ්වාස ඇති කරයි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවට අමතර ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු උදෙසා දුර බැහැර ප්‍රදේශයකට යෑමට සිදුවේ. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලින් විවිධ දක්ෂතා මතු කරයි. එමෙන්ම තරග විභාගයකින් ජයග්‍රහණ අත්කරන බවක්ද පෙන්නුම් කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම පාදයේ ආබාධයක් හේතුවෙන්ද ප්‍රතිකාර පතන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

මීන

ප්‍රභූ ඇසුරක්

සැලසුම්සහගත කටයුතු කිපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එදිනෙදා කටයුතු වෙහෙස මහන්සි වී සිදුකරන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කිපයක් යෙදීමට ඉඩ ඇත. දරුවකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් සිතේ කනස්සල්ල ඇති කරයි. ප්‍රභූ ඇසුරකට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් විශේෂ වාසි හිමිවන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විවිධ අවහිරතා මතුකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට වැඩි පි‍්‍රයතාවයක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිවේ. එමෙන්ම වරින්වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇස් ආශි‍්‍රත රෝගී තත්ත්වයක් ද ඇතිවීමට ඉඩ ඇති කාලයකි.

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - රතු

සුබ දවස - බදාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.