ජූලි 05 සිට ජූලි 11 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජූලි 5, 2024

 

මේෂ

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරන කාලයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන බවක් පෙන්නුම් කරයි. උපන් ප්‍රදේශයෙන් පිට වාසයට කරුණු ඇති කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ඉහළට යාමට අවස්ථාව උදා කරයි. එමෙන්ම අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා කටයුතුවල නියැළෙන කාලයකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි.

සෞඛ්‍යය

සෙම් අමාරු උගුරේ අමාරු වැනි අසනීප ගති වරින් වර මතුවීමට ඉඩ ඇත. එමෙන්ම නින්දට බාධාවන අන්දමේ අසනීප තත්ත්වයකින් පීඩා අත් කරයි.

අය 06 වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

සතුරු කරදරයකින් නිදහස්

පැවැති උදාසීන ගති මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. සහකරු සහකාරිය අතර ඇතිව තිබූ මතභේදකාරී බවක් මඟහැරී යයි. නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. සතිය මැද කාලයේ දී පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. ආහාරපාන හෝටල් කර්මාන්තය ආදී රැකියාවල නියැළීමට ඉඩ ඇති බවක් පෙනේ. රැකියාවේ වගකීම් කීපයක් තමාවෙත පැවරීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වැඩි දියුණුවන කටයුතුවලට කැමැත්තක් දක්වන බවක් පෙනේ. නිතර පොත පත කියවීමට ආශාවක් දක්වයි. විදෙස්ගත අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

යටපත් වූ අසනීපයක් නැවත මතු කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීමේ දී සැලකිලිමත් වන්න. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ඇති කරන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

මිථුන

විශ්වාසවන්ත බැඳීමක්

ශාස්තී‍්‍රය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවෙයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. අමතර ලැබීම් සහිත කාලයකි.

රැකියාව

විදේශ රැකියාවක් කෙරෙහි සැලසුමක් ඇතිකර ගනී. රැකියාවේ කටයුතු සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන අතර මෙතෙක් අතපසුව පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

අධ්‍යාපනය

මෙතෙක් ගැටලුකාරී ලෙස කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක ලෙස කර ගැනීමට හැකිවන කාලයකි. අලුත් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දරන බවක් පෙනේ. සාහිත්‍ය කලා අංශය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.

සෞඛ්‍යය

නින්ද නොයාම අඩුවීම, ඇඟේ පතේ වේදනාව වැනි ශාරීරික අපහසුතා මතු කරයි. හදිසි අජීර්ණ ආබාධයක් මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

අමතර ලැබීම්

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් හිමි වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වගකීම් බහුල සතියකි. වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ප්‍රේම සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන කාලයකි.

රැකියාව

සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

අධ්‍යාපනය

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. එමෙන්ම අලුත් පොත් පත් මිලදී ගැනීමකටද කටයුතු සැලසෙන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උගුර ආශි‍්‍රත ආබාධ, පෙනහලු ආබාධවලට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

සිංහ

වගකීම් බහුල වේ

පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරන සතියකි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විවාහ ගිවිස ගැනීමකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගති මඟහැරී යන සතියකි. තරග විභාගයකට සම්බන්ධවීමෙන් උසස් ජයග්‍රහණ හිමි කරයි. අමතර දැනුම සොයන මාර්ගවලට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරයි. චර්මගත ආබාධයකින් පීඩා අත් කරන කාලයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

කන්‍යා

ඥාති උපකාරයක්

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂාවේ සිටින අයට සුබදායක කාලයකි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල වන සතියකි. ස්ථාන වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ලිපි ලේඛන ගැටලුවක්ම මුහුණදීමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවිමට අවස්ථාව උදා කරයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමි කරයි. පොත්පත් කියවීමට ආශාවක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

නිතර නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. සෙම් රෝගයකින් ද පීඩා විඳීමට සිදුවේ.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

තුලා

සුහදබව වැඩෙයි

විශ්වාසවන්ත බැඳීමකට කරුණු සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම බාහිර අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. තම මතයටම කටයුතු සිදු කරයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙන්නුම් කරයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන කාලයකි.

රැකියාව

බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ගයකට ඉඩකඩ ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරයකට ද සම්බන්ධවිමට අවස්ථාව උදා කරයි. සේවක පක්ෂයේ ප්‍රසාදයට පත්වන සතියකි.

අධ්‍යාපනය

තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට කටයුතු උදා කරයි. විශේෂයෙන් කලා අංශයේ කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. බෝ නොවන රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

තනතුරු වාසි

උත්සාහවන්තව කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනේ. එහෙත් අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරයි. කලබල වී තීරණ ගැනීම තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට වැඩි පි‍්‍රයතාවයක් දක්වන බවක් පෙනේ. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට දැඩි පි‍්‍රයතාවයක් දක්වයි. කණ්ඩායම් වැඩසටහන්වලදී නායකත්වයක් ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ හට ගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

ධනු

උසස් අය ඇසුරට

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

බාහිර අලංකාරයට කැපී පෙනීමට කැමැති කාලයකි. සමාජයේ උසස් තත්ත්වයක් ඇති අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. පෙම් සබඳතාවයකට මවුපිය ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් දේ මිලයට ගැනීමට අවස්ථාව උදා කරයි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට කටයුතු උදා කරයි. එමෙන්ම රැකියාවේ වගකීම් බහුලවන බවක් ද පෙන්නුම් කරයි. රෙදිපිලි කර්මාන්තයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

පොතට පතට වැඩි ආශාවක් දක්වන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන අතර සහජ දක්ෂතා ඉස්මතුවන කාලයක් බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

නින්ද යාම අඩුවීම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ.

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මකර

දියුණුවට විශේෂ පියවර

යම් යම් අපහසුතා කීපයක් පැන නැගෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. ගුප්ත කටයුතුවලට ඇල්මක් දක්වන කාලයක් වන අතර ඒවායින් පල ප්‍රයෝජන ලබා ගන්නා බවක්ද පෙනේ. රහස් රැකීමට දක්ෂය.

රැකියාව

සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලට යොමුවන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුකරන ආදායම් මාර්ග හිමි කරයි. රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ පාඨමාලාවකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

වරින් වර මතුවන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කුම්භ

දේපළ හිමිකමක්

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ අවහිරතා මතුකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණුවන කාලයකි. පැරැණි දේවල් හොඳින් මතකයේ තබා ගැනීමට හැකිවන බවක් පෙනේ. සාහිත්‍ය හා කලා අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. තුවාල සීරීම් වැනි සුළු සුළු අනතුරුවලට භාජනය විය හැකි කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

මීන

විනෝදයට බර සතියක්

ගතට සිතට සැනසිල්ල උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. අන් අය සමඟ සුහදව කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගසන කාලයකි. සුළු සුළු ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවහිරතා මඟ හැරෙන අතර, තනතුරු වෙනසක්ද සිදු කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල සම්බන්ධ වූ අයගේ බලාපොරොත්තු ඉටු කරයි. මෙතෙක් මඟහැරී තිබූ විෂය කරුණු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා කරයි. අමතර දේ ඉගනීමට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍යය

ශාරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය ගැන සැලකිලිමත් විය යුතු සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.