ජූනි 14 සිට 20 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජුනි 14, 2024

මේෂ

තනිකඩ අයට මංගල සීනු

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු පත් වේ. අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර අඹුසැමි සුහදතාවයට කරුණු ඇති කරයි. දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ව්‍යාපාර කටයුත්තකින් නොසිතූ අලාභයක් සිදුවීමටද ඉඩ ඇත.

අධ්‍යාපනය

විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ගණිත අංශයේ කටයුතුවලින් හදිසි ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ කල්පනාකාරි විය යුතු සතියකි. වරින්වර ඇතිවන ක්ලාන්තගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත්වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ

ඥාති බැඳීම් වැඩි කරයි

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. හදිසි මුදල් වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. නිතර ප්‍රධානීන් සමඟ ගැටලුකාරි බවක් ඇති කර ගනී. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ ලාභ හිමිකරන කාලයකි. නිතර අතමිට ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරන කාලයකි. තරග විභාගයකට සූදානම් වන කාලයකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

උෂ්ණාධික රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම ආහාර නොදිරවීමේ ආබාධයකින් ද පීඩා විඳීමට සිදු වේ. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

මිථුන

අලුත් දේ මිලදී ගනී

උත්සාහවන්තව කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම් ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. පවුලේ කෙනකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරන සතියකි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇත. උත්සාහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගැනීමට සිදු වෙයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. යටිබඩ වකුගඩු ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

කටක

අධ්‍යාපන ජයග්‍රහණ

පවුලේ අය අතර කැපී පෙනීමට කරුණු ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සතුට සැනසීමට කරුණු ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. ප්‍රමාද වූ තීරණයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. මෙතෙක් අමතරමඟ නවතා දමා තිබූ රැකියා කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට යහපත් කාලයකි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ බලාපොරොත්තු ඇති කරයි. හදිසි අධ්‍යාපන ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට යම් යම් බාධාගෙන දෙන සතියකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටද සිදුවන බවක් පෙනේ.

අය 08 වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

හදිසි මුදල් වාසි

වැඩි වගකීම් ප්‍රමාණයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලබලකාරි ලෙස කටයුතු කීපයක් කරගෙන යන බවක් පෙනේ. නිතර අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න.

රැකියාව

හදිසි ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අත්කම් නිර්මාණ වැනි ස්වයංරැකියා කටයුතුවලට යොමුවන කාලයකි. එමෙන්ම සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සැලසේ.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය අධ්‍යාපන කටයුතු නව මුහුණුවරකින් කරගෙන යන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගෙන කටයුතු සිදුකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට සහභාගි වන සතියකි.

අය 04 වැය 02

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

කන්‍යා

ස්වයංරැකියා

වාසි

හදිසි කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු නිසි පිළිවෙළකට කර ගැනීමට වෙහෙසෙක් දරන කාලයකි. එහෙත් හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමා අපහසුතාවයකට පත්වන බවක් පෙනේ. අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු උදා කරයි. දුරදිග බලා කටයුතු කළයුතු කාලයකි.

රැකියාව

ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ විවේකය අඩුවන කාලයකි. එහෙත් ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපන

උසස් අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන කාලයකි. මෙතෙක් අතපසු වෙමින් පැවැති පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ පාඩම් මාලාවකට සම්බන්ධවීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

හදිස්සියේ ඇතිවන ලේ විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න.

අය 08 වැය 06

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

තුලා

උනන්දුව වැඩිවන කාලයක්

විශේෂ සැලසුමක අතගැසීමට කටයුතු උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12, 1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදු කරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට කරුණු උදා කරයි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි අත්කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. එමෙන්ම ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි උදාකරන කාලයකි.

අධ්‍යාපනය

නිතර පොතපත කියවීමට උනන්දුවක් දක්වන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසෙන බවක් පෙනේ. සාහිත්‍යමය කටයුතුවලින් තමාට ජයග්‍රහණ අත්කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇතිවන තුනටිය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

වෘශ්චික

සහජ දක්ෂතා මතුවෙයි

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලබලකාරි ගතිපැවැතුම් තමාට පාඩු කීපයක් සිදු කරයි. නිතර පවුලේ අය සමඟ මතගැටුම් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අවිවේකී ලෙස සතිය ගෙවී යන අතර නියමිත වේලාවට කෑම බීම ගැනීමට පවා නොහැකිවන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක කාලයකි. තනතුරු වෙනසක් හෝ රැකියා ස්ථානයේ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. රැකියා කටයුතුවලට අමතර ලැබීම් හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. සහජ දක්ෂතා හේතුවෙන් ප්‍රශංසා හිමි කරයි.

සෞඛ්‍යය

උගුරේ අමාරු, සෙම් දෝෂ, දත්වල අමාරු ඇතිවිය හැකි කාලයකි. ජලාශි‍්‍රත කටයුතු වලින් පරිස්සම් විය යුතු වන අතර හදිසි ප්‍රතිකාර ගැනීමට ද සිදුවන බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස – සඳුදා

ධනු

පිනට දහමට යොමු කෙරේ

හදිස්සි කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා වෙත පැවරේ. සහෝදරයකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. පැරැණි දේවල් සම්ප්‍රදායික දේවල්වලට කැමැත්තක් දක්වන බවක් පෙනේ. නිතර පිනට දහමට ළැදි කාලයකි.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රාජ්‍ය අංශයේ රැකියා ලැබීමට ද හේතු ඇතිකරයි. එමෙන්ම හවුල් ව්‍යාපාරයකට ද සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධා පැන නැඟෙන කාලයකි. එහෙත් පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ගණිත අංශයේ කටයුතුවලින් සහජ දක්ෂතා දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

නිතර නිතර ඇතිවන උරහිස සම්බන්ධ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි. රුධිරගත සීනි මටටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ඇවිදීම ව්‍යායාම් කටයුතුවල නිරතවීම ද යහපත්වන සතියකි.

 

අය 07 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

විවාහ ගැටලුවකින් නිදහස්

 

ප්‍රසිද්ධියට කැමැති කාලයක් වන අතර, ඒ සම්බන්ධ විවිධ කටයුතුවලට සම්බන්ධවන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතුවලට උදව් උපකාර කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. හදිස්සියේ යෙදෙන දුර ගමනක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විවාහය සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් ලබා ගනී. එමෙන්ම රැකියාවේ වැඩකටයුතු කීපයක් තමාට පැවැරීමට ඉඩ ඇත. සුළු සුළු ස්වයංරැකියා කටයුතුවල නිරතවන කාලයකි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය, ඥාන ශක්තිය, බලවත් නිසා ඉගෙනීමට ආශාවක් දක්වයි. එමෙන්ම පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. තරග විභාගයකින් උසස් ජයග්‍රහණ හිමිකරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

කුම්භ

භෝජන සංග්‍රහයක්

අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වගකීම් බහුල සතියකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු සැලසේ. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට මඟ සැළසේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් වන කාලයකි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුව ඉටු කරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උනන්දුවක් දක්වන සතියකි. ප්‍රමාද වූ පොත්පත් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. එහෙත් සුළු සුළු වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

අය 08 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

මීන

රැකියා අපේක්ෂා ඉටු වේ

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතවල නිරත වන කාලයකි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු යම් තරමකින් ඉටුවන බවක් පෙන්නුම් කරයි. අමතර මුදල් ලාබ හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ස්වයංරැකියා කටයුතුවලින් ද වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් සාර්ථක කරන බවක් පෙනේ. එමෙන්ම අතපසු වූ පාඩම් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. නිතර ඇතිවන ක්ලාන්තගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩනය ආදී අසනීප පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.