මැයි 24 සිට 30 දක්වා සතිය ඔබේ ලග්නයට...

මැයි 24, 2024

 

මේෂ

විශ්වාසවන්ත  ඇසුරක්

ගතට සිතට සැනසිල්ල උදා කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහය හා උනන්දුව මත කරන කියන කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. ගුප්ත කටයුතුවලට නැඹුරුතාවක් දක්වන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරන සතියකි. හදිසි වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වගකීමකින් නිදහස සැලසේ. ආහාරපාන, බේත් හේත් කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වැඩි වෙහෙස මහන්සියක් නැති රැකියාවලට රුචිකත්වයක් දක්වන සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමට යම් යම් දක්ෂතාවන් මතු කරන කාලයකි. එහෙත් උසස් අධ්‍යාපනයට යම් යම් බාධා මතු විය හැකිය. දැනුම, බුද්ධිය, මෙහෙයවා කරන කටයුතුවලට සම්බන්ධවීමට සිදු වෙයි.

සෞඛ්‍ය

සෙම් දෝෂ, උගුර ආශි‍්‍රත ආබාධ බහුල කාලයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

වෘෂභ

මවුපාර්ශ්වයෙන් උරුම හිමිකම්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතුª පිළිබඳ යම් යම් වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ. මවට ළැදි කාලයක් වන අතර මවුපාර්ශ්වයෙන් උරුම හිමිකම් ලැබිය හැකිය. මෙතෙක් පැවැති සතුරු කරදරයකින් නිදහස උදාකරයි.

රැකියාව

උත්සාහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙස කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරවලට සම්බන්ධ රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

කලා අංශයේ කටයුතුවලට පි‍්‍රයකරන කාලයකි. ඉගෙනීමට දක්ෂකමක් ඇතත් විවිධ බාධා එල්ලවිය හැකිය. ගුප්ත ශාස්ත්‍රය හැදෑරීමට නැඹුරුතාවක් දක්වන සතියකි. විවිධ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය

ලේ කෝපවීම්, සෙම් රෝග, තුනටිය සම්බන්ධ ආබාධ වරින්වර මතුවිය හැකි කාලයකි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල කරන කාලයක් බවද පෙන්නුම් කරයි.

අය 07 වැය 03

ජය අංකය – 01

ජයවර්ණය – සුදු

සුබ දවස – බදාදා

 

මිථුන

හදිසි දේපළ ගනුදෙනුවක්

බාහිර අලංකාරයට, විනෝදයට පි‍්‍රයකරන කාලයක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ ද සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. හැමවිටම සාධාරණත්වයට ගරු කරන බවක් පෙනේ. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. පවුලේ අය අතර සුළු සුළු මතභේද ඇතිවුවත් ඒවා එතරම් දුරට කල් නොපවතී.

රැකියාව

රැකියා ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියා කටයුතු කරගෙන යන බවක් පෙනේ. රැකියාවේ තනතුරු හිමිවීමේ භාග්‍යක් පවතින සතියකි.

අධ්‍යාපනය

දුරබැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට සිදුවන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් හේතුවෙන් වෙහෙසෙන දිනයකි.

සෞඛ්‍ය

ඇස්වල හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත ආබාධයක් ඉස්මතු විය හැකි කාලයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ.

 

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

කටක

බුද්ධිය වර්ධනය වේ

ඥාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සිතේ චංචල ගතියකින් කටයුතු සිදු කරයි. පි‍්‍රයමනාප පුද්ගලයන්ගේ ඇසුරට කටයුතු උදා කරයි. එමෙන්ම අසරණ අයට උදව් උපකාර කිරීමට ද අවස්ථාව සැලසෙයි. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියකි. අමතර ලැබීම් සහිත සතියකි.

රැකියාව

රැකියාවේ කටයුත පිළිබඳ දුර දිග සිතා බැලිය යුතු කාලයකි. තනතුරු වෙනසක් මෙන්ම ස්ථානයේ වෙනසක්ද සිදු විය හැකි බවක් පෙනේ. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට දැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම පොතපත කියවීමට ආශාවක් දක්වන බවක් පෙනේ. ගණිත අංශයෙන් තාක්ෂණික අංශයෙන් ඉගෙනීමේ කටයුතුවලට වැඩි දක්ෂතා දක්වන කාලයකි.

සෞඛ්‍ය

ක්‍රීඩාවලින්, ව්‍යායාම්වලින් මෙන්ම නිසි ආහාරපාන ගැනීමෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනී. වෙනදාට වඩා ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත්වන්න.

 

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

සිංහ

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ක්ෂණික තීරණ ගැනීමෙන් නොසිතූ පාඩු මෙන්ම ගැටලු කීපයකට මුහුණපායි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. ආදායම් මාර්ග, ධනය, ස්ථිර තත්ත්වයක පවත්වා ගැනීමට උත්සාහයක් දරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතුවලට යම් යම් බලපෑම් ගැටලු මතුවිය හැකි කාලයකි. නිතර උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි අත්කරගන්නා කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දැනුම, බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරන බවක් පෙනේ.

සෞඛ්‍ය

සෙම් දෝෂ, උගුර ආශි‍්‍රත ආබාධ වරින්වර මතුවිය හැකි කාලයකි. සුළු සුළු වැටීම් සිරීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදු විය හැකි කාලයකි.

අය 06 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරදා

 

කන්‍යා

ණයක් පියවා ගනී

විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ගමන් බිමන් බහුල කාලයකි. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර හිමි කරයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවල නිරත වන කාලයකි.

රැකියාව

ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ස්වයං රැකියා කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන කාලයකි. ඉගෙනීමට දක්ෂ වුවත් වරින්වර බාධාකාරි කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. අමතර භාෂාවන් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍ය

පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. සැනසිලිදායක බව අඩුකරන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. වෙනදාට වඩා ආහාරපාන පාවිච්චියෙන් සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

තුලා

හදිසි ගනුදෙනුවක්

පවුලේ අය අතර සුහදතාවට හේතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට අතගැසීමට කටයුතු උදා කරයි. පැවැති පවුලේ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. මවුපාර්ශ්වයේ ඥාතියකුගේ උපකාරයක් හිමි කරයි. ඇවිදිලි වැඩිකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න. ස්ථාන මාරුවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට කටයුතු උදාකරන සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන සතියකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන කාලයකි.

සෞඛ්‍ය

ගර්භාෂ ගත රෝග උදරාබාධ, ඔළුවේ අමාරු ආදිය ඇතිවිය හැකි කාලයකි. එමෙන්ම වරින්වර රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

වෘශ්චික

හදිසි වාහන ගනුදෙනුවක්

 

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අඹුසැමි විශ්වාසයට බාධාගෙන දෙන කාලයකි. හදිසි වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ උදව් උපකාර සැලසෙන සතියකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අලුත් පොත්පත් මිලදි ගැනීමකට අමතර මුදලක් වැය කිරීමට සිදු වේ. විභාග ජයග්‍රහණ හිමි කරන කාලයකි.

සෞඛ්‍ය

උදර ගත ආබාධ, කොන්ද ආශි‍්‍රත ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා සතියකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය – 02

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු

පවුලේ සුහදතාවය වැඩෙයි

පැවැති නොසන්සුන්කාරි බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි

ගෘහ ජීවිතය

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු උදාකරන සතියකි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ විවාහ ගිවිස ගැනීමකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි. එහෙත් වගකීම් බහුල සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට කටයුතු සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියකි. තරග විභාගයකට සම්බන්ධ වීමෙන් උසස් ජයග්‍රහණ හිමිකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන සතියකි.

සෞඛ්‍ය

ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරයි. චර්මගත ආබාධයකින් පීඩා අත්කරන කාලයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

මකර

අමතර ලැබීම් හිමිකරයි

වෙනදාට වඩා ගත සිත වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර අසමඟිතාවලට හේතු සැලසිය හැකි කාලයකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. අමතර මුදල් ලැබීමේ මාර්ග යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟහැරී යයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයකි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය

සෙම් රෝග පෙණහලු ආශි‍්‍රත ආබාධ ආදිය මතුවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලාශි‍්‍රත කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කුම්භ

ස්වයං රැකියාවලින් වාසි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවන සතියකි. එමෙන්ම ප්‍රමාදවූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි. උත්සාහය, උනන්දුව මත සිදුකරන කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. රැකියාව

ඉක්මන් කලබලකාරි ගතිපැවතුම් රැකියා කටයුතුවලට බාධාකාරි බවක් ඇති කරයි. රැකියාවේ වැඩකටයුතු අධිකවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ වාසි කීපයක් අත්වේ.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසීම් ඇති කරයි. අලුත් පාඨමාලා කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. තම කුසලතා ඉස්මතු විය හැකි කාලයක් වන අතර කථික තරගවලින් ජය හිමිවේ.

සෞඛ්‍ය

නිතර වෙහෙසකාරි කටයුතු කීපයක් හේතුවෙන් ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. වරින්වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

අය 05 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – ඉරිදා

 

මීන

හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වේ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භවන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදු වන සතියකි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වේ. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙනේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන සතියකි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණුවන සතියකි. සාහිත්‍යයට, කලා අංශයට ලැදිව කටයුතු කරයි. කථික තරගවලින් ජය හිමිවන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකරගන්නා බවක් පෙනේ.

සෞඛ්‍ය

වරින්වර ශරීර සෞඛ්‍යයට බාධා මතු කරන සතියකි. බෝනොවන රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි.

 

අය 05 වැය 03

ජය අංකය – 09

ජය වර්ණය – රතු

සුබ දවස – බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.