අගෝස්තු 30 සිට සැප්තැම්බර් 05 දක්වා සතිය ඔබේ ලග්නයට...

අගෝස්තු 30, 2024

 

මේෂ

විදෙස් උපකාරයක්

හදිසි කටයුතු කීපයකට සැලසුමක් ඇති කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බලන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි වීමට ඉඩ ඇත. අන්සතු ලැබීමකට හිමිකම් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. අලුත් ව්‍යාපාරයකට අතගැසීමට කටයුතු උදාකරයි. එමෙන්ම සුළු සුළු ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ද ඇත.

අධ්‍යාපනය

වෙනදාට වඩා අධ්‍යාපනික කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීරය සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. පාරම්පරික රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

 

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

වෘෂභ

මංගල සීනු හැඬ වේ

නන්දුවෙන්, උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරයි. අලුත් සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. පවුලේ කෙනෙකුගේ වගකීමක් තමා පිට පැවරේ.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි. අතරමඟ නවතා දමා තිබූ ස්වයංරැකියා කටයුත්තක් නැවත ආරම්භ කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නවදැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය බහුල කරයි. ඇගේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

මිථුන

ව්‍යාපාරවලින් වාසි

පවුලේ ගැටලුකාරි බවක් විසඳා ගැනීමට අවස්ථාව උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. නිතර පවුලට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික කටයුත්තකට සූදානමක් ඇතිකර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ස්වයංරැකියා කටයුතුවලින් අමතර වාසි සැලසේ. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුකරයි.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස් කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

හදිසි වැටීම් තැලීම් සීරීම් වැනි සුළු සුළු අනතුරුදායක තත්ත්වයකට මුහුණපායි. ලේ විෂවීමක් හෝ චර්මාබාධයකට ඉඩකඩ ඇති සතියකි.

අය 05 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක

නව දැනුම සොයා යයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන සතියක් වන අතර , මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැරැණි හිතවත්කමක් අලුත්වන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් සකස් කර ගනී. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. අලුත් රැකියා අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් සිදුකරයි. වරින්වර සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

සිංහ

ව්‍යාපාර ඇරැඹීමට සුබයි

නීති කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,

12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ගමන් බිමන් බහුල කරන බවක් පෙනේ. හදිසි ලැබීම් සහිත කාලයකි. පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන සතියකි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ විමසිලිමත් වන්න. ආගම දහමට ළැදිව කටයුතු කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු ඉතා සැහැල්ලුවෙන් කරගෙන යන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු ආරම්භයට යහපත් කාලයකි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය වැඩි දියුණු කරයි. නිතර පොතපත කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකි කාලයකි.

සෞඛ්‍යය

වකුගඩු, පෙණහැල්ල ආශි‍්‍රත ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර නිතර ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

කන්‍යා

අනුන්ගෙන් උදව් ලැබේ

සිතේ නොසන්සුන්කාරි ලෙස සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11, 12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වැඩිහිටියකු නිසා නොසිතූ කරදර කීපයකට මුහුණපෑමට සිදුවන සතියකි. ප්‍රසිද්ධියට පත්වන කාලයක් වන අතර අන්‍යයන්ගේ උදවු උපකාරද හිමිකරයි. ස්ත්‍රී පක්ෂය හා ළැදිව කටයුතු සිදුකරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවීම් සිදුවීමට ඉඩ ඇත. විදේශ රැකියා බලාපොරොත්තුවන්නන් හට සුබදායකයි. හදිසි මුදල් ලාභ හිමිකරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

 

අධ්‍යාපනය

ඉගෙනීමට පැවැති බාධා මගහැරී යයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. ධෛර්යවන්තව උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

පපුව ආශි‍්‍රත සෙම් රෝග, උදරගත රෝගද ඇතිවිය හැකි බවත් පෙනේ. සුළු සුළු ශල්‍යකර්මවලට ද භාජනයවීමට ඉඩ ඇත.

 

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - අඟහරුවාදා

තුලා

යහපත් ස්ථාන මාරු

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අලංකාරව සිටිමට කැමැත්තක් දක්වන කාලයකි. බාහිර වියදම් වැඩිකරන කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා සමාජීය කටයුතුවල නිරතවන බවක් පෙනේ. පින් දහම් කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරයි. ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයකි.

රැකියාව

රැකියා කටයුතුවල වෙනස්කම් හා ස්ථාන මාරුවීම් සිදු වුවත් ඒවා යහපත් වන බවක් පෙනේ. රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරයි. එහෙත් අලුත් රැකියා බලාපොරොත්තු වන්නන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ අඩිතාලමක් යෙදෙනු ඇත. එමෙන්ම සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නැත. ස්නායුගත ආබාධ, ඇස් රෝග ආදියට ඉඩකඩ ඇති බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - රතු

සුබ දවස - සඳුදා

වෘශ්චික

පරම්පරාගත දේපළ හිමිකම්

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර දියුණුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. පරම්පරාගත දේපළක් හිමිවිය හැකි කාලයක් බව පෙනේ. නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු සාර්ථක කරන කාලයකි. එහෙත් රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නන්ට යහපත්ය. අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව තිබේ. අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. තුනටිය ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳීමට සිදුවේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත්වන්න.

අය 05 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධනු

දරුවකුගේ ගැටලුවකින් නිදහස්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ප්‍රමාද වී හෝ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතී. පදිංචි ස්ථානය සම්බන්ධ පැවැති ගැටලුවකින් නිදහස අත්කරයි. නිතර ප්‍රභූ පුද්ගලයන් හා ඇසුරට කටයුතු උදාකරයි. දරුවකු සම්බන්ධ පැවැති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත අමතර ලැබීම් සහිත ආදායම් මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. උසස් අධ්‍යාපනය සඳහා අඩිතාලමක් යෙදෙනු ඇත. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම ඇති කරයි.

සෞඛ්‍යය

පීනස ස්නායුගත ආබාධ වරින්වර මතුවිය හැකි බවක් පෙනේ. හදිසියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන කාලයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් වන්න.

 

අය 07 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

ඉගෙනීමට යහපත්

අලස බවකින් තොරව වැඩකටයුතු කරගෙන යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කරන කියන කටයුතුවලින් වාසනාව උදාකරන බවක් පෙනේ. පැරැණි හිතවත්කම් අලුත් කරන කාලයකි. පවුලේ අයගේ උදවු උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි.

රැකියාව

රැකියාවේ ස්ථාන මාරුවීම් හෝ තනතුරු වෙනසක් සිදුවිය හැකිය. අමතර ලැබීම් හිමිකරන නව ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු උදාකරයි. ඇවිදීම් සහිත රැකියා කටයුතුවලට ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙන ගන්නා අයට යහපත් කාලයකි. අධ්‍යාපනයේ ඉදිරියට යාමට හැකියාව ලැබේ. උසස් අධ්‍යාපනය සඳහා අඩිතාලමක් යොදනු ඇත.

සෞඛ්‍යය

හදිසි අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. වාත රෝග සමේ රෝග ආදියෙන් පීඩා අත්කරන බවක් පෙන්නුම් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදු වේ.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කුම්භ

අලුත් හිතවතුන් හමු වේ

අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන සතියකි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. හදිසි ගමන් බිමන් යෙදෙන කාලයකි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටු කරන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

හවුල් ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ලාභයක් හිමිකරයි. එමෙන්ම රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි බවක් පෙන්නුම් කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උත්සාහයෙන් කටයුතු කළහොත් අධ්‍යාපන කටයුතු දියුණු කරගත හැකිවේ. ගණිත අංශයේ කටයුතුවලින් ඉදිරියට යා හැකි කාලයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ.

සෞඛ්‍යය

අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා කාලයකි. මූත්‍රා, වකුගඩු ආශි‍්‍රත රෝගපීඩා මතුවිය හැකියි. හදිසි රුධිර පරීක්ෂාවකට ලක්වන සතියකි.

 

 

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

 

මීන

 

විශ්වාසවන්ත බැඳීමකට මුලපුරයි

 

 

 

සතුටුදායක ලෙස ඉදිරි කටයුතු කරගෙන යෑමට හැකිවන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදාකරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. දෑතේ මහන්සියෙන් සිදුකරන රැකියා කටයුතුවලට යහපත් කාලයකි. තනතුරු වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් ඉදිරියට යාහැකි බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි අවධානය යොමු කළ යුතු සතියකි.

 

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.