ජූලි 19 සිට ජූලි 25 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජූලි 19, 2024

 

මේෂ

හදිසි ගනුදෙනුවක්

අමතර වියදම් බහුල කරමින් ආරම්භ වන මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 9, 10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතු අලුත්වැඩියාවක් සම්බන්ධ වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරයි. කල්ගත වූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු උදා කරයි. හදිසි ජයග්‍රහණවලට හේතු ඇති සතියකි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් ද වාසි සැලසෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා පැන නැඟෙන කාලයකි. නිතර නිතර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

වෘෂභ

ප්‍රසිද්ධියට පත්වෙයි

 

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගෘහජීවිතය කටයුතු පිළිබඳ යම් යම් වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ. මවට ළැදි කාලයක් වන අතර මවු පාර්ශ්වයෙන් උරුමහිමිකම් ලැබිය හැකිය. මෙතෙක් පැවැති සතුරු කරදරයකින් නිදහස උදා කරයි.

රැකියාව

උත්සහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර ලාබ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

කලා අංශයේ කටයුතුවලට පි‍්‍රය කරන කාලයකි. ඉගෙනිමට දක්ෂකමක් ඇතත් විවිධ බාධා එල්ලවිය හැකිය. ගුප්ත ශාස්ත්‍රය හැදෑරීමට නැඹුරුතාවයක් දක්වන සතියකි. අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ලේ දෝෂ, සෙම් රෝග, තුනටිය සම්බන්ධ ආබාධ වරින් වර මතුවිය හැකි කාලයකි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල කරන කාලයක් බවද පෙන්නුම් කරයි.

අය 06 වැය 03

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

මිථුන

රැකියාවේ අලුත් වගකීම්

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ අය සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියකි. නිතර සමාජ සේවා කටයුතු වෙනුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවෙයි. අමතර වියදම් බහුල කරන සතියකි. සැලසුම් කීපයක් ප්‍රමාද වන ලකුණු යෙදේ.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උනන්දුවක් දක්වන බවක් පෙනේ. අලුත් වගකීම් පැවරෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ අධ්‍යාපන කටයුතුවලින් විවිධ සහතික සම්මාන මෙන්ම ප්‍රසිද්ධියක්ද හිමි කරයි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන යටිබඩ සම්බන්ධ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිර ගත සීනි මට්ටම මෙන්ම අධි රුධිර පීඩනය කෙරෙහිද සැලකිලිමත් විය යුතු කාලයකි.

අය 05 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

කටක

දුර බැහැර ගමනක්

ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් සිදුවෙයි. මවගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. දුරබැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්න බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනදාට වඩා සතුටුදායක අන්දමින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් රැකියා ලාභ පෙන්නුම් කරන කාලයකි. හදිසි තනතුරු ලාභයකටද ඉඩකඩ හිමි වේ.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරන බවක් පෙනේ. තරග විභාගවලට සම්බන්ධවීමෙන් සහතික සම්මාන පවා හිමි කරයි. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. හදිසි වැටීම් තැලීම් ආදියට ඉඩකඩ ඇති සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද සම්බන්ධවීමට සිදුවෙයි.

අය 07 වැය 06,

ජය අංකය - 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - සිකුරාදා

 

සිංහ

අමතර ලැබීම්

ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. දුර ඥාතියකු තමා සොයාගෙන ඒමට හැකිය.

රැකියාව

රැකියාවේ කටයුතු සිතේ සැහැල්ලුවකින් කරගෙන යයි. අමතර වාසි සැලසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ව්‍යාපාර කටයුතු, ස්වයං රැකියා කටයුතුවලින් අතමිට සරු කරයි.

අධ්‍යාපනය

ධාරණ ශක්තිය වැඩිදියුණුවන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. ගණිත අංශයෙන් හෝ තාක්ෂණික අංශයෙන් ඉදිරි අධ්‍යාපන කටයුතුවල නියැළීම යහපත් වේ.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සුළු සුළු කැපීම් සීරීම් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අය 06 වැය 03,

ජය අංකය - 09,

ජය වර්ණය - කොළ,

සුබ දවස - බදාදා

 

කන්‍යා

ඥාති උපකාරයක්

පවුලේ කෙනකු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු සැලසෙමින් ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 4, 5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. දුර ඥාතියකු තමාගේ උපකාර පතා පැමිණෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ එකතුවී කටයුතු කිරීමට සිදුවේ. පැරැණි හිතවත්කමක් අලුත් කරන කාලයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවේ. මෙතෙක් ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුවේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයටද සුබදායකයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට වෙනදාට වඩා ආශාව දක්වයි. අතපසු වූ පාඩම් වැඩ කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. ගුරුවර වැඩිහිටියන්ගෙන් උපදෙස් පතන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ චර්මගත ආබාධයක් නැවත මතුවිය හැකියි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවෙයි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.

අය 06 වැය 05,

ජය අංකය - 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

බාධා මඟහැරේ

සැනසිලිදායක ලෙස ආරම්භ කරන මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගෘහජීවිතයේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. විනෝදයට බරව කටයුතු සිදුකරයි. හදිසි ගමනක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. ලැබීම් අතින් යහපත් සතියකි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ චංචලකාරී බවක් ඇති කරයි. වෙහෙස මහන්සිය ගෙනදෙන රැකියා කටයුත්තකට අත ගසයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට යොමු කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ යම් යම් වෙනස්කම් කීපයක් සිදු කරයි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ දස්කම් පෙන්වන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ආහාර අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන සතියකි.

අය 08 වැය 05,

ජය අංකය - 09,

ජය වර්ණය - දම්,

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

සැලසුමක් සාර්ථකයි

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අවිවේකී බවක් ඇති වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන කාල සීමාවකි. ඉඩකඩම් දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන සතියක් වන අතර, මවුපාර්ශවයෙන් වාසි සැලසෙන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

ආර්ථික අතින් උසස් තත්ත්වයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. හදිසි තනතුරු ලාභයකටද හිමිකම් ඇති බවක් පෙනේ. රැකියා ස්ථිරවීමක් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි.

අධ්‍යාපනය

පොත් පත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපනයක් සඳහා දුර පළාතකට යාමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහි ද සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

අය 05 වැය 04,

ජය අංකය - 06,

ජය වර්ණය - රතු,

සුබ දවස - ඉරිදා

 

 

ධනු

දෙගුරුන්ගේ ප්‍රශංසා

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

මෙතෙක් කරගෙන ගිය කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. ගේ දොර කටයුතු පිළිවෙලකට තබාගැනීමට වෙහෙසෙන බවක් පෙනේ. සුළු සුළු සිත් රිදවීම් ඇතිවිය හැකි කාලයකි. විදෙස් ඥාතියකුගේ පැමිණීම බලාපොරොත්තු විය හැක.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරයි. වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම රැකියාවේ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

අමතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. කණ්ඩායම් වැඩ සටහනක නායකත්වයක් දැරීමට අවස්ථාව උදා කරයි. නිතර ගුරු දෙගුරුන්ගේ ප්‍රශංසා හිමි කරන කාලයකි.

සෞඛ්‍යය

පැවැති සෙම් අමාරුවකින් සුවය හිමි කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. සුළු සුළු කැපීම්, සීරීම් වැනි තුවාල සිදුවිය හැකිය.

 

අය 07 වැය 04,

ජය අංකය 07,

ජය වර්ණය - කොළ,

සුබ දවස - ඉරිදා

 

 

මකර

සමාජයේ කැපී පෙනේ

 

වෙනදාට වඩා ගතසිත වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. අමතර මුදල් ලැබීමේ මාර්ග යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මඟ හැරී යයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයකි. ස්වයං රැකියා කටයුතුවල නියැළී සිටින අයට වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

සෙම් රෝග, පෙනහලු ආශි‍්‍රත ආබාධ ආදිය මතුවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලාශි‍්‍රත කටයුතුවලින් පරිස්සම්විය යුතු ය.

 

අය 07 වැය 03,

ජය අංකය - 04,

ජය වර්ණය - දම්,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

කුම්භ

නීති ගැටලුවකින් නිදහස්

 

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේදොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට කටයුතු සැලසේ. නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදාවේ.

රැකියාව

රැකියාවේ වගකීම් බහුල කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක වේ. අණදෙන ක්ෂේත්‍රයේ හෝ පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතුවල වෙනසක් සිදුවීමට ඉඩ ඇත. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දරන කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. වෙනදාට වඩා ජලයෙන් මෙන්ම සීතල ආහාර පාන ගැනීමෙන් වැළැකී සිටිය යුතු බවක් පෙනේ. උදරගත ආබාධයකින්ද පීඩා විඳින සතියකි.

 

අය 07 වැය 05,

ජය අංකය - 04,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

 

මීන

පිනට දහමට යොමු වේ

නිතර පින්දහම් කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන කාලයක් වන අතර මේ සතියේ මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. හැමවිටම සාධාරණත්වයට ගරු කරන බවක් පෙනේ. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. පවුලේ අය අතර සුළු සුළු මතභේද ඇති වුවත් ඒවා එතරම් කල් නොපවතී.

රැකියාව

රැකියා ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන කාලයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියා කටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේ. රැකියාවේ තනතරු හිමිවීමේ භාග්‍යයක් පවතින සතියකි.

අධ්‍යාපනය

දුර බැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට සිදුවන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් හේතුවෙන් වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

ඇස්වල, හිසේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරා ගත රෝගාබාධයක් ඉස්මතුවිය හැකි කාලයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ.

 

අය 08 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - කොළ,

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.