අගෝස්තු 02 සිට 08 දක්වා සතිය ඔබේ ලග්නයට...

අගෝස්තු 2, 2024

 

මේෂ

තනතුරු  වාසි

වගකීමකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගෘහජීවිතයේ කටයුතුවලින් වෙහෙසකාරී බවක් ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයකි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලින් අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන සතියකි. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතුවලට ආශාවක් උනන්දුවක් දක්වයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස් කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

වරින් වර හටගන්නා අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. සුවය ලැබී පැවැති කොන්දේ ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත.

අය 07 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

වෘෂභ

උසස් අධ්‍යාපනයට යොමුවේ

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙනේ. අන්සතු ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට වෙහෙස දරන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් වන අතර සමාජයේ පිළිගැනීමට ලක්වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ප්‍රශංසා හිමිකරන කාලයකි. එමෙන්ම තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියා ස්ථානයේ වගකීම් කීපයක් තමා වෙත පැවැරීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

පොත පත කියවීමට ආශාවක් දක්වන කාලයකි. එමෙන්ම ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා මතු කරයි. වෛද්‍ය විද්‍යාව වැනි උසස් ඉගෙනීමේ කටයුතුවලට ද සම්බන්ධ වීමට මඟ සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන කාලයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත් කරයි. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ කාලයකි.

අය 06 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

මිථුන

අලුත් දේ උගනී

අමතර වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වන සතියකි. එමෙන්ම ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරන කාලයකි.

රැකියාව

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ රැකියා මාරර්ර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. ස්වයං රැකියා කටයුතුවලින් ද අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් ඉටුකරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගණිත අංශයෙන් හෝ තාක්ෂණික අංශයෙන් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හදිසි කැපුම් සීරීම් වැනි සුළු සුළු තුවාල සිදු විය හැකිය. උදරගත ආබාධයකට පීඩා අත් කරන සතියකි. වෙනදාට වඩා ආහාර පාන ගැන සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

කටක

ගෙදර වැඩට උනන්දුයි

අමතර ලැබීම් සහිත සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා ගෘහජීවිතයේ කටයුතු උනන්දුවකින් කරගෙන යන බවක් පෙනේ. ප්‍රමාදවෙමින් පැවැති කටයුත්තක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ආර්ථික අපහසුතා ඇති වුවත් ඒවා මඟහරවා ගැනීමට හේතු ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කාලයකි.

රැකියාව

වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් ඇතිව තිබූ ගැටලුවකින් නිදහස සැලසේ. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලටද ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට පැවැති බාධා කීපයක් මඟ හැරී යයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට පි‍්‍රයතාවයක් දක්වන කාලයකි. සහජ දක්ෂතා ඔප් නංවා ගැනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ රෝග පීඩා ඇති විය හැකි කාලයකි. සෙම් රෝග නිදන්ගත රෝගද හටගැනීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අය 06 වැය 02

ජය අංකය 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

අතමිට මුදල් ගැවසේ

යන එන ගමන්වලදී සැලකිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1, 2 භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. අවිවාහකයන්ට සුබදායකයි. අසරණ අයකුට සරණවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි.

රැකියාව

රැකියාවක් හෝ ඒ අතර ව්‍යාපාරයක් වැනි ආදායම් මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. විසිතුරු භාණ්ඩ අලවිය සම්බන්ධ රැකියා මාර්ගවලටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගනීමට පැවැති බාධා මඟහැරී යයි. අලුත් දේ ඉගනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමත් ඇති කරගන්නා සතියකි. තරග විභාගයකින් ජයග්‍රහණ අත්කරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරයි. ශරීර අභ්‍යන්තරයේ හට ගන්නා අසනීපයක් හේතුවෙන් පීඩා ඇති කරයි. වතුරෙන් අගුණ ගෙන දෙන කාලයකි.

අය 07 වැය 03

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

කන්‍යා

ප්‍රමාදතා මඟ හැරේ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි.

ගෘහජීවිතය

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන කාලයකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනේ. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

රැකියාව

ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර ලැබීම් හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවන කාලයකි.

සෞඛ්‍යය

යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කාලයකි.

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

තුලා

දනට පිනට ළැදිවේ

ගතට සිතට සැනසිල්ල උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා දනට පිනට ළැදි කාලයකි. විටින් විට අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරන කාලයකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් ප්‍රමාද කරන බවක් පෙනේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන් විදෙස් රැකියා අපේක්ෂිතයන්ට විවිධ කරදර බාධාවලට පැටලීමට ඉඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ පපුව සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි කාලයකි. ඇස්වල හට ගන්නා ආබාධයකින් පිඩා අත්කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

වෘශ්චික

විමෝදයෙන් කල් ගතවේ

වගකීම් බහුල කරන සතියක් වන මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අලුත් ව්‍යාපාරයකට අත ගසන කාලයකි. සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලටද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගනීමේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. ඥාන ශක්තිය වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දහම් අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

රුධිරගත සීනි මට්ටම කෙරෙහි අවධානය යොමුකළ යුතු කාලයකි. වරින්වර ඇති කරන ශාරීරික අපහසුතාවයනට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

සමාජයේ කැපී පෙනේ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයත් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

බාහිර අලංකාරයට පිරිසුදුකමට කැමැති කාලයකි. එමෙන්ම කැපී පෙනීමට ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතමිතුරන් ඇසුරට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදෙන කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමට තරමක බාධා යෙදුණත් ඒවා මඟහරවා ගැනීමට හැකිවන සතියකි. විදෙස් අධ්‍යාපන සැලසුමකට මුලපුරන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරයි.

සෞඛ්‍යය

සෙම් ගෙඩි උගුරේ අමාරු නිතර නිතර වැලැඳීමට ඉඩ ඇත. එමෙන්ම පාදයේ හටගන්නා තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

මකර

ස්වයං රැකියා

වාසි

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

කැපී පෙනීමට කීර්තියට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. පැවැති පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරන කාලයකි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. හෝටල් කළමනාකරණය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතුවලින් ද විශේෂ වාසි කීපයක් සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයක් සම්බන්ධවීමට සිදුවෙයි. සාහිත්‍ය කලා අංශයට ළැදි කාලයකි. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා කීපයක් මතුවිය හැකිය. සෙම් අමාරු, කනේ අමාරු ආදිය හටගැනීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර ජලයෙන් පරිස්සම් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

ණයකින් නිදහස්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

රැකියාව

හදිසි රැකියා මාර්ගයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. අතපසු කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසෙක් දැරිය යුතු සතියකි. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට කටයුතු උදා කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට හේතු සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා ඇති කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවිය හැකිය.

සෞඛ්‍යය

පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන බවක් පෙනේ. වරින් වර ඇති කරන ශාරීරික අපහසුතා කීපයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

 

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - සඳුදා

 

 

මීන

හිතවත්කම් අලුත් වෙයි

 

 

උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7, යන භාවයන් මතිනි.

ගෘහජීවිතය

වෙනදාට වඩා තැන තැන ඇවිදිලි ඇති කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවත් කෙනෙකු මුණ ගැසීමට කටයුතු උදා කරයි. සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ස්ථාන වෙනසකට හිමිකම් ඇති බවක් පෙනේ. සේවක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. ස්වයං රැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

පොතට පතට ලැදි කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධවිමට අවස්ථාව උදා කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ කුසලතා දක්වන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. උදරගත ආබාධයකට හෝ පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

 

අය 06 වැය 03

ජය අංකය - 03

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.