අගෝස්තු 09 සිට 15 දක්වා සතිය ඔබේ ලග්නයට...

අගෝස්තු 9, 2024

 

මේෂ

ධාරණ ශක්තිය වැඩි වේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පවුලේ කෙනකු නිසා නීති සහන පැතීමට සිදුවෙයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

ධාරන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරයි. එමෙන්ම සාහිත්‍යාදී අංශවලින් විශේෂ දක්ෂතාවයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. සෙම් දෝෂයක් හෝ ගර්භාෂගත ආබාධයකින් පීඩා අත්කරයි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

 

වෘෂභ

තනතුරු වෙනසක්

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. අමනාප වූ අයකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකීරක්ෂා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවිය හැකි බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන අතර අලුත් ස්වයංරැකියා කටයුත්තකට අත ගසයි. තනතුරු වෙනසක් සිදු විය සතියකි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. ගණිත අංශයේ කටයුතු, තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. උරහිස සම්බන්ධ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. කැපීම් සීරීම් ආදියට මුහුණපෑමට සිදුවන කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවන බවක් පෙනේ.

 

 

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

මිථුන

රැකියාවෙන් අමතර ලාභ

පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. සහෝදර සිත් අමනාප මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ දියුණුව පිළිබඳ වෙහෙසෙන කාලයකි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව සැලසෙන සතියකි.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියාවලින් අමතර වාසි සැලසෙන බවක් පෙනේ. රජයට සම්බන්ධ රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන බවක් පෙනේ. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

සෞඛ්‍යය

වරින් වර ශාරීරික අප්‍රාණික ගති පැවැතුම් ඇති කරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවේ.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - රතු

සුබ දවස - සඳුදා

 

කටක

හොඳ හිත දිනා ගනී

සහෝදර බැඳීම් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3 ,4 ,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති වෙහෙසකාරි බව තරමක් දුරට අඩුවන බවක් පෙන්නුම් කරයි. නැතිවූ දෙයක් නැවත හිමිකරන කාලයකි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගනී. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්නුම් කරයි. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව සැලසෙන සතියකි.

රැකියාව

රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. වෙහෙස මහන්සිය ගෙනදෙන රැකියා කටයුතුවලට අවස්ථාව සැලසේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අධ්‍යාපනය

පොතපතට වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතු සම්බන්ධ විවිධ තරගවිභාගවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

උදරබාධ, සෙම් රෝග බහුල කාලයකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝගාබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න.

අය 06 වැය 02

ජය අංකය 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

අලුත් දේ උගනී

අමතර ගමන්බිමන් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරමක් දුරට විවේකය අඩු කරන සතියකි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි දේපළ ගනුදෙනුවක් සිදු කරන සතියකි.

රැකියාව

අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයකි. එමෙන්ම තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පොත්පත් කියවීමට වැඩි රුචිකත්වයක් දක්වන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙක් දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. යටපත්වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකි කාලයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවන සතියකි.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

භෝජන සංග්‍රහයක්

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ භෝජන සංග්‍රහයකට කරුණු සැලසෙන සතියකි. එමෙන්ම හදිසි ලැබීම් ගෙන දෙන කටයුතු කීපයකයට සම්බන්ධවීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් ආදායම් උපයන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍ය්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකින් ජයග්‍රහණ හිමි කරයි. විවිධ කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් දැරීමට සිදුවන බවක් පෙනේ. සෞන්දර්යය විෂයන්වලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වැඩි කාලයක් යොදවයි.

සෞඛ්‍යය

මෙතෙක් සුව වී තිබූ වාත වේදනාවක් නැවත මතුවීමෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි.

 

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ භෝජන සංග්‍රහයකට කරුණු සැලසෙන සතියකි. එමෙන්ම හදිසි ලැබීම් ගෙන දෙන කටයුතු කීපයකයට සම්බන්ධවීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් ආදායම් උපයන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍ය්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකින් ජයග්‍රහණ හිමි කරයි. විවිධ කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් දැරීමට සිදුවන බවක් පෙනේ. සෞන්දර්යය විෂයන්වලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වැඩි කාලයක් යොදවයි.

සෞඛ්‍යය

මෙතෙක් සුව වී තිබූ වාත වේදනාවක් නැවත මතුවීමෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි.

 

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

ජලාශි‍්‍රත කටයුතුවලින් වාසි

ශේෂ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පිරිසුදුකමට අලංකාරයට කැමැති කාලයකි. නිතර විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විවාහයට යහපත් කාලයකි.

රැකියාව

රැකියා කරන ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. ලිපිලේඛන ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විවිධ දක්ෂතා පෙන්නුම් කරයි. විද්‍යා තාක්ෂණ අංශ මෙන්ම සාහිත්‍ය කටයුතුවලද ප්‍රගුණ කිරීම් හැකියාව පවතී.

සෞඛ්‍යය

ශරීරයේ උෂ්ණාධික ගතිය හේතුවෙන් ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ මෙන්ම ආහාරපාන ගැනද විමසිලිමත්වන්න.

අය 06 වැය 04

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

වෘශ්චික

උසස් අධ්‍යාපනයට අවස්ථාවක්

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරි බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 වන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස එදිනෙදා කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පදිංචි ස්ථානය සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවිය හැකියි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. කැපී පෙනීමට කීර්තියට කැමැති කාලයකි. හවුලේ කරන කටයුත්තක් සාර්ථක වීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරුකරයි. ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. විවිධ වැඩසටහන්වලදී නායකත්වය ගෙන කටයුතු සිදු කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ ගෙන දෙන බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු

විදෙස් උපකාරයක්

පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් ගතවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හැකිවන කාලයකි. බාහිර අලංකාරයට මෙන්ම විනෝදයට කැමැති බවක් පෙනේ. පවුලේ අය සමඟ දුර ගමනකට සැලසුමක් සකස් කර ගනී. හවුලේ කරන කටයුත්තකට අත ගසන කාලයකි. විදෙස් හිතවතකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ ඉදිරි දියුණුව පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවෙයි. සාහිත්‍ය කලා අංශයට බර රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් මතු කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින් වර ශරීරික අප්‍රාණික ගතිපැවැතුම් ඇති කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමු වන සතියකි. උදරබාධ සෙම් දෝෂයක් ද ඇතිවිය හැකි බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

මකර

ගේ දොර අලුත්වැඩියාවක්

ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10, 11 යන භාවයක් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අසරණ අනාථ අයට උදව් උපකාර කිරීමට පෙලඹෙන කාලයකි. දියුණුව සම්බන්ධ විශේෂ කටයුතු කීපයකට අත ගසයි. පවුලේ අයගේ මෙන්ම හිතමිතුරන් ගේද සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධව පැවැති බාධා මඟහැරී යයි. සේවක පක්ෂයේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. කලාකාමී කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලින් ලාභ අත්කරන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. තරග විභාගයකට සම්බන්ධ වීමට සිදුවෙයි. වෙනදාට වඩා කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට නැඹුරුතාවයක් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියකි. ශරීර අභ්‍යන්තරයේ සිදුවන අසනීප තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ලේ විෂවීමක් හෝ ශරීරයේ පලු දැමීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

අය 05 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

කුම්භ

සමාජ සේවයට නැඹුරුවේ

පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යන කාලයක් වන අත මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10, යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ගමන්බිමන් බහුල කාලයකි. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන කාලයකි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අණදෙන ක්ෂේත්‍රයේ, පිරිස්පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන කාලයකි.

අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. උසස් උධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක කාලයකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් සිදු කරයි. ගර්භාෂගත ආබාධයක හෝ මූත්‍රා ආමාරුවක් හේතුවෙන් පීඩාගෙන දෙන කාලයකි.

අය 06 වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

මීන

දුරබැහැර ගමනක්

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ආගම දහමට භක්තිය විශ්වාසය ඇති කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමි කරන කාලයකි. අසල්වාසීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ස්ථාන මාරුවීම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. කණ්ඩායමක් සමඟ එකතුවී කරන රැකියාවකට ඉඩකඩ ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇතිකරන කාලයකි.

අධ්‍යාපනය

පොතට පතට ළැදි කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වේ.

තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ කුසලතා දක්වන කාලයකි. උසස් අධ්‍යාපනයට බාධා ඇති වුවත් ඒවායින් ජය ලබන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබද වෙනදාට වඩා සැලකිලිමත්වන්න. උදරගත ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.