අගෝස්තු 23 සිට 29 දක්වා සතිය ඔබේ ලග්නයට...

අගෝස්තු 23, 2024

 

මේෂ

නොසිතූ වරප්‍රසාද

උත්සාහයෙන් කටයුතු සිදු කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇත. නොසිතූ ලෙස අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදේ. බොහෝ විට ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකී රක්ෂා කටයුතුවලින් නොසිතූ වරප්‍රසාද හිමිකරන කාලයකි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. අතමිට සරු කරන සුළු සුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස්කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. පාදයේ ආබාධයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවෙයි. සෙම් රෝග හිසේ ආබාධ බහුල කාලයකි. වරින්වර දණහිස සම්බන්ධ ඇතිවන ආබාධයකටද ප්‍රතිකාර පතයි.

අය 07 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘෂභ

උද්‍යෝගිමත් සතියක්

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු සැලසේ. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නැතිවූ දෙයක් නැවත හිමි කරයි. රාත්‍රී ගමන් බහුල කරන කාලයකි. වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. දරුවකුගේ අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. රැකියා අපේක්ෂාවලට බධා මතු කරන සතියක්වන අතර තනතුරු වෙනසක් සිදු විය හැකි කාලයක් බවද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමට යම් යම් බාධා පැන නැගෙන කාලයකි. කණ්ඩායමක් සමඟ එකතු කරන අධ්‍යාපනික වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සාහිත්‍ය, කලා අංශයට ළැදි කාලයකි.

සෞඛ්‍යය

නිසි ව්‍යායාම් හා ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගනී. එහෙත් සෙම් දෝෂ හා පපුව සම්බන්ධ ආබාධයකට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

මිථුන

හොඳ හිත දිනාගනී

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස්කර ගැනීමට හැකිවෙයි. අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. පහසුවෙන් රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවක් විසදා ගැනීමට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියා ස්ථානයේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු උදාකරයි. සේවකයකු වුවත් පාලකයකු වුවත් හොඳින් වැඩ කරන කාලයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම සාහිත්‍යයට හා කලා අංශයට වැඩි රුචිකත්වයක් දක්වන අතර ඒ හා සම්බන්ධ කටයුතුවලින් උසස් අධ්‍යාපනයට යොමුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි වැටීම් තැලීම්වලට ඉඩකඩ ඇති කරයි. සෙම් දෝෂ උදරාබාධ හේතුවෙන් පීඩා අත්කරන බවක්ද පෙන්නුම් කෙරේ.

අය 05 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කටක

දනට පිනට ළැදි කාලයක්

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදාකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමාපිට පැවැරීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දනට පිනට ළැදි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනසක් සිදුවිය හැකියි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති කාලයකි.

රැකියාව

තනතුරු ලාභ අපේක්ෂකයන්ට සුබදායක කාලයකි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. ඉගෙනීමට තරමක බාධා ඇති වුවත්, ඒවා මැඬගෙන කටයුතු කරයි.

සෞඛ්‍යය

ව්‍යායාම් කටයුතුවලින් ක්‍රීඩාවලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනී. වෙනදාට වඩා කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. පපුව ආශි‍්‍රත ආබාධ සෙම් රෝගවලින් ආරක්ෂා විය යුතු බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

සිංහ

වගකීම් බහුල කරයි

ගතට සිතට සැනසිල්ල උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා වගකිම් බහුල කාලයකි. විටින් විට අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කිරීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් ප්‍රමාද කෙරේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධයෙන් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම විදෙස් රැකියා අපේක්ෂිතයන්ට විවිධ කරදර බාධාවලට පැටලීමට ඉඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා යෙදුණත් ප්‍රමාදවී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ පපුව සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි කාලයකි. ඇස්වල හට ගන්නා ආබාධයකින් පීඩා අත්කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්න.

අය 06 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

කන්‍යා

අතමිට මුදල් ගැවසේ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස් වීමට අවස්ථාව සැලසේ. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමි කරයි. විවාහ අපේක්ෂකයන්ට සතුටුදායක සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එමෙන්ම රැකියාවේ ස්ථාන මාරුවීම්වලටද ඉඩකඩ ඇති බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට ද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

කරදර බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු බොහෝ දුරට සාර්ථකවන සතියකි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

තුලා

අලුත් දේ මිලට ගනී

අමතර වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන කාලයකි එමෙන්ම ප්‍රමාදවූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමකට සුබදායක දින කීපයකි.

රැකියාව

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි. ස්වයංරැකියා කටයුතුවලින්ද අතමිට සරුවන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට කටයුතු සම්බන්ධ හදිසි ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. අලුත් දේ ඉගෙනීමට සුබදායක පරිසරයක් නිර්මාණය වේ. ගණිත අංශයෙන් හෝ තාක්ෂණික අංශයේ කටයුතුවලට වැඩි පි‍්‍රයතාවයක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති උදරගත ආබාධයකින් සුවය හිමිකරයි. වරින්වර හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

වෘශ්චික

තරග විභාග ජය

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති සතුරු කරදරයකින් නිදහස අත්කරන කාලයකි. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසෙන කාලයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතුවල වෙනසක් සිදුවිය හැකියි. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධ කටයුත්තකට අත ගසයි. අතමිට සරුකරන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද ඉඩකඩ සැලසේ්.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට ආශාවක් දක්වන කාලයකි. පොතපත කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත්විය හැකි කාලයකි.

සෞඛ්‍යය

වරින්වර හට ගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම නින්දයාම අඩුවීම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ.

 

අය 05 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

ධනු

හිතවතකුගේ හමුවීමක්

 

පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. අසරණ කෙනකුට පිහිට වීමට අවස්ථාව උදා කරයි. සිතේ චංචල ගතියෙන් කටයුතු සිදුකරන කාලයකි. විශ්වාසවන්ත හිතවතකුගේ හමුවීමකට මඟ පෑදේ. ගුප්ත අංශවලට යොමුවිය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. දුර බැහැර ප්‍රදේශයකට රැකියාවේ කටයුතු උදෙසා යාමට සිදුවෙයි. එහෙත් දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවුවත් උත්සාහයෙන්, උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ සහතික සම්මාන හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යය බාධා ඇති කරයි. ඔළුවේ සෙම් ගතිය හේතුවෙන් නිතර ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. වරින්වර රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩනය කෙරෙහිද සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

දුර ගමන් යෙදේ

ආගමික හා සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමේ අවස්ථාව උදා කරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනාගැනීමට කරුණු ඇති කරයි. ප්‍රසිද්ධියට කැමැති කාලයකි. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු යෙදේ.

රැකියාව

රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට යොීග්‍ය සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා පැන නැගෙන කාලයකි. එහෙත් බාධා මැඬගෙන අධ්‍යාපනික ජයග්‍රහණ ළඟාකර ගැනීමට හැකිවේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක්ද පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වරින්වර ගැටලු මතුකරයි. ජලය සම්බන්ධ කටයුතුවලට සම්බන්ධවීම එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පාදයේ ඇතිවිය හැකි තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාරවලට යොමු කරයි.

 

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කුම්භ

දේපළ උරුමයක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සුළු දෙයකින් පවා කලබලයට පත්වන කාලයකි. මවගෙන් දේපළක් උරුම විය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට පැවැති අවහිරතා මඟහැරී යයි. එහෙත් අලුත් රැකියා අපේක්ෂකයන්ට එතරම් සුබදායක නොවේ. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

අධ්‍යාපනය

කලාකාමී කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. එමෙන්ම නැටුම්, සංගීතය වැනි විෂය ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබන අයට ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු යෙදේ. විදෙස් භාෂාවක් ඉගෙනුමට වැඩි රුචිකත්වයක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ලේ දෝෂ, සෙම් දෝෂ ආදියේ බලපෑමෙන් ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙයි.

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

මීන

නිදහසට හිත යයි

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. පාරම්පරික දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරයි. ආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. විවාහ ගිවිස ගැනීමකට පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ.

රැකියාව

ආර්ථික අතින් යහපත් රැකියාවකට හිමිකම් ඇති බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ තනතුරු ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තු ඉටුකරයි. සේවක පක්ෂය සමඟ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන කාලයකි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය බලවත් කාලයකි. තාක්ෂණික අංශයෙන් මෙන්ම ගණිත අංශයෙන් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. තරමක බාධා යෙදුණත් ප්‍රමාද වී හෝ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගනී.

සෞඛ්‍යය

සෙම් අමාරු උගුරේ අමාරු ආදියෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂයකට සම්බන්ධවීමට සිදුවන සතියකි.

 

 

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.