ජුනි 21 සිට 27 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජුනි 21, 2024

 

මේෂ

විදෙස් සහයක්

අවිවේකී ලෙස සතිය උදාකරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොසිතූ නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. පියපස ඥාතියකු පිළිබඳ වගකීමක් තමා පිට පැවැරීමට ඉඩ ඇත. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති උදාසීන බව මගහැරී යන බවක් පෙනේ. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියා කීපයක් හෝ ඒ අතර ව්‍යාපාරයක් වැනි ආදායම් මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

සාහිත්‍ය කලා අංශයට බරව අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි. පොතට පතට ආශාවක් දක්වන බවක් පෙනේ. අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි.

සෞඛ්‍යය

ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු බවක් පෙනේ. ගර්භාෂගත රෝග පෙනහලු ආශි‍්‍රත පීඩා මතුවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

ප්‍රසිද්ධියට පත් වේ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු ආරම්භ කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7,8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සුහදතාවයට බාධා ඇති කරන බවක් පෙනේ. එහෙත් බාහිර අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. කැපී පෙනීමට ප්‍රසිද්ධියට වැඩි කැමැත්තක් දක්වයි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරයි.

රැකියාව

හවුල් ව්‍යාපාරයකට අත ගසන කාලයකි. රජයට සම්බන්ධ රැකියා හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. සෞඛ්‍ය අංශයේ රැකියා හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු උදා කරයි.

අධ්‍යාපනය

ඉගනීමට දක්ෂතා දක්වන කාලයක් වන අතර ඥාන ශක්තිය බලවත්වන බවක් ද පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ ලබන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යට බාධාකාරි බවක් ඇති කරයි. ශරීර අභ්‍යන්තරයේ හට ගන්නා රෝග තත්ත්වයක් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සමි විය යුතු බවක් පෙනේ.

අය 07 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

ආගමික නැඹුරුවක්

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යයි. ගේ දොර කටයුතු පිළිවෙළකට තබා ගැනීමට උත්සහ දරන කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. වාහන ගනුදෙනුවකින් වාසි අත්කරන බවක් පෙනේ. පවුලේ අය සමඟ ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථා උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති ගැටලුකාරි බවක් මඟහැරී යයි. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගසන කාලයකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. ස්වයංරැකියා කටයුතුවලින් විශේෂ වාසි සැලසෙන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යට බාධාගෙන දෙන සතියකි. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ ඇති කරන බවක් පෙනේ. වරින්වර ඇතිකරන හිසේ ආබාධයක් හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ.

අය 06 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

කටක

අමතර ලැබීම්

ඥාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සිතේ චංචල ගතියකින් කටයුතු සිදු කරයි. පි‍්‍රයමනාප පුද්ගලයන්ගේ ඇසුරට කටයුතු උදාකරයි. එමෙන්ම අසරණ අයට උදව් උපකාර කිරීමට ද අවස්ථාව සැලසේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියකි. අමතර ලැබීම් සහිත සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ දුර දිග සිතා බැලිය යුතු කාලයකි. රැකියාවේ තනතුරු වෙනසක් මෙන්ම ස්ථානයේ වෙනසක් ද සිදු විය හැකි බවක් පෙනේ. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතුවලට දැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම පොත පත කියවීමට ආශාවක් දක්වන බවක් පෙනේ. ගණිත අංශයෙන් තාක්ෂණික අංශයෙන් ඉගෙනීමේ කටයුතුවලට වැඩි දක්ෂතා දක්වන කාලයකි.

සෞඛ්‍යය

ක්‍රීඩාවලින්, ව්‍යායාමවලින් මෙන්ම නිසි ආහාරපාන ගැනීමෙන් තම ශරීර සෞඛ්‍යය පවත්වා ගනී. වෙනදාට වඩා ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - බදාදා

 

සිංහ

ව්‍යාපාර ලාභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ක්ෂණික තීරණ ගැනීමෙන් නොසිතූ පාඩු මෙන්ම ගැටලු කීපයකට මුහුණපායි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. ආදායම් මාර්ග ධනය ස්ථිර තත්ත්වයක් පවත්වා ගැනීමට උත්සාහයක් දරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතුවලට යම් යම් බලපෑම් ගැටලු මතුවිය හැකි කාලයකි. නිතර උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි අත්කරගන්නා කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. දැනුම, බුද්ධිය, වර්ධනය කර ගැනීමට උත්සාහ දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

සෙම් දෝෂ, උගුර ආශි‍්‍රත ආබාධ වරින්වර මතුවිය හැකි කාලයකි. සුළු සුළු වැටීම් සීරීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදු විය හැකි කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

ඥාති උපකාරයක්

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කාලයකි. එමෙන්ම රැකියාවේ ස්ථාන මාරුවීම්වලට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලටද ඉඩකඩ ඇති වෙයි.

අධ්‍යාපනය

කරදර බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු බොහෝ දුරට සාර්ථක වන සතියකි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගනී. කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. හදිස්සියේ ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

තුලා

පවුලේ උත්සවයක්

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විදෙස් ගත සැලසුමකට අත ගසන සතියකි. අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතුවලට විවිධ බාධා මතුවිය හැකි කාලයකි. අමතර ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන බවක පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන කාලයකි. සාහිත්‍ය හා කලා අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. සහජ දක්ෂතා ඉස්මතු වන අන්දමේ කරුණු කීපයක් යෙදේ.

සෞඛ්‍යය

නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. පපුව, පෙණහලු, සම්බන්ධ ආබාධයක්ද වරින්වර මතුවීමට ඉඩ ඇති ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

අලුත් හිතවත්කමක්

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අඹුසැමි විශ්වාසයට බාධාගෙන දෙන කාලයකි. හදිසි වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු බවක් පෙනේ. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ උදව් උපකාර සැලසෙන සතියකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. විභාග ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

උදර ගත ආබාධ, කොන්ද ආශ්‍රීත ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබාගන්නා සතියකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වන්න.

අය 08 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

ධනු

විශේෂ හමුවීමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති බාධාකීපයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තමාගේ දියුණුවට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් මුල්තැනක් දෙන කාලයකි. ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවකින් කරගෙන යන කාලයකි. අමතර ලාබ හිමිකරන ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සහ දරන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ගර්භාෂගත ආබාධ, හිසේ සෙම් අමාරු ඇතිවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.

අය 07 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

මකර

මවුපාර්ශ්වයෙන් උපකාරයක්

පවුලේ අය අතර සුහදතාවයකට හේතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු උදා කරයි. පැවැති පවුලේ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. මවුපාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. ඇවිදිලි වැඩිකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. ස්ථාන මාරුවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට කටයුතු උදාකරන සතියකි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට වැඩි කැමැත්තක් දක්වන සතියකි. අලුත් දේ ඉගෙනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

ගර්භාෂගත රෝග උදරාබාධ, හිසේ අමාරු ආදිය ඇතිවිය හැකි කාලයකි. එමෙන්ම වරින්වර රුධිරගත සීනි මට්ටම කෙරෙහ ිද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම් වැනි සුළු සුළු හදිසි අනතුරුදායක තත්ත්වයකට ද මුහුණපෑමට සිදු වෙයි.

අය 05 වැය 03

ජය අංකය - 07

ජය වර්ණය - රතු

සුබ දවස - සඳුදා

 

කුම්භ

විවාහ අපේක්ෂා ඉටුකරයි

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේ දොර කටයුතුවල වෙනසක් සිදු කරන සතියකි. බාහිර අලංකාරය වෙුනවෙන් වෙහෙසෙන කාලයකි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දරන කාලයකි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අලුත් ව්‍යාපාරයකට අතගැසීමකින් වාසි ඇතිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

සහජ දක්ෂතා මතුවන කාලයකි. උසස් අධ්‍යාපනයකට වැඩිහිටි අතදීමක් සිදු කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු උදෙසා දුරපළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින්වර හට ගන්නා උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. යටපත්වූ චර්ම ගත ආබාධයක් නැවත මතුවිය හැකිය. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

රැකියාවෙන් වාසි

පැවැති අපහසුතා කීපයක් මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. හැමවිටම සාධාරණයට ගරුකරන බවක් පෙනේ. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් කරයි. පවුලේ මතභේදයක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියකි.

රැකියාව

රැකියා කටයුතුවලින් මෙන්ම ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන සතියකි. තනතුරු ලාභ උසස්වීම්, බලාපොරොත්තු අයට සුබදායකයි. මෙතෙක් අවිවේකී බවකින් කරගෙන ගිය රැකියාවේ කටයුතු සැහැල්ලුවෙන් කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

දුර බැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යෑමට සිදුවන කාලයකි. විවිධ තරග විභාගවලට සම්බන්ධ වීමෙන් ජයග්‍රහණ හිමිකරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට නැඹුරුතාවයක් දක්වන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.