ජුනි 07 සිට 13 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජුනි 7, 2024

 

මේෂ

හදිසි ගනුදෙනුවක්

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන කාලයකි. අමතර වගකීම් සහිත කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. ස්වයං රැකියා කටයුත්තකට අත ගසන සතියකි.

අධ්‍යාපනය

උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. අතපසු වු පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. අලුත් පාඨමාලාවකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියකි. උදරගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනී. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත්වන්න.

අය 07 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

වෘෂභ

සමාජ පිළිගැනීම් ඇති කරයි

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙනේ. අන්සතු ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට වෙහෙසක් දරන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් වන අතර . සමාජයේ පිළිගැනීමට ලක්වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ප්‍රශංසා හිමි කරන කාලයකි. එමෙන්ම තනතුරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියා ස්ථානයේ වගකීම් කීපයක් තමා වෙත පැවැරීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

පොතපත කියවීමට ආශාවක් දක්වන කාලයකි. එමෙන්ම ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා මතු කරයි. වෛද්‍ය විද්‍යාව වැනි උසස් අධ්‍යාපන කටයුතුවලට මඟ සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

නිතර ශාරීරි සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන කාලයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත් කරයි. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය – 02

ජයවර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මිථුන

වගකීමකින් නිදහස්

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් දැරීමට සිදු වේ. එමෙන්ම ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. නිතර ලිපිලේඛන ගැටලුවක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස උදා කරන සතියකි.

රැකියාව

අවිවේකී ලෙස රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන සතියකි.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. පාඩම් වැඩ කටයුතු කෙරෙහි මෙතෙක් පැවැති උදාසීන ගතිය මඟහැරී යයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යටපත්වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය. අජීර්ණ ආබාධයක් හෝ ආහාර විෂවිමක් හේතුවෙන් පීඩා අත්කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි.

අය 07 වැය 04

ජය අංකය 06

ජයවර්ණය කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කටක

අලුත් හිතවත්කම්

අමතර ලැබීම් සහිත සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

එඩිතර මෙන්ම කඩිසර ගතිපැවතුම් ඇති කරන කාලයකි. ප්‍රමාද වෙමින් පැවැති කටයුත්තක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ආර්ථික අපහසුතා ඇති වුවත් ඒවා මඟහරවා ගැනීමට හේතු ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟසැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් ඇතිව තිබු ගැටලුවකින් නිදහස සැලසේ. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. සුළු සුළු ලාභ හිමි කරන රැකියා මාර්ගවලටද ඉඩ ඇති කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට පි‍්‍රයතාවයක් දක්වන කාලයකි. සහජ දක්ෂතා ඔප් නංවා ගැනීමට අවස්ථාව උදා කරයි. ගුරු භවතුන්ගේ ප්‍රසාදයට පත් වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයේ රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි. සෙම් රෝග නිදන්ගත රෝගද හට ගැනීමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. ජලය සම්බන්ද කටයුතු වලින්ද ඈත් වී සිටීමට වග බලා ගන්න. හදසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ.

අය 06 වැය 02

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

 

සිංහ

අතමිට මුදල් ගැවසේ

වගකීම් බහුල සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි. අවිවාහකයන්ට සුබදායකයි. අසරණ අයකුට සරණවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලට අමතරව ව්‍යාපාරික කටයුතුවලින් ආදායම් මාර්ග කීපයක් හිමිවීමට ඉඩ ඇත. එමෙන්ම රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුකරන කාලයකි.

අධ්‍යාපනය

ඉගෙනීමට පැවැති බාධා මඟ හැරී යයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතු කරයි. ශරීර අභ්‍යන්තරයේ හටගන්නා අසනීපයක් හේතුවෙන් පීඩා ඇති කරයි. වතුරෙන් අගුණ ගෙන දෙන කාලයකි.

 

අය 07 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – ඉරිදා

 

කන්‍යා

මවුපිය උරුමයකට වෙහෙසේ

අවිවේකී ලෙස සතිය උදා කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මෙතෙක් අවහිරතා ගෙන දුන් කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වෙයි. දරුවකුගේ දියුණුව වෙනුවෙන් හදිසි තීරණයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. මවුපිය උරුමයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් සැලසේ. දරුවන්ට දැනුම ලබාදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. එමෙන්ම උසස් අධ්‍යාපන ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. උදරගත ආබාධයක් මූත්‍ර ගත අමාරුවක් වැනි අසනීපකාරි බවකින් පීඩා විදීමට සිදු වෙයි.

 

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

තුලා

රැකියාවේ කටයුතුවලින් කැපී පෙනේ

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා සතියකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ තනතුරු, මාරුවක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරන සතියකි.

සෞඛ්‍යය

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. එහෙත් රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය, වැනි රෝගාබාධ කෙරෙහි සැලකිලිමත්වීම වැදගත් වේ. කෑම බීම ගැනීමේදී සැලකිලිමත්වීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – රතු

සුබ දවස – බදාදා

 

වෘශ්චික

උසස් අයගේ ඇසුරක්

වගකීම් බහුල කරන සතියක් වන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරන සතියකි. මෙතෙක් මඟහැරී තිබු කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. අලුත් ව්‍යාපාරයකට අත ගසන කාලයකි. සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හිමි කම් ඇති කරයි.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. ඥාන ශක්තිය වැඩි දියුණුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දහම් අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන සතියකි.

සෞඛ්‍යය

රුධිරගත සීනි මට්ටම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි. වරින්වර ඇති කරන ශාරීරික අපහසුතාවයනට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත්වන්න.

 

අය 06 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

අලුත් ඥාති හමුවීමක්

ගතට සිතට අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ දියුණුවට වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයකි. කල්ගත වූ ණයමුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට කටයුතු උදා කරයි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට හේතු සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා ඇති කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සදහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතන බවක් පෙනේ. වරින්වර ඇතිකරන ශාරීරික අපහසුතා කීපයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – රතු

සුබ දවස – සඳුදා

 

මකර

පෙම් සබඳතාවයකට ආශිර්වාදය

 

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයක් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. කැපී පෙනීමට කීර්තියට ප්‍රසිද්ධියට කැමැති බවක් පෙනේ. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. පැවැති පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වයි. ආහාරපානවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. ස්වයංරැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසෙන සතියකි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

 

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. සාහිත්‍ය කලා අංශයට ළැදි කාලයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා කීපයක් මතුවිය හැකි කාලයකි. සෙම් අමාරු, කනේ අමාරු, ආදිය හට ගැනීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර ජලයෙන් පරිස්සම් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය – 05

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – බදාදා

 

 

කුම්භ

අමතර ලැබීම්

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගතට සිතට සැනසිල්ල උදාකරන සතියකි. අමතර ලැබීම් හිමි කරන මාර්ග කීපයක් සැලසේ. තම නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පින්දහම් කටයුතු නිරතවන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. ව්‍යාපාරික කටයුතුවලින් සේවක ප්‍රශ්න මතුවිය හැකි කාලයකි. විදෙස් රැකියාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවලින් විවිධ ජයග්‍රහණ මතුවිය හැකි බවක් පෙනේ. අලුත් පාඨමාලාවක් හැදෑරිමට අවස්ථාව උදා කරන අතර, ඒ සම්බන්ධ කටයුතු සඳහා නිවෙසින් බැහැරව සිටීමට ද සිදුවෙයි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරයි. වෙනදාට වඩා ජලය, මෙන්ම ශීතල ආහාරපාන පාවිච්චියේදී සැලකිලිමත්වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය – 03

ජය වර්ණය – නිල්

සුබ දවස – ඉරිදා

 

 

මීන

සහෝදර උපකාරයක්

 

 

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ආගම දහමට භක්තිය විශ්වාසය ඇති කරයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමි කරන කාලයකි. අසල්වාසින් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ.

 

රැකියාව

රැකියාවේ ස්ථාන මාරුවීම් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාවකට ඉඩකඩ ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කරන කාලයකි.

අධ්‍යාපනය

පොතපතට ලැදි කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වේ. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ කුසලතා දක්වයි. උසස් අධ්‍යාපනය බාධා ඇති වුවත් ඒවායින් ජය ලබන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. උදරගත ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට සම්බන්ධවීමට සිදුවෙයි.

 

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.