ජූලි 26 සිට අගෝ 01 දක්වා සතිය ඔබේ ලග්නයට...

ජූලි 26, 2024

 

මේෂ

අලුත් දේ උගනී

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලුකාරි බව මඟහැරී යයි. වගකීමකින් නිදහස සැලසෙන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. සහෝදර බැඳීම්වලට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙයි.

රැකියාව

මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය රැකියාවේ කටයුතු වෙනදාට වඩා උනන්දුවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් ගෙන දෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. විදෙස් ගත අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන ඇඟේ පතේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පැවැති සෙම් අමාරුවක් නැවත හට ගැනීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.

වෘෂභ

සතුරන් මිතුරු වේ

උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. අමනාප වූ අයකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරයි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදු වෙයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

රැකියාව

රැකීරක්ෂා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවිය හැකි බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන අතර අලුත් ස්වයං රැකියා කටයුත්තකට අත ගසයි. තනතුරු වෙනසක් සිදු විය සතියකි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. ගණිත අංශයේ කටයුතු, තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන කාලයකි. කණ්ඩායම් වැඩසටහනක නායකත්වය දරන බවක් පෙනේ.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වන්න. උරහිස සම්බන්ධ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. හදිසි කැපීම් සීරීම් ආදියට මුහුණපෑමට සිදුවන කාලයකි.

 

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

මිථුන

දුර දිග සිතිය යුතු කාලයක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති තීරණයක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි. හදිසි වාහන ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දුර ප්‍රදේශවල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අධ්‍යාපනය

හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර ගුරුභවතුන්ගේ දෝෂාරෝපණයට ලක්වන කාලයකි. එහෙත් තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන සතියකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ තුනටියේ ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වන්න.

අය 08 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කටක

පවුලට නව සාමාජිකයෙක්

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දනට පිනට ළැදි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනසක් සිදුවිය හැකියි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමට ඉඩ ඇති කාලයකි.

රැකියාව

තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොතපත කියවීමට රුචිකත්වයක් දක්වයි. ඉගෙනීමට තරමක බාධා ඇති වුවත් ඒවා මැඬගෙන කටයුතු කරයි.

සෞඛ්‍යය

ව්‍යායාම් කටයුතුවලින්, ක්‍රීඩාවලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනී. වෙනදාට වඩා කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. පපුව ආශ්‍රිත ආබාධ, සෙම් රෝගවලින් ආරක්ෂා විය යුතු බවක් පෙනේ.

අය 06 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

සිංහ

වගකීම් බහුල වේ

විශේෂ සැලසුමකට කටයුතු උදාකරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි. විශේෂ කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කරුණු ඇති කරන සතියකි.

රැකියාව

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. මෙතෙක් අතරමග නවතා දමා තිබූ රැකියා කටයුතු කීපයක් නැවත ආරම්භයට කරුණු ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරි බව මඟහැරී යයි. එමෙන්ම නව දැනුම සොයායන මාර්ග කීපයක් හිමි කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු යෙදෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

මෙතෙක් පැවැති ශාරීරික අප්‍රානික ගති මඟහැරී යන කරුණු කීපයක් සිදු කරයි. එහෙත් රුධිරගත සීනි මට්ටම, අධි රුධිර පීඩනය වැනි බෝනොවන රෝග ගැන සැලකිලිමත්වන්න.

අය 08 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

කලාවට හිත දෙයි

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අසරණ අනාථ අයට උදව් උපකාර කිරීමට පෙලඹෙන කාලයකි. දියුණුව සම්බන්ධ විශේෂ කටයුතු කීපයකට අත ගසයි. පවුලේ අයගේ මෙන්ම හිතමිතුරන්ගේද සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකිවන සතියකි.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධ පැවැති බාධා මඟහැරී යයි. සේවක පක්ෂයේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. කලාකාරි කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. සුළු සුළු ව්‍යාපාර කටයුතුවලින් ලාභ ඇති කරන සතියකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. තරග විභාගයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. අලුත් පොත්පත් මිලදී ගැනීමක් සිදුවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරි විය යුතු සතියකි. ශරීර අභ්‍යන්තරයේ සිදුවන අසනීප තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ලේ විෂවීමක් හෝ ශරීරයේ පලුදැමීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

අය 07 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

තුලා

විශ්වාසවන්ත ඇසුරක්

විශ්වාසවන්තත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි , ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ගිය කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. නිතර යන එන තැන ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් සිදු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. ස්වයං රැකියා කටයුතු මෙන්ම ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින් මෙන්ම ප්‍රබෝධමත් බවකින් කරගෙන යන බවක් පෙනේ. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන සතියකි.

සෞඛ්‍යය

යටපත් වූ උරහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. වරින්වර විවිධ සෞඛ්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවන බවක් පෙනේ.

අය 08 වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

වෘශ්චික

උසස් අධ්‍යාපන ලාභ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරි බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස එදිනෙදා කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පදිංචි ස්ථානය සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවිය හැකියි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරු කරයි. ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.

අධ්‍යාපනය

පොත්පත් කියවීමට ආශාවක් දක්වයි. විවිධ වැඩසටහන්වලදී නායකත්වය ගෙන කටයුතු සිදුකරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව සැලසෙන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. වතුරට පි‍්‍රය නමුත් වතුරෙන් අගුණ ගෙන දෙන බවක් පෙනේ. සෙම් දෝෂයක් හෝ ගර්භාෂගත ආබාධයකින් පීඩා ඇති කරයි.

අය 07 වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු

දැනුම බුද්ධිය වැඩේ

ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. සතුට සමාදානයට කරුණු ඇති කරන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. ගුරුවරුන්ට දෙමාපියන්ට ළැදි කාලයකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අතදීමට කරුණු සැලසෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සේවක පක්ෂය සමඟ කටයුතු කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙයි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගාවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන අතර අලුත් පොත්පත් මිලදී ගැනීමේ අවස්ථාව උදා කරයි. තරමක බාධක යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යන බවක් පෙන්වයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, හිස ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයකි. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත්ය. අමතර ආහාර වර්ග ගැනීමේදී සැලකිලිමත් වන්න.

අය 07 වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මකර

සිතට සැනසීමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ඥාතීන් අතර සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙනේ. හදිසි දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

රැකියාව

සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ ජනපි‍්‍රයත්වයට පත්වීමට හේතු ඇති කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කරුණු සැලසේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අමතර මුදලක් වැය කරයි. සංගීතය වැනි කලා අංශයේ කටයුතු ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශාරීරික අප්‍රාණික ගති බහුල කරයි. රුධිර ගත සීනි මට්ටම අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත්විය යුතු බවක් පෙනේ. ව්‍යායාම්වලින් මෙන්ම නිසි ආහාර ගැනීමෙන් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.

අය 06 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - ඉරිදා

 

 

කුම්භ

තනතුරු වෙනසක්

ගතට සිතට සැනසිල්ල උදාකරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම විදෙස් ලැබීමකට ද හිමිකම් ඇති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලා කටයුතු කරන්න. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවල නියැළී සිටින අය කල්පනාකාරි විය යුතු සතියකි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

අවිවේකී ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි. ගුරුදෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදු කරයි. අමතර විෂයයන් ඉගනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මූත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා ඇති කරයි. වරින්වර ඇතිකරන කොන්ද ආශි‍්‍රත ආබාධයකට ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

අය 08 වැය 04

ජය අංකය 05

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

හදිසි ලැබීම්

අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ භෝජන සංග්‍රහයකට කරුණු සැලසෙන සතියකි. එමෙන්ම හදිසි ලැබීම් ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. රැකියාවේ කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. දෑතේ මහන්සියෙන් ආදායම් උපයන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකින් ජයග්‍රහණ හිමිකරයි. විවිධ කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් දැරීමට සිදුවන බවක් පෙනේ. සෞන්දර්යය විෂයන්වලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. අමතර භාෂාවක් ඉගෙනීමට වැඩි කාලයක් යොදවයි.

සෞඛ්‍යය

මෙතෙක් මඟහැරී තිබූ වාත වේදනාවක් නැවත මතුවීමෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුවේ. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනයවීමට සිදුවන බවක් පෙනේ.

 

අය 06 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.