දේසේ හැටියට වාසේ

සැප්තැම්බර් 8, 2023

 

ගයානි – නීතා, අපි හතර දෙනාම යමුද බෙහෙත් ටිකක් ගන්න.

නීතා, මොකට ද බෙහෙත් ගන්නෙ.

ලලනි – ඇයි අපි කිවුවෙ අක්කගෙ ඇඟේ බිබිළි දාපු එකට වෙද මහත්තයට පෙන්නන්න කියල.

ජයමිණි- ඔවු අපි යමු. කෝකටත් හොඳයි බෙහෙත් ගන්න එක.

රසිකා- හා හරි අපි යමු යමු ඇන්ටිට කියන්න යන බව.

නයනී – ඇන්ටි අපි වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්න යනවෝ.

රසිකා – අපි වෙද මහත්තයට මොනවද කියන්නේ.

නීතා- අත්වල බිබිළි දාලයි කියමු.

ගයනි- අන්න වෙද මහත්තයා එන්නලු.

නීතා- හා යමු යමු.

වෙද මහතා- මේ හතර දෙනාටම බෙහෙත් ගන්න ද නැත්නම් එක්කෙනෙකුට බෙහෙත් ගන්නද?

ජයමිණි- අපි හතර දෙනාටම.

වෙද මහතා- කෝ බලන්න ඔය ළමයට මොකද?

නයනී- මගේ මේ අතේ හීනියට බිබිළි දමල කකුල් දෙකෙත් තියෙනවා. සමහර වෙලාවට කසනව. ඇල් වතුරෙන් තෙමුවම කැසීම අඩුවෙනවා.

වෙද මහතා- ඔය ළමයට

රසිකා- දවල් කාලයට මගේ ඇඟ දනවා වගේ. දහඩිය දමනව, ඇඟ තෙමෙන්නම. වෙද මහත්තයො දහවල් කාලයට මගේ ඔළුව අතගෑවම වතුර වගේ අතට දැනෙනවා. රෑටත් ඒ වගේමයි දැනෙන්නේ.

 

වෙද මහතා,

වියළි කාලගුණයක් පවතින විට ලොකු පොඩි තරුණ හැම කෙනෙකුට ම දැනෙන්නෙ ඇඟ දැවෙනවා වගේ, ඇඟෙන් රස්නයක් පිටවෙනවා වගෙයි. මේ තත්වය සමහර විට පොඩි දරුවන්ට දරා ගන්න බැරි වුණාම හඬනවා.

අධික ලෙස දහඩිය දැමීම නිසා ඇඟ කැසීමත් සිදුවෙනවා. තොල කට පවා නිතර නිතර වියළෙනවා. කේන්තිය නුරුස්සන ගතිය මෙන්ම මළබද්ධයත් ඇති විය හැකිය.

මේ වගේ රස්නය දැනෙන කොට ඇල්වතුර ටිකක් බොන්න හිරු රශ්මියට යන්නෙ නැතිව සෙවණේ ඉන්න බලන්න.

රසිකා- අත්දෙකේ තියෙන බිබිලිවලට මොනවද කරන්න ඕනෑ.

වෙද මහතා- ඇඟේ පවතින රස්නය නිසා ඇඟ කැසීම, ඇඟේ පලු දැමීම, කේන්තිය, කෑම අරුචිය වගේ දේවල් ඇති විය හැකිය.

උෂ්ණාධික තත්ත්වය අනුවයි රෝගී ලක්ෂණ මතුවෙන්නේ.

මේ වගේ උෂ්ණාධික දවස්වලට දැඩි උෂ්ණ කෑම බීම ගන්න හොඳ නැහැ.

පවතින අධික රස්නය නිසා ශරීරයට මහත් තෙහෙට්ටු බවක් මෙන්ම සම මතුපිට බිබිළි දමා කැසීමේ තත්ත්වයක් ද ඇති කරනවා. පරිසර උෂ්ණත්වය වැඩිවීමත් සමඟම අපගේ ශරීර උෂ්ණත්වය ද ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා.

මෙහිදී අධික දහඩිය දැමීමක් සිදු වෙනවා. එසේ දහඩිය දැමීම නිසා ශරීරයෙන් ජලය පිටවෙනවා. මේ නිසා ශරීරයට ජලයද වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා.

 

ශරීර අභ්‍යන්තරය

 

ජලය ශරීරයට අවශ්‍ය තරම් නොලැබුණු විට පවතින දැඩි උෂ්ණාධික කාලය නිසා සමේ බිබිලි තත්ත්වයක් හට ගැනීමට අමතරව සම වියළීම හා සමේ ඉරි තැළීමක් වැනි තත්ත්වයක් ද මතු විය හැකියි. මේ තත්ත්වයන් පවතින විට නිතර ඇඟ සේදීම විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදී කුඩා දරුවන්ගේ පහළ කොටස ඉකිළි ප්‍රදේශ අත් යට නැවෙන දිග හැරෙන තැන් හා ඇඟ රෙදි කෑල්ලක් තෙමා පිරිසුදු කළ යුතුයි.

නීතා- මගේ අත් දෙකේම වැළමිටට යටින් අතේ බිබිළි මතුවෙලා ගොරෝසු ගතියකුයි තියෙන්නෙ. රෑට නිදාගන්න ගියාම අනිත් අක්කලාට වඩා මට දහඩිය දමනවා. ඔළුව අතගෑවාම වතුර වගේ දැනෙනවා. වෙද මහතා- ඒ වගේ ලක්ෂණ පෙන්නුම් කරන්නෙ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාමයි. එම නිසා අධික උෂ්ණත්වයක් ඇති වුණාම වැඩිය හිරුඑළියට යන්න සුදුසු නැහැ. හැකි තරම් ජලය පානය කරන්න. උෂ්ණාධික ආහර පානාදියෙන් වැළකී සිටින්න. සාමාන්‍යයෙන් අධික රස්නය වෙලාවට ඇඟ කැසීම වගේ දේවලුත් ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවලදී රෙදිකඩක් ඇල්දියෙන් පොඟවා ඒවා පිස දමන්න. ඉන් තාවකාලික සුවයක් ලබාගත හැකිය.

 

ආහාර පාන

 

රසිකා- වෙද මහත්තයෝ අධික රස්නය පවතින කාලයට කෑම බීමෙන් ප්‍රවේසම් වෙන එකයි ප්‍රශ්නය.

නීතා- ඔව් අපි ඉන්නෙ බෝඩිං වෙලා

ජයමිණි- බෝඩිං ඇන්ටි දෙන දෙයක් තමයි දෙවේලෙට කන්න වෙන්නෙ.

වෙදමහතා- දෙවේලේ කිව්වෙ,

ගයනී- දවල්ටයි, රෑටයි උදේට කන්නෙ කැන්ටිමේ දේවල්.

වෙද මහතා- ඒ වුණත් පෑවිල්ල නිසා ඇතිවන අධික උෂ්ණත්වය නිසා සිරුරටත් එය බලපානවා. තේ, කෝපි, පිටි වෙනුවට වඩාත්ම ගුණදායක රණවරා, බෙලිමල්, නීරමුල්ලිය, වගේ ඖෂධ පානය ඉතාම වැදගත්. ඒ වගේම කොළ කැඳ පානයත් ඉතාම ගුණදායකයි. ආහාර සඳහා වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, වට්ටක්කා, කොමඩු වගේ දියර එළවළු වඩාත්ම ගුණදායකයි. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි. ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, නිවිති වගේ එළවළු පලා වර්ගත් ගුණදායක බව, නිතර ඇල් වතුර පානය කළ යුතුයි. වතුර වීදුරු අටක්වත් පානය කිරීම බොහොම හොඳයි.

ජයමිණි- දැඩි රශ්මිය පවතින විට හරක් මස් වගේ මස් වර්ග අයිස්ක්‍රීම්, අයිස් චොක් වගේ කෑම මෙන්ම සිසිල් කරපු කෑම බීම වර්ගත් හොඳ ද නරක ද?

වෙද මහතා- පුළුවන් තරම් එවැනි කෑම වර්ග සීමා කළොත් නම් ගුණදායකයි. අඳින ඇඳුම්වලිනුත් ශරීරගත රස්නය වැඩිවෙනවා. ඒ කියන්නෙ තද වර්ණවත් ඇදුම්වලට වඩා ඇඟට සිසිලක් ගෙන දෙන්නේ සුදු අළුපාට වර්ණවලින් යුත් ඇඳුම්වලිනුයි. එම නිසා දැඩි රශ්මිය පවතින විට සැහැල්ලු ඇඳුම්වලින් සැරසී සිටීම සුවදායකයි.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.