ඇඟිලි ඇද කරන රුමටොයිඩ් ආතරයිටීස්

අගෝස්තු 23, 2024

සන්ධිවලට වැලඳෙන රෝග සැලකීමේදී ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහයික තත්ත්වය ප්‍රධාන රෝග වර්ගය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධි ප්‍රදාහ රෝග සැලකීමේදී ද ප්‍රභේද කිහිපයක් පවතින අතර රුමැටොයිඩ් සන්ධි ප්‍රදාහය හෙවත් Rheumatoid Arthritis(RA)  සුවිශේෂී සන්ධි ප්‍රදාහික වර්ගයක් ලෙස දක්වන්නට පුළුවන්. ලෝක වැඩිහිටි ජනගහනය සැලකීමේදී 0.5-1% අතර ප්‍රමාණයක් මේ රෝගී තත්වයෙන් පීඩා විඳීනවා.

සාමාන්‍ය වශයෙන් සැලකීමේදී පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් අතර මේ රෝගය පැතිර යාම බහුලයි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සැලකීමේදී ජනගහනයෙන් 0.7%ක ප්‍රමාණයකට මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා. RA රෝගය අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතු රෝගයක් වන අතර ප්‍රතිකාර මඟහැරෙන අවස්ථාවලදී සන්ධි තුළ සිදුවන ප්‍රදාහික ක්‍රියාවලිය අධික වී සන්ධි ඇදවීම, සන්ධි වේදනාව සහ චලන අපහසුව ඇති වන්නට පුළුවන්. එමෙන්ම RA රෝගය වැලඳුණු පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉක්මනින් මිය යෑමටද වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා.

 

රෝගය වැලඳීම සහ පැතිර යාම

RA රෝගය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග කාණ්ඩයට අයත් වේ. ශරීරය විසින් නිපදවන ප්‍රතිදේහ ශරීරයම සන්ධිවලට හානි කිරීමේ තත්ත්වයක් මෙහිදී ඇතිවනවා. ශරීරයේ ස්වාභාවිකව නිපදවන ප්‍රතිදේහ ස්වයං ප්‍රතිදේහ ලෙස හඳුන්වනවා. RA රෝගයට අදාළ වන ස්වයං ප්‍රතිදේහ වර්ග දෙකක් පවතී. ඒවා නම් අඩඥභථචබධඪඤ ජ්චජබධප (අජ්) සහ ඒදබඪජඪබපභතතඪදචබඥඤ නඥනබඪඤඥ චදබඪඡධඤර ( ඒඛ්ර්‍ථඒ). සන්ධි ආශ්‍රිතව සිදුවන ව්‍යාධි ඇතිවීමේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් මඟින් සන්ධිවලට හානි පැමිණවීම සිදුවෙනවා. මෙහිදී බොහෝවිට හානි පැමිණෙන්නේ අත්වල සහ පාදයේ පවතින ඇඟිලි ආශ්‍රිත කුඩා සන්ධිවලටයි. දණහිස සහ උකුල වැනි ශරීරයේ බර දරන විශාල සන්ධිවලටද මේ රෝගය පැතිරිය හැකියි. එහෙත් එය එතරම් සුලබ වන්නේ නෑ. එහෙත් මේ රෝගය නිසා එම සන්ධිවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදුවන්නට පුළුවන්.

 

රෝග ලක්ෂණ

*අතේ සහ පාදයේ කුඩා සන්ධිවල ඇතිවන වේදනාව.

*සන්ධි ඉදිමීම.

*සන්ධිවල චලන පරාසය අඩු වී තද ගතියක් ඇතිවීම. මෙය උදෑසන අවදි වීමත් සමඟ වඩාත් උත්සන්න විය හැකිය.

*අතේ සහ පාදයේ ඇඟිලි ඇදවීම සහ විරූපීතාවයන් ඇතිවීම.

*ආහාර රුචිය අඩු බව.

*ඉක්මනින් වෙහෙසට පත්වීම.

*විටින් විට ඇතිවන උණ තත්වය.

*ශරීරය සන්ධිවලට අමතරව සම, ඇස්, මුඛය, පෙණහලු සහ හදවත ආශ්‍රිතවද විවිධ සංකූලතා ඇති විය හැකිය.

 

සැලකිලිමත් විය යුතු කරුණු

ඔබ දැනටමත් RA රෝගයෙන් පෙළෙනවා නම් පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.

 

දුම් පානය

දුම් පානය කරනවා නම් එමගින් මේ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ උත්සන්න වනවා මෙන්ම රෝගය සුව වීමේ හැකියාව ද අඩුවනවා. RA රෝගයෙන් පීඩා විඳීන ඔබ හැකිතාක් ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ යුතුයි. දුම්පානය කිරීම නිසා පෙණහැල්ලට ඇතිවන සංකූලතාවයන් මඟින් ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඔබෙන් ගිලිහෙනවා. එමෙන්ම හෘදයාබාධ ඇතුළු අනෙකුත් ලෙඩ රෝග වැලඳීමේ හැකියාව ද දුම්පානයෙන් ඇතිවෙනවා.

 

ශරීරයේ බර අඩු කරගන්න

ඔබේ සිරුරේ අනවශ්‍ය පරිදි මේදය එකතු වී ඇති විට මේද සෛල මඟින් නිකුත් කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයේ ප්‍රදාහයික තත්ත්වයන් උත්සන්න වන්නට පුළුවන්. මේ නිසා දැනටමත් රෝගී වී ඇති සන්ධි තව දුරටත් වේදනා දීමට සහ ඉදිමීමට හැකියාව පවතී.

 

ව්‍යායාමවල නිරත වන්න

RA රෝගය වැලැඳී ඇතිවිට ශරීර ක්‍රියාකාරකම්වලින් බැහැර වී එක් තැනකට වී උදාසීනව සිටීම සුදුසු වන්නේ නැහැ. නිසි උපදෙස් මත සිදු කරන ව්‍යායාම මඟින් ප්‍රදායික තත්ත්වය අවම කර ගැනීම, අස්ථි ශක්තිමත් කිරීම, හදවතේ සහ පෙණහලුවල නිරෝගීභාවය ඇතිවීම, වේදනාව සමනය වීම, මානසික තෘප්තිමත්භාවය ඇතිවීම හොඳීන් නින්ද යාම, ශරීරය බර අඩුවීම සහ සන්ධිවල චලන පරාසයන් පවත්වාගෙන යාම් සහ වැඩිදියුණු කිරීම වැනි වාසි රාශියක් සලසා ගන්නට පුළුවන්.

 

ප්‍රමාණවත් පරිදි නින්ද ලබාගන්න

RA රෝගයෙන් පීඩා විඳීන ඔබගේ කායික සහ මානසික විවේකී භාවය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි නින්දක් ලබා ගැනීම වැදගත් වනවා. නිවැරදි නින්දක් ලබා ගැනීම සඳහා, නිදා ගැනීමට පැය භාගයකට පමණ කලින් කැෆේන් අඩංගු පාන වර්ග ලබාගැනීමෙන් වැළකීම, නිදා ගැනීමට සූදානම් වූ පසු ස්මාර්ට් ජංගම දුරකතන වැනි ඩිජිටල් තිර නැරඹීම අවම කිරීම සහ දහවල් කාලයේ ව්‍යායාම කිරීම වැනි සරල උපක්‍රම භාවිත කරන්න.

 

ඔබේ මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න

ඔබට දත් හා විදුරු මස් ආශ්‍රිතව රෝග ඇතිවන විට දැනටමත් වැලඳී ඇති RA රෝගය වඩාත් උත්සන්න වන්නට පුළුවන්. මුඛ සහ දන්ත සෞඛ්‍යමත්භාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න.

 

මානසික සෞඛ්‍යමත් භාවය පිළිබඳව සැලකිලිමත් වන්න

මේ රෝගී තත්ත්වය නිසා මනසට අනවශ්‍ය පීඩනයක් එල්ලවන්නට පුළුවන්. එමඟින් ඔබ තවත් රෝගී වීම සිදුවනවා. එම නිසා මානසික සෞඛ්‍යමත්භාවය යහපත් මට්ටමක පවත්වා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න. නිවැරදිව ප්‍රතිකාර ලබාගන්න, භාවනාවල යෙදීමට පුළුවන් නම් එය වඩාත් සුදුසු වනවා.

 

ප්‍රතිකාර

RA යනු ක්‍රමානුකූලව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්ත්වයක්. රෝගයෙන් පූර්ණ සුවයක් ලබා ගැනීම බොහෝ විට කළ නොහැකි වන අතර රෝගය පාලනය කර ගැනීම සහ රෝග ලක්ෂණ අඩු කිරීම ප්‍රතිකාරවල මූලික පරමාර්ථය වෙනවා. චීන කටු වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී මූලික තැනක් ගන්නවා. ප්‍රදාහයික තත්ත්වය අඩු කර ගැනීමට සහ වේදනාව පාලනය කර ගැනීම සඳහා මේ ප්‍රතිකාර ක්‍රමයෙන් බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. RA රෝගයට අදාළ වන සුවිශේෂී නිල ස්ථානවලට චීන කටු විදීම සහ ඒවා විද්‍යුත් උත්තේජනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. සන්ධිවල ඉදිමීම පාලනය කිරීමට සහ චලන රටාවන් වැඩිදියුණු කර ගැනීම සඳහා තැවුම් ප්‍රතිකාර සමඟ පාරම්පරික තෙල් ප්‍රතිකාර භාවිත කරන්නට පුළුවන්. පාදවල, අත්වල ඇඟිලි සඳහා සහ මැණික්කටුව, වළලුකර සන්ධි සඳහා ව්‍යායාම සිදුකිරීමද වඩා යෝග්‍යයි. මෙහිදී ප්‍රදාහයික තත්ත්වය වැඩි කිරීමට හේතුවන තක්කාලි, බලමාලු සහ ඉස්සන් වැනි ආහාරවලින් වැළකී සිටීමද අත්‍යවශ්‍ය බව හොඳින් සිහි තබාගත යුතුයි.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.