කොන්දත් දණහිසත් එකට ලෙඩ වෙලාද?

ජූලි 26, 2024

 

ඔබත් මුලින්ම ඇතිවෙච්ච දණහිස් වේදනාවක් කාලයක් තිස්සේ අඩු නොවී තිබිල කල් ගත වුණාට පස්සේ ඒ වේදනාව කොන්දට පැතිරෙන අත්දැකීම විඳපු කෙනෙක්ද? ව්‍යායාම කිරීම, රැකියාවේ වැඩ කටයුතු, ගෙදර දොරේ වැඩ කටයුතු සහ දණහිසට ඇති වුණු වැදීමක් හෝ වැටීමක් හෝ තැලීමක් නිසා ඇති වුණු වේදනාව කාලයත් එක්ක කොන්ද ප්‍රදේශයට පැතිරීමෙන් ,කොන්දත් දණහිසත් එකවර පීඩා ගෙන දෙන තත්වයට ඔබත් මුහුණ දෙනවා නම් මේ ලිපිය ඔබට ඉතා විශේෂයි. මේ තත්ත්වයට බලපාන හේතුව Iliotibial Band Syndrome නම් රෝග තත්ත්වය වෙන්නට පුළුවන්.

Iliotibial Band Syndrome තත්ත්වය යනු කුමක්ද ?

අපේ උකුල් සන්ධිය එහෙමත් නැතිනම් Hip Joint  එක ආශ්‍රිතව පවතින ප්‍රධාන මාංශ පේශිවලින් එකක් තමයි Tensor Fasciae Latae(TFL) කියන්නෙ. උකුල් සන්ධිය නැවීම, උකුල් සන්ධිය පැත්තට එසවීම සහ උකුල් සන්ධිය ඇතුළට කරකැවිම හෙවත් Hip Flexion, Hip Abduction  සහ Hip Internal Rotation කියන ප්‍රධාන චලන තුන සිදු කරන්නත් Knee Joint හෙවත් දණහිස සන්ධියේ නැවීම සහ පිටතට කරකවිම හෙවත් Knee Flexion  සහ Lateral Rotation  කියන චලන දෙක සිදු කරන්නත් මේ මාංශපේෂිය වැදගත් වෙනවා.

මේ TFL  පේශිය අපේ ඉනත් දණහිසත් අතර තිබෙන iliotibial Band  නමින් හඳුන්වන මෘදු පටක ස්ථරයට සම්බන්ධ වෙලා තමයි විහිදිලා තිබෙන්නේ. එම නිසා මේ සම්බන්ධයත් එක්ක TFL මාංශ පේශියට අනවශ්‍ය පරිදි ආතතියක් වැටෙනකොට කලින් සඳහන් කරපු Iliotibial Band කියන මෘදු පටක ස්ථරය අනවශ්‍ය කෙටි වීම් සහ තදවීමට ලක්වෙනවා. මෙහෙම අනවශ්‍ය කෙටි වීම් සහ තදවීම්වලට ලක් වූ විට දණහිසට සහ කොන්දට දැනෙන විවිධ රෝග ලක්ෂණවල එකතුවක් තමයි Iliotibial Band Syndrome සහ  Iliotibial  Band Tightness  කියලා හඳුන්වන්නේ. ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවකදී වැලඳිය හැකි මේ තත්වය Overuse වර්ගයේ Injury  එකක් ලෙස දක්වන්නට පුළුවන්. ක්‍රීඩා සහ ව්‍යායාමවල නිරත වන දරුවන් සහ වැඩිහිටියන් අතරද මේ තත්ත්වය ඉතා සුලබ රෝගයක් ලෙස පැතිර පවතිනවා.

රෝග ලක්ෂණ

දණහිසේ පිට පැත්තේ ඇතිවන වේදනාව

දණහිසේ පිට පැත්තෙන් ඇතිවන ඇතිල්ලීමේ හෝ තද වීමේ ස්වභාවය

දණහිස නැවීමේදී මේ වේදනාව සහ තද ස්වභාවය වැඩිවේ

කල් ගතවීමේදී කලවේ පිට පැත්ත පුරාම වේදනාවක් සහ තද ස්වභාවයක් ඇතිවේ

කල්ගත වන විට තුනටිය සහ කොන්දේ පහළ ප්‍රදේශයේද වේදනාව පැතිර යයි

දිගු වේලාවක් සිටගෙන හෝ වාඩිවී සිටින විට මේ කොන්දේ වේදනාව වැඩිවීම සිදුවේ

ක්‍රීඩා සහ ව්‍යායාම්වල නිරත වී සිටින පුද්ගලයෙකු නම් බොහෝ විට ව්‍යායාම අවසානයේ කොන්දේ වේදනාව වැඩිවීම සිදුවනවා

මේ තත්ත්වය නිසා දණහිස ආශ්‍රිත මාංශ පේශි දුර්වල වීම හේතු කොටගෙන දනිස් පොල්කට්ට හෙවත් ඬදඥඥ ඛ්චන එක අස්ථානගතවීම නිසා දණහිස ඇවිදින විටදී ඹ්ධජඬ වීමක් ඇති වන්නටද පුළුවන්.

මේ තත්ත්වය ඇතිවීමට හේතු

රැකියාව සහ ගෙදර දොර වැඩ කටයුතුවලදී වැඩි වශයෙන් වාඩි වී හෝ සිටගෙන සිටින ඉරියව්වෙන් සිටීමට සිදු වීම

අනවශ්‍ය පරිදි සිදුකරන පුහුණුවීම් හෙවත් Over training කිරීම

නිසි පරිදි පාදවලට දිගැදුම් ව්‍යායාම සිදු නොකිරීම

ව්‍යායාම කිරීමේදී Squat ,Deadlift ,Bent Over Rowing සහ Lungeවැනි ව්‍යායාමවලදී ඉරියව් නිවැරදිව පවත්වා නොගැනීම සහ අනවශ්‍ය පරිදි බර භාවිත කිරීම

දණහිසට ඇතිවන Arthritis තත්ව සහ සිදුවන වෙනත් අනතුරුවලට නිවැරදිව ප්‍රතිකාර නොකිරීම

එම රෝගී තත්ත්වය මූලික අවස්ථාවේදීම හඳුනාගෙන කිසි ප්‍රතිකාර සිදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නොවුනහොත් පසුකාලීනව දණිස්ස සහ උකුල ආශ්‍රිතව වඩාත් සංකීර්ණ රෝගී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින නිසාය.Biomechanics (ජීවයාන්ත්‍ර විද්‍යාව) වල වෙනස්වීමක් මත සිදුවන Overuse වර්ගයේ Injury එකක් නිසා වේදනා නාශක ගැනීමෙන් පමණක් මේ තත්වය සුව කර ගැනීමේ හැකියාව පවතින්නේ නෑ.

නිසි පූර්ව රෝග පරීක්ෂණයකින් තොරව සිදුකරන Sports Massaging මඟිනුත් මේ තත්ත්වය සුව වන්නේ නැහැ. මේ තත්ත්වය නිවැරදිව සුව කර ගැනීමට නම් ඊට බලපාන සාධක විශ්ලේෂණය කර ඒවා වළක්වමින් ප්‍රතිකාර කළ යුතු වෙනවා. මෙය අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නිසා ඉතා ඉක්මනින්ම පාරම්පරික වෛද්‍යවරයකු වෙත යොමු වීම අවශ්‍යයි. එහිදී තෙල් ප්‍රතිකාර, පත්තු ප්‍රතිකාර සහ තැවීම් ප්‍රතිකාරවලට යොමු වීමට රෝගියාට සිදු වෙනවා. ඉරියවු නිවැරදිව තබ ගැනීටම සහ නිවැරදි ව්‍යායාමවලට යොමු වීමටද වෛද්‍ය උපදෙස් ලබා දීම සිදු කරනවා .

ප්‍රථමාධාර

 

සිටගෙන සිටීම ඇවිදීම සහ පඩිපෙළ නැඟීම වැනි දණහිසට අනවශ්‍ය පීඩනයක් එල්ල වන සියලු ක්‍රියාකාරකම් නවත්වන්න.

සෑම විටම දණිස් දිගහැරගත හැකි පරිදි සුවපහසු ඉරියව්වක වාඩිවී සිටින්න.

දණහිසේ වේදනාව ඇති ස්ථානයට පැය තුනකට වරක් මිනිත්තු 10-15 ක් ධ්ජඥ තැබීම සිදු සිදුකරන්න.

දණහිහිසට වේදනාවක් ඇති වූ වහාම උණු වතුරෙන් හෝ වෙනයම් උණු දෙයකින් තැවීම සිදු නොකරන්න.

දණහිස ඉදිමී ඇති විටදී අනවශ්‍ය පරිදි පීඩනයක් ඇති නොවන ලෙස වෙළුමක් යෙදීම වුවත් යෝග්‍ය වනවා.

මේ පියවරවල් අනුගමනය කරමින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම වැදගත්.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.