රුමොටොයිඩ් ආතරයිටිස් රෝගයට හේතුවන අයහපත් ග්‍රහ යෝග සහ ඡ්‍යොතිෂමය ප්‍රතිකර්ම

අගෝස්තු 9, 2024

රුමටොයිඩ් ආතරයිටිස් යනුවෙන් හඳුන්වන්නේ වේදනාකාරි හෝ පීඩාකාරි තත්ත්වයක් ඇති කරන ශරිරයේ සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇතිවන දැවිල්ලකි. වත්මන් සමාජයේ බොහෝ දෙනාට තිබෙන මේ ආබාධයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ මැදිවියේ සහ වයස්ගත තත්ත්වයේ පසුවන අයයි. එයිනුත් මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ කාන්තාවන් වීම විශේෂත්වයකි. මේ රෝගය නිසා පුද්ගලයකුට තම වැඩ කටයුතු හෝ ක්‍රියාකාරකම් හරි ආකාරව ඉටුකර ගැනීමට ඇති හැකියාව සීමාවන අතර සන්ධිවල ඇතිවන ප්‍රදාහය නිසා සන්ධි විනාශ වීම විකෘති වීම ඉදිමීම සිදුවන අතර පීඩාකාරි වේදනාව ඇති වන බව වෛද්‍යවරු පෙන්වාදෙති. වෛද්‍යවරුන් දක්වන පරිදි මේ රෝගය ඇතිවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි ක්‍රියාකාරී වී නිරෝගී සෛලවලට හානි කිරීම නිසාය. මේ නිසාම මෙය ඔටෝඉමියුන් රෝගයක් ලෙසත් සම්පුර්ණයෙන්ම සුව කළ නොහැකි රෝගයක් ලෙසත් හඳුන්වයි. එහෙත් ප්‍රතිකාර මඟින් මේ රෝගය වර්ධනය වීම අවම කළ හැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති.

මේ රෝගයට හේතුවන කරුණු විස්තරාත්මකව වෛද්‍යවරුන් පෙන්වාදී ඇති අතර සමාජ මාධ්‍යයන් තුළද එය පුළුල් ලෙස සාකච්ඡාවට භාජනයවී ඇත. මේ නිසාම මේ රෝගය පිළිබඳව ඔබට අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. මේ ලිපියේ අරමුණවන්නේ රුමටොයිඩි ආතරයිටිස් රෝගය ඇතිවීමට බලපාන අයහපත් ග්‍රහයෝග පිළිබඳව සහ ඊට අදාළ ඡ්‍යොතිෂමය ප්‍රතිකර්ම පිළිබඳව අවබෝධයක් ලබාදීමයි. මේ රෝගය පිළිබඳව ඡ්‍යොතිෂමය වශයෙන් කරුණු දැක්වීමේදි සැලකිල්ලට ගත යුතු ග්‍රහයන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

1 ශනි ග්‍රහයා - ශරිරයේ ඇති ඇට මිදුළුවල සිදුවන කැඩුම් බිදුම් සහ වේදනාව ශනිට අයත්ය.

2 සඳු ග්‍රහයා – ශරිරියේ ද්‍රව සහ හෝමෝන සමතුලනය සඳුට අයත්වේ.

3 බුධ ග්‍රහයා – ස්නායු පද්ධතිය සහ නහර බුධට අයත්ය.

4 සිකුරු – මස් පිඩුවලට සම්බන්ධ පටක සිකුරුට අයත්ය.

මීට අමතරව ජන්ම පත්‍රය තුළ ඇති මේෂ වෘෂභ මිථුන කටක සිංහ සහ කන්‍යා යන රාශීන් සැලකිල්ලට ගත යුතුවේ. මේ කරුණු පදනමක් ලෙස සලකා හඳුනා ගන්නා ලද රුමටොයිඩ් ආතරයිටිස් රෝගය ඇතිවීම කෙරෙහි බලපාන අයහපත් ග්‍රහයෝග පහත දැක්වේ.

1 යම් ජන්ම පත්‍රයක 12 වැන්නේදී සඳු සහ ශනි පීඩාවට පත්ව සිටීම.

2 ජන්ම පත්‍රයක ශනි ග්‍රහයා 7 අධිපති වී සිටින විට පාප ග්‍රහ සංයෝගයකට මැදිවීම.

3 ජන්ම පත්‍රයක 6 අධිපති ග්‍රහයා රාහු හෝ කේතු සමඟ 1 වැන්නේ සිටීම.

4 යම් ජන්ම පත්‍රයක කටක රාශියේ ශනි සිටියදී රවිගේ අයහපත් දෘෂ්ටියට ලක්වීම.

5 ජන්ම පත්‍රයක කටක රාශියේදි සඳු සහ ශනි සංයෝගවීම ආතරයිටීස් රෝගයට හේතු වේ.

6 යම් ජන්ම පත්‍රයක 6 වැන්නේදී සඳු ග්‍රහයා කුජ සමඟ සංයෝග වීම.

7 ජන්ම පත්‍රයක 12 වැන්නේදී කුජ සහ ශනි යන ග්‍රහයන් සඳු සමඟ සංයෝගවීම.

8 ලග්නයේ ගුරු සිටීම සහ 7 වැන්නේ ශනි සිටීම.

9 මේෂ ජන්ම පත්‍රයක කුජ ග්‍රහයා 4 සිටීම.

10 යම් ජන්ම පත්‍රයක පීඩාවට පත් සඳු රාහු සමඟ සංයෝග වීම.

මේ රෝගයට ඡ්‍යොතිෂය මඟින් හඳුන්වාදි ඇති

ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ

1 කහ සැපයාර් ගලක් ඇල්ලු රිදී මුදුවක් පැලඳීම

2 සඳුදා දිනයන් 4 ක් පිළිවෙලින් දිලිඳු අය හට සහල්, කිරි සුදු වර්ණ ඇඳුම් සහ රිදි කාසියක් දෙන්න.

3 අඟහරුවාදා දින 4 ක් පිළිවෙලින් දිලිඳු අයට අබතෙල් සහ කළු පැහැති වස්ත්‍ර දන් දීම.

4 ඉරිදා දින 4 ක් පිළිවෙලින් තිරිඟු ඇට සහ තැඹිලිපාට ඇඳුම් දිළිඳු අයට දෙන්න.

5 පහත දැක්වෙන මහා ම්‍රිතුංජය මන්ත්‍රය තඹ පතක ලියා දින 9 ක් ජීවම් කොට සුරයක බහා පැ ඳීම – මෙමඟින් බොහෝ දුරට ආබාධය සුවවනු ඇත.

අදාළ මන්ත්‍රය

ඕම් ත්‍රියාබකම් යජාමහේ - සුගන්ධිම් පුෂ්ඨිවර්ධනම්

ඌර්වා රුකමිව බන්ධනාත් ම්‍රිත්යෝර්මොක්ෂියේ මම්රිතාත්

 

ඡ්‍යොතිෂවේදී සහ

මනෝවිද්‍යා උපදේශක

ටී. එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.