මේ සතියේ ඔබට

ජන. 27 සිට පෙබ. 02 දක්වා
ජනවාරි 27, 2023

 

මේෂ

අලුත් රැකියා හිමිකම්

 

විශේෂ සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. නිතර පවුලේ කෙනෙකු පිළිබඳ වෙහෙසීමට සිදුවන සතියකි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අලුත් රැකියා ලාබ හිමිකම් ඇති කාලයකි.

සතිය මැද කාලයේ දී හිතුවක්කාර තීරණයක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරයි. දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. නිතර ආගමික සහන පතන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04 ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

සිංහ

අමතර ලැබීම්

 

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැයකිරීමට සිදුවේ. අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. වරින් වර හටගන්නා කොන්දේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. සති අන්තයේ දී පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයකි.

 

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

ධනු

තෑගි භෝග හිමිකම්

උසස් අධ්‍යාපන කටයුතුවල නියුතුවූවන්ට සුබදායක කාලයක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. පාසල් අධ්‍යාපනයේ නිරතවන දරුවකු පිළිබඳ සතුටට පත්වීමට කරුණු ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැයපස අධික වීමට ඉඩ ඇත. යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. මෙතෙක් පැවැති අඹුසැමි මතභේදයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. දරුලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. නිතර තෑගි භෝග හිමිකම් ලැබීමට හේතු ඇතිකරයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

විදෙස් ගමනක්

 

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. අමතර වියදම් වැඩි කරන සතියකි. නිතර තමා කරන කියන කටයුතු පිළිබඳ තීරණවලට එළැඹීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගමන් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි.

දරුවකුගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

ආගමික සැලසුමක්

මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස අත්කරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. තමා නොකළ වරදක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. එමෙන්ම අත්වැරැදීමක් හේතුවෙන් නොසිතූ අලාභයක් ද සිදුකරයි. සතිය මැද කාලයේ දී ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇතිවන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකින් ප්‍රශංසා හිමිවන අතර, නිතර තරග විභාගවලට ද සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

මකර

හදිසි ගනුදෙනුවක්

 

හදිසි තීරණ ගන්නා කාලයක් වන අතර, මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. පිය පස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන කාලයකි. හදිසි ගනුදෙනුවකට ද මඟ සැලසෙන කාලයක් බව පෙන්වයි. වෙනදාට වඩා ලැබීම් හිමිකරන කාලයකි. එහෙත් සතිය මැද කාලයේ දී ගේ දොර පදිංචියෙන් ඈත්ව සිටීමට සිදුවෙයි. දරු ලාබ හිමිකම් බලාපොරොත්තුවෙන් සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. සති අන්තය වන විටදී දරුවකුගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි.

 

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

 

පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

 

 

හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්‍ර පලදායකයි. සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි. ඥාති හිතවතුන් සමඟ වැඩි සබඳතාවයක් ඇති කරගන්නා කාලයකි. එමෙන්ම පවුලේ අය සමඟ පැවැති ගැටලුකාරී බවක් මඟහරවා ගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයක් බව පෙනේ.

වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. නීති කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. රැකියාවේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

තුලා

දණහිසේ ආබාධයක්

 

සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 7, 8, 9 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ මුදල් ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. නොසිතූ ලෙස පදිංචිය සම්බන්ධ ගැටලුවක් මතුකරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී දණහිස සම්බන්ධ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

රැකියා ලාභ

 

අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ ඇතිවන අවිවේකී බව හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කරයි. එහෙත් අලුත් රැකියා ලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් පසුවන්න. සතිය මැද කාලයේ දී සහෝදර පක්ෂය සමඟ ඇතිකරගත් ආරවුලක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. හදිසි විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයකි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කටක

හදිසි තීරණයක්

 

වෙනදාට වඩා පවුලේ වගකීම් වැඩිකරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 10, 11, 12 යන භාවස්ථානවලයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන මානසික අසහනය හේතුවෙන් සිතේ කලබලකාරී බවක් ඇති කරයි. නිතර ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කාලයකි. දරුවකු සම්බන්ධව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. සති අන්තයේ දී මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් හදිසි රෝහල්ගතවීමක් සිදුකරයි.

 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

දරුවකුගේ ජයග්‍රහණයක්

 

මත භේදකාරී කටයුතු කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6, 7, 8 යන භාවස්ථාන මතිනි. පවුලේ වැඩිහිටියකු සමඟ ඇතිකරගත් ආරවුලක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් අසන්න ලැබෙන සතියකි. තම අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර, නොසිතූ අලාභයක්ද සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලය වන විටදී උගුර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

මීන

වාහන ගනුදෙනුවක්

 

වරින් වර උදාසීන ගතිපැවැතුම් ඇති කරමින් ආරම්භවන මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. එමෙන්ම හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයක් වන අතර වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන කාලයකි. පොත්පත් ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලට වැඩිකාලයක් යොදවන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට සිදුවන කාලයකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.