මේ සතියේ ඔබට

දෙසැ. 16 සිට දෙසැ. 22 දක්වා
දෙසැම්බර් 16, 2022

 

මේෂ

දේපළ ගැටලුවක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතිය ආරම්භය ඔබට මිශ්‍රඵලදායක බවක් අත් කරයි. මේෂ ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන සිදුකරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් හිමිකරන කාලයකි. නොදැනුවත්කම හේතුවෙන් ආරවුලකට පැටලීමට ඉඩ ඇත. දේපළ හිමිකමක් සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරුලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ. සති අන්තයේ දී ආගමික සැලසුමක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගනී.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

හදිසි විදෙස්ගත වීමක්

 

 

අවිවේකී ලෙස සතිය උදාකරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේ දී වරින් වර ඇතිකරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන අතර වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන

අමතර වියදම් වැඩිකරයි

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. ගනුදෙනුවක් පියවාගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. එමෙන්ම වෙනදාට වඩා අමතර වියදම් වැඩි කරයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ සිත් කලකිරීම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවිය හැකි ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. අමතර ආදායම් මාර්ග හිමිවූවත් ඒවාට බාධාගෙන දෙන අන්දමේ කටයුතු සිදුකරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

සහෝදර බැඳීමකට බාධා

 

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයක් වන අතර, පවුලේ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් ද සිදුකරයි. සහෝදර බැඳීමකට බාධාකාරී වන ලෙස සිදුකරන වැඩපිළිවෙළක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. සතිය මැද කාලයේ දී ආගමික සැලසුමක් හේතුවෙන් වෙනස්කම් කීපයක් සිදුකරයි. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබෙන කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

සිංහ

ඥාති උපකාරයක්

සහෝදරයකු වෙනුවෙන් අමතර වෙහෙසීමක් මෙන්ම මුදල් වැයවීමක්ද සිදුකරන සතියක් වන අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර තමා සොයාගෙන එන හිතවතකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි. හදිසි අසනීපකාරී බවක්, ලේ විෂවීමක් හෝ ආහාර විෂවීමක් සම්බන්ධව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන සතියකි. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. ඥාති දරුවකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

 

පවුලේ උත්සවයක්

 

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවස්ථානවලයි. පවුලේ වැඩිමහල් දරුවකු නිසා නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම පවුලේ වැඩි වගකීම් කොටසක් තමාපිට පැවරීමට ඉඩ ඇත. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. සතිය මැද කාලයේ දී විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුකරයි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවෙයි. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිකරන සතියකි.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

රැකියා ලාබ

 

ආගමික සැළසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 11, 12, 1, 2 යන භාවස්ථානවල සිදුවනු ලබයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරන සතියකි. අලුත් රැකියා ලාබ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. විවාහ ගිවිස ගැනීමක් කල්දැමීමට සිදුවීමෙන් පවුලේ ගැටලු කීපයක් මතු කරයි. සතිය මැද කාලයේ දී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරීවීම වැදගත් වේ. නිතර නිවෙසින් පිට වාසයට කරුණු සැලසෙන සතියකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

ආගමික භක්තියක් ඇති කරයි

 

අමතර ලැබීම්වලට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයක් වන අතර වැඩිහිටියකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ආගමික වැඩසටහන්වලට සම්බන්ධවීමට කටයුතු සැලසෙන අතර, ආගමික වැඩසටහනක් සඳහා දුර පළාතකට යාමටද අවස්ථාව උදා කරයි. දරුවකුගේ හිතුවක්කාර වැඩපිළිවෙළක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් මතු කරයි.

අය 05 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

ධනු

සැලසුමක වෙනසක්

විශේෂ ලැබීමකට හිමිකම් ඇති සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට පත්කරන සතියකි. අවිවේකී ලෙස සතිය මැද කාලය ගෙවී යයි. උරහිස ආශි‍්‍රත ඇතිකරන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දරුවකු සම්බන්ධ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන සතියකි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුවක් නිරවුල්කර ගැනීමට මඟ සැලසේ. හදිස්සියේ යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මකර

දරුවකු පිළිබඳ සැළකිලිමත් වන්න

 

 

මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිස්සියේ සිදුකරන වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වන බවක් පෙන්වයි. නිතර පොත්පත් ලිපිලේඛන කටයුතු කෙරෙහි සිත යොදවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී දුරදිග නොබලා ගන්නා තීරණයක් හේතුවෙන් සහෝදරයකු සමඟ ඇතිවන ගැටලුවක් දුරදිග යයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කුම්භ

 

ණය ගනුදෙනුවක් සාර්ථකයි

 

හදිසි වියදමක් සම්බන්ධ කටයුතු කීපයකට අතගැසීමට සිදුවන සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී ඔබේ ලග්නයට අනුව සඳුග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා මතුකරන කාලයකි. සතිය මැද කාලයේ දී දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීම යහපත් කරයි. සති අන්තයේ දී මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා ආගමික කටයුතුවලට නැඹුරුතාවයක් දක්වන කාලයකි.

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

මීන

ප්‍රසිද්ධියට පත්කරයි

 

 

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු සිදුකරන කාලයක් වන අතර මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. විවාහ ගැටලුවක් දුරදිග යාමෙන් පවුලේ අය අතර නොසන්සුන්කාරී බවක් ඇති කරයි. වරින්වර මතුකරන අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් තම ප්‍රසිද්ධියට හේතු ඇති කරයි. ප්‍රභූ අය හා ඇසුරට මඟ සැලසෙන කාලයකි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. මවුපස ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.