ජූලි 29 සිට අගෝ. 04 දක්වා

ජූලි 29, 2022

මේෂ

නිෂ්ඵල ගමන්

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැය පස අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. ගේ දොර සැලසුමක් වෙනු‌වෙන් වෙහෙසීමට සිදුවන සතියකි. නිතර නිෂ්ඵල ගමන් යෙදෙන කාලයක් බව පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අමතර මුදලක් මෙන්ම අමතර වෙහෙසක් ද දැරීමට සිදුවේ. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරීබවක් ඇති කරයි. සති අන්තයේදී හිතුමතයට කටයුතු කිරීමෙන් නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

ගේ දොර අලංකාරයට අමතර මුදලක්

වෙනදාට වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථාන වලයි. නිතර ගනුදෙනු වලදී කල්පනාකාරී විය යුතු සතියකි. ආහාරපාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. යටිබඩ ආශ්‍රිත ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී ආයතන ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. නිතර විනෝදයට බරව කටයුතු කරන කාලයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමක් සිදුකරයි.

අය 07 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

ධනු

අඹුසැමි සිත් අමනාපයක් මග හැරේ

නිතර වැටීම් තැලීම් ආදියට ඉඩ ඇති සතියක් බැවින් වෙනදාට වඩා පරිස්සම් විය යුතු සතියක් වන අතර මේ සතියේ ඔබේ කේන්දරයේ සඳුගේ ගමන සිදුවන්නේ 8,9,10 යන භාවස්ථාන වලයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් අමතර මුදලුත් කාලයත් වැය කරන සතියකි. අධ්‍යාපනය ලබන දරුවන් ගැන සතුටට පත් විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. සහකරු හා සහකාරිය සමඟ ඇතිව තිබූ සිත් අමනාපයක් දුරු වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගමන් අපේක්ෂිතයන්ට සුබදායක සතියකි. සති අන්තයේදී නිතර හට ගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ

ප්‍රභූ ඇසුරක්

මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් ගත වෙහෙසීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. සහෝදර මත භේදයක් දුර දිග යාමෙන් ගැටලුවකට මුහුණ පෑමට සිදුවන සතියකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක වෙනසක් සිදුවන සතියකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබේ. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුනත් ඒ පිළිබඳ දුර දිග සිතා බැලීම වැදගත් වේ. නිතර පුණ්‍ය කටයුතුවලට සහභාගි වීම යහපත් වන බවක් පෙන්වයි. සති අන්තයේදී ප්‍රභූ කෙනකු හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා

විශ්වාසය බිඳ වැටීමක්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථාන වලයි. නීතිමය ගැටලුවකට මුහුණ පෑමට සිදුවන සතියක් වන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් ද පෙන්නුම් කරයි. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන සතියකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රතිඵල ලබා ගත හැකි සතියක් බව පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

මකර

නිවසින් බැහැරව කටයුතු කරයි

මෙතෙක් ප්‍රමාදතා සිදුකළ විවාහ ගිවිසුමකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරන සතියකි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ හදිසි ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. සතිය මැද කාලයේදී මවු පස ඥාතියකු සමඟ සිත්තැවුලක් ඇති කර ගනී. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු සතියකි. නිතර දවසින් වැඩි කාලයක් නිවසින් බැහැරව සිටීමට සිදුවන බවක් පෙන්වයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - බ්‍රහස්පතින්දා

සුබ දවස - ඉරිදා

 

මිථුන

විදෙස්ගත වීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක බවක් පෙන්නුම් කරයි. එමෙන්ම දරුවන්ගේ කටයුතු හේතුවෙන් නිතර මානසික පීඩාවකට ලක් වන බවක් පෙනේ. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී දුර දිග සිතා බලන්න. අසරණ කෙනකුට පිහිට වීමට අවස්ථාව උදාකරයි. පවුලේ ගැටලුවක් සමථයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.

අය 08 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

තුලා

ගනුදෙනු වාසියක්

හදිසි කටයුතු කටයුතු කීපයකට මග සැලසෙමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි. තනතුරු ලාභයක් හේතුවෙන් මෙතෙක් මඟ හැරී තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. නිතර අමතර ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවන බවක් පෙන්නුම් කරයි. යටපත් වූ අතක අමාරුවක් නැවත ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිසි සැලසුමක් සාර්ථක වන සතියකි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර වෙහෙසීමක් ඇති කරයි. ගනුදෙනුවක් තුළින් වාසි කීපයක් සැලසේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

අමතර වියදම්

වරින් වර ශාරීරික දුබලතා මතු කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සමාජ සේවා කටයුතු වලින් තමාට ප්‍රශංසා හිමි කරන අතර නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් ද පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේදී අමතර වියදමක් ඇති වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වාහනයක අලුත් වැඩියාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන සතියකි.

අය 05 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

කටක

වයසින් අඩු අය සමඟ ඇසුරක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථාන වලයි. තීන්දු තීරණ ගැනීමේදී තමාගේ ඉදිරි කටයුතු පිළිබද සිතීම වැදගත් වන අතර කරගෙන යන ව්‍යාපාරයක දියුණුවක් ද ඇති වන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන සතියකි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. සතිය මැද කාලයේදී නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. සති අන්තයේදී දරුවකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 06 - වැය 02

ජය අංකය - 02

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

ආගමික භක්තිය වැඩි කරයි

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. ආගම දහමට ලැදිව කටයුතු කරන සතියක් වන අතර ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. මේ සතියේ වෘශ්චික ලග්න හිමි ඔබට රැකියාව පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

එහෙත් හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර මවගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මීන

පාදයේ ආබාධයක්

දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7 යන භාවස්ථාන වලයි. තරඟ විභාගයක් සම්බන්ධ කටයුතුවලදී නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇත. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩ ඇති සතියකි. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදි වීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී යටපත් වූ පාදයේ වළලු කර ආශ්‍රිත ඇති වන ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - රෝස

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.