මේ සතියේ ඔබට

මැයි 27, 2022

මේෂ

දරුවකුගේ ජයග්‍රහණයක්

 

 

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වුවත් හදිසි ගමන් කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 1,2,3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. සිතේ පී‍්‍රතිය හා සතුට පලා යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. එමෙන්ම ප්‍රධානීන් හා ඇසුරේදී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. වියදම් පක්ෂය වැඩිවන සතියකි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. වරින් වර හටගන්නා වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා සමාජ සේවා කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ උනන්දුව අඩුවන සතියකි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි. ළඟම හිතවතකු පිළිබඳ සිත් කලකිරීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයකට මඟ සැලසේ. දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්විය හැකි සතියකි.

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

දේපළ ගැටලුවකට මුල පිරෙයි

 

පවුලේ කෙනකු වෙනුවෙන් වැඩි කැපකිරීම් කීපයක් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතරමඟ නවතා දැමීමට සිදුවන සතියකි. පිය පාර්ශ්වයේ ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියාවේ ඇතිවන ගැටලුකාරි බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමෙන් වාසි කීපයක් අත්කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් අමතර මුදල් වැය වන මාර්ග කීපයක් පෑදේ. දේපළ ගැටලුවකට මුල පිරෙන සතියකි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර පතන බවක් තේරුම් කරයි. සතිය මැද කාලයේදී සිතේ සැනසීම අඩුවීමෙන් මෙතෙක් ගෙන තිබූ තීන්දු තීරණ කීපයක් වෙනස් කරයි. සති අන්තයේදි අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙන්වයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන

නිවසේ දානමය කටයුත්තක්

 

 

ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතුව තිබූ ගැටලුකාරි බවකින් නිදහස් වීමට මඟ සැලසේ. එමෙන්ම අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. එහෙත් සමහර තීරණ වරින් වර වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් පිළිබඳ අසන්න ලැබේ. නිතර තනිව, හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සතියකි. යොදාගත් සැලසුමකට බාධාකාරි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දරුවකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙන්වයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳත් අවබෝධයෙන් පසුවන්න. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරයි. සැලසුම් කරගෙන ආ කටයුතු කීපයක ප්‍රමාදතා සිදුකරයි. නිවසේ දානමය කටයුත්තකට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි.

 

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

කටක

දේපළ ගැටලුවක් නිරවුල්

 

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි. අලුත් රැිකියා අපේක්ෂිතයන්ට සුබදායක සතියක් වන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසකටද මුහුණපෑමට සිදුවෙයි. එමෙන්ම හදිසි තීරණයක් හේතුවෙන් තමාගේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනසකට ලක්කරයි. සතිය මැද කාලය වන විටදී හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන අතර නිතර ජලයෙන් මෙන්ම උස් ස්ථාන සම්බන්ධ කටයුතු ආයුධ සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කරයි. මෙතෙක් බාධා ගෙන දුන් මුදල් ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙනේ. හදිස්සියේ අලුත් හිතවත්කමකට මඟ සැලසෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට සුබදායක සතියක් වන අතර තරග විභාග වලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. පරම්පරාගත දේපළක් සම්බන්ධ ඇතිව තිබූ ගැටලුවක් නිරවුල් කරයි. සති අන්තයේදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනාගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර පදිංචියෙන් පිට කටයුතු කිරීමට කරුණු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 03

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

තම නාමය ප්‍රසිද්ධියට පත්වේ

 

අවිවේකී වුවත් යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුකර ගත හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. වරින්වර ගතට සිතට පීඩාකාරි බවක් ගෙන දෙන සතියකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමක් සිදුකරයි. සතිය මැද කාලයේදී රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වේ. අලුත් ව්‍යාපාරයකට මඟ පෑදෙන සතියකි. දුගී මගී අය වෙනුවෙන් දානමය කටයුත්තක් සැලසුම් කරන කාලයකි. ණය ගනුදෙනුවක් හෝ ණය මුදලක් ඔබගේ වාසියට විසඳෙනු ඇත. තම නාමය ප්‍රසිද්ධියට පත්වන සතියකි. මෙතෙක් පැවැති සතුරු කරදරයකින් නිදහස අත්කරයි. ලාභ අපේක්ෂාවෙන් කරන වැඩපිළිවෙළක් සාර්ථක කරයි. උගුරේ හට ගන්නා ආබාධ තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර පැතීමක් සිදුකරයි. අතපසු වීම් කීපයක් සිදුවීමෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්කරයි. විදෙස් ගමනක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

කන්‍යා

ගනුදෙනු වාසියක්

 

නිතර ඇසුරු කරන අයකු සමඟ මතභේදකාරි බවක් ඇතිකර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. විවාහය සම්බන්ධ පොරොන්දුවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. හිතුවක්කාර ගතිපැවතුම් මෙන්ම තීරණ ද තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලය වන විටදී නොසිතූ ලෙස පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. හදිස්සියේ ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදුවන සතියකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු සමාජ සේවා කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමුකළ යුතුයි. නිතර තමාට දෝෂාරෝපණ එල්ල වන කාලයකි. මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. ණය ගනුදෙනුවක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි සැලසුමකට අත ගැසීමට මඟ සැලසේ. හදිසි මුදල් ලැබීමකට හෝ ගනුදෙනුවකින් වාසියක් සැලසීමට ඉඩ ඇත.

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා

 

අඹුසැමි සිත් නොහොඳකමක්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙන කාලයකි. ආර්ථික අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගොවිතැන් කටයුතු වල නියුතු වූ අයට යහපත් කාලයක් උදා වන අතර අලුත් බෝග වගා ආරම්භයට ද මඟ සැලසේ. ඉඩම් නඩුවකින් වාසි හිමිකරන කාලයකි. නිතර වැඩිහිටි අයගේ උපදෙස් මත කටයුතු කරන කාලයක් බව පෙනේ. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිකරන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර පතයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. නිතර විරුද්ධ ලිංගිකයගේ ඇසුර පතන කාලයකි. එහෙත් නිතර තම ආත්ම ගෞරවය පිළිබඳව ද සිතන බවක් පෙනේ. කේලාම් බස් දුරදිග යාමෙන් අඹුසැමි සිත් නොහඳකමකට හේතු ඇති කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවනයක් ඇති කරන සතියකි. දරුවකුගේ අසනීප තත්ත්වයක් පිළිබඳ වෙහෙසීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

නීති ගැටලුවකින් ජය

 

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. නව වැඩපිළිවෙළකට අත ගසන කාලයක් වන අතර පවුලේ අයගේ උදව් උපකාර ද හිමිවන බවක් පෙන්නුම් කරයි. එහෙත් ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. අඹුසැමි ගැටලුවක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වැඩිහිටියකුගේ යහපත වෙනුවෙන් පවුලේ වෙනස්කම් කීපයක් සිදුකරයි. මෙතෙක් ප්‍රමාදතා ඇතිකළ නීතිමය ගැටලුවකින් ජය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී හදිස්සියේ ඇතිවන කොන්දේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රැකියාවේ ඇතිවන ගැටලුකාරි බවක් හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇති කරයි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට අයහපත උදාකරයි. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ නිවාස සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු

අමතර ලැබීමක්

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරන කාලයක් වන අතර, පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් තීරණ කීපයක් ද ගැනීමට මඟ සැලසේ. එහෙත් සහෝදර මතභේදකාරි බවක් දුරදිග යන අන්දමේ ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. දරුලාබ හිමිකමක් පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු සිදුකරයි. පිය පක්ෂයේ ඥාතියකුගේ අසනීපකාරි බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිකරයි. අසල්වැසියකු නිසා නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වරින් වර ඇතිකරන උරහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. පවුලේ දානමය වැඩසටහනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන අතර, වෙනදාට වඩා වැයපස අධික කරන අන්දමේ කටයුතු කීපයක්ද යෙදේ. සති අන්තයේදී විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයක් වන අතර අමතර ලැබීමකට හිමිකම් ඇති කරයි.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

මකර

විවාහ බලාපොරොත්තුවක් ඉටුවේ

 

ගතට සිතට පීඩාකාරි බවක් ගෙනදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. නිවසේ අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතු සතියකි. නිතර තමාට අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියා ස්ථානයේ පැවැති අසහනකාරී බව තවදුරටත් වැඩිවන බවක් පෙන්වයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පෙණහලු ආශි‍්‍රත ඇතිවන අසනීපකාරි බවකින් පීඩා විඳී. සතිය මැද කාලයේදී සහෝදරයකු සමඟ ඇතිවන බහින්බස්වීමක් දුරදිග යයි. හදිසි ගමන් කීපයක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කරයි.අධික මහන්සිය තමාගේ ශාරිරික සුවයට බාධාකාරි බවක් ඇතිකරයි. ගේ දොර අලංකාරයට ද හේතු යෙදෙන කාලයකි.

දනට පිනට ලැදිව කටයුතු කරන කාලයක් වන අතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. දරුවන් පිළිබඳ සොයා බැලීමක් මඟහැරී යන අන්දමේ කරුණු කීපයක් යෙදේ. විදෙස් ඥාතියකුගෙන් මූල්‍යමය උපකාරයක් හිමිකරයි. ඔබ විවාහ වයසේ පසුවන අයකු නම් ඒ පිළිබඳ සුබදායක බලාපොරොත්තු ඇතිකර ගත හැකි කාලයක් බව පෙනේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

ණය ගනුදෙනුවක් ප්‍රමාද කරයි

 

නොසන්සුන්කාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණ තමාගේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. එමෙන්ම මුදල් වැයවීම් වැඩිකරන සතියක් වන අතර, ණය ගනුදෙනුවක් ප්‍රමාද වීමෙන් ගැටලු කීපයක් මතුකරයි. සහෝදර පක්ෂය සමඟ මතුවන සිත් නොහඳකමක් දුරදිග යන බවක් පෙනේ. අමතර ලැබීම් වලට පැවැති මාර්ග කීපයක් මඟහැරී යන කාලයකි. දරුවකුගේ හිත සුව පිණිස ගන්නා පියවර කීපයක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි. දුර වෙසෙන හිතවතකුගේ හමුවීමක් සිදුවීමෙන් තමාට වාසි කීපයක් හිමිකරයි. වෙනදාට වඩා කේන්තියෙන් කටයුතු කරන කාලයක් වන අතර ගන්නා තීරණ කීපයක් වෙනස් කිරීමටද සිදුවේ. විවාහය සම්බන්ධ ගැටලුකාරි බවක් ඇතිකරන කාලයක් වන අතර, අඹුසැමියන් අතර සිදුවන මතභේදකාරි බවක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි.නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේදී යටිබඩ ආශි‍්‍රත ඇතිවන හදිසි අසනීපකාරි බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

 

මීන

සමාජසේවා කටයුතුවලින් කැපී පෙනේ

 

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයක් මත කටයුතු කීපයක් සිදුකර ගන්නා සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. කලකින් නොදුටු ඥාතියකුගේ හමුවීමක් සිදුවන කාලයකි.නිතර තමා කරන කියන කටයුතු වලට දෝෂාරෝපණ එල්ලවිය හැකි බවක් පෙන්වයි.අමතර මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම තමා සතු බඩුබාහිරාදිය පරිස්සම් කර ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර සොරසතුරු උවදුරක් හේතුවෙන් පීඩාකාරි බවක් ද ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමෙන් පැවැති ගැටලුකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත. පරම්පරාගත දේපළක් පිළිබඳ මතභේදකාරි බවක් ඇතිවිය හැකි කාලයකි.

විවාහ අපේක්ෂාවෙන් සිටින අයට පැවැති බාධාකාරි බවක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන අතර සමාජසේවා කටයුතු වලදී සමාජයේ කැපී පෙනෙන බවක්ද පෙන්නුම් කරයි.අමතර මුදල් ලැබීමකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීමෙන් තමාට යහපත උදාකරයි.

 

 

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.