මැයි 06 සිට මැයි 12 දක්වා

මැයි 6, 2022

මේෂ

 

රැකියාවේ ගැටලුවක් සමථයකට

 

විශේෂ හිතවතුන් කීප දෙනෙකු දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි ගමන් කීපයකට සහභාගි වීමට කටයුතු සැලසෙන අතර පවුලේ වැඩිමහල් සහෝදරියක වෙනුවෙන් වෙනදාට වඩා කැපවී කටයුතු කිරීමට ද අවස්ථාව උදා කරයි. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් පැවැති මතභේදකාරී බවක් මඟහැරී යයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. සතිය මැද කාලය වන විටදී ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතිය යුතු බවක් පෙන්වයි. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන හදිසි තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක බවක් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. නොසිතූ ලෙස පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධව පැවැති මත ගැටුමක් සමථයකට පත් වන සතියකි. නිතර හට ගන්නා සෙම් රෝගයක් පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

 

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

මවුපස ඥාතියකුට ඇප උපකාර

 

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් ඇතිව තිබූ සිත්තැවුලක් මඟහැරී යන සතියකි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමෙන් වාසි කීපයක් සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් නොසිතූ ලෙස වැය පස අධික කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පකාරීව කටයුතු කරන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන කාලයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපකාර කිරීමට අවස්ථාව උදා කරයි.

නිතර ශාරීරික වෙහෙසීම ඇති වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලය වන විට දී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන අතර දරුවකුගේ විවාහ ගිවිසුමකට කටයුතු සැලසෙන බවක්ද පෙන්නුම් කරයි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතා දැමීමට සිදු වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවකුගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදු වෙයි.

 

අය 06 - වැය07

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

මිථුන

 

ආගමික සැලසුමකට දුර ගමනක්

 

හදිසි වගකීම් කීපයක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ තීරණයක් වෙනස් කිරීමෙන් ගැටලුදායක බවක් ඇති කරයි. නිතර තමාට දෝෂාරෝපණ එල්ලවිය හැකි සතියකි. පවුලට අලුතින් සම්බන්ධ වන ඥාතියකු නිසා කලබලකාරී බවක් ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් අතර මඟ නවතා දැමීමට සිදුවේ. රැකියාවේ කටයුතු පිළිබඳ පැවැති බාධා කීපයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තමා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙහෙසෙන කාලයකි. සතිය මැද කාලය වනවිට දී අජීර්ණ ආබාධයක් හෝ ආහාර විෂවීමක් සම්බන්ධ ආබාධ තත්ත්වයක් ඇතිවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. නිතර දරුවන් ගැන සැලකිලිමත් වන්න. අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධික වීමට ඉඩ ඇත. කලාකාමි කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. සති අන්තයේදී ආගමික කටයුත්තක් උදෙසා දුරගමනකට සැලසුමක් ඇතිකර ගනී.

 

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක

දරුවන් පිළිබඳ වගකීම් පැහැර හැරීමක්

 

සැලසුම්සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කටයුතු කිරීමට කටයුතු සැලසෙන සතියකි. සමාජීය කටයුත්තක් හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. නිතර තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන කාලයකි. මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වෙනදාට වඩා පින්දහම් කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. එහෙත් දරුවන් පිළිබඳ වගකීම් පැහැර හැරීමක් සිදු වීමෙන් පවුලේ ගැටලු කීපයක් මතු කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයක් වන අතර, නිතර දුර බැහැර ස්ථානවලද කටයුතු කිරීමට සිදු වන බවක් පෙන්නුම් කරයි. උරුම හිමිකමක් පිළිබඳ පවුලේ අය අතර පැවැති අර්බුදකාරී බවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලය වන විට දී තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. කලබලකාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාර සැලසෙන සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න.

 

 

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සඳුද

 

සිංහ

ශාස්ත්‍රීය කටයුත්තකට අතගසයි

 

වැඩි වගකීම් ප්‍රමාණයක් තමාවෙත පැවරෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළයුතු සතියකි. අමතර ලැබීම් කීපයක් මඟහැරී යන බවක් පෙන්වයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැය වීමක් සිදු කරයි. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියකි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තනි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වෙනදාට වඩා මවගේ කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී අසල්වැසියකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත රෝගී තත්ත්වයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම වතුරෙන්ද පරිස්සම් වන්න. තමාට හිමිවන්න තිබූ දේපළක් සම්බන්ධ මුදලක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට මඟ සැලසෙන සතියකි. මවුපිය උරුමයක් සම්බන්ධ පැවැති ගැටලුදායක බවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ වැඩිහිටියකු නිසා සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා

විවාහයට වැඩිහිටි ආශිර්වාද

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවස්ථානවලයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට හේතු කීපයක් ඇති කරන කාලයකි. පවුලේ ගැටලුවක් නිසා වෙහෙසීමට සිදු වන අතර පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගැනීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන අතර ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමටද කටයුතු උදා කරයි. අමනාප වූ හිතවතකු තමා සොයාගෙන එන කාලයකි. එමෙන්ම අලුත් හිතවත්කම්වලටද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ බලාපොරොත්තුවකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සතිය මැද කාලයේ දී ප්‍රමාද වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක අන්දමේ බලාපොරොත්තු කීපයක් ඇති කරයි. නිතර නිවෙසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ප්‍රමාද වූ ගේ දොර අලුත්වැඩියාව නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. හදිසි ගමන් කීපයක් යෙදෙන කාලයකි.

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා

දුරගමනකට කටයුතු

සැලසේ

 

එදිනෙදා කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙසක් දරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි. අමතර ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරන සතියකි. නිතර දුරබැහැර ගමන් යෙදෙන අතර, පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමටද අවස්ථාව උදා කරයි. දරුවකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් ඇතිවන මානසික අසහනකාරී බව දුරදිග යන බවක් පෙන්නුම් කරයි. එමෙන්ම නීති ගැටලුවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. සතිය මැද කාලයේ දී පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. මෙතෙක් යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. නිතර ආගමික සහන පතන කාලයකි. ශාස්ත්‍රීය කටයුතුවල නියුතු වූවන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. නිතර ප්‍රභූ ඇසුරකට මඟ සැලසෙන කාලයකි. සති අන්තය වන විටදී පවුලේ අය සමඟ දුරගමනකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වන අතර, නිතර කෑමෙන් බීමෙන් මෙන්ම ගමන් වලින්ද පරිස්සම් වන්න. හදිසි කැපුම් කෙටුම් තුවාලයක් සිදු විය හැක.

 

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

විදෙස් ගමනක්

අවිවේකී ලෙස කටයුතු ආරම්භ කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කිරීම වැදගත් වේ. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. දුර ගමනක් හේතුවෙන් ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. නොසිතූ ලෙස පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවෙයි. හදිසි තීරණයක් හේතුවෙන් ඇතිවන ගැටලුසහගත තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු සම්බන්ධ සිදුවන විශේෂ වෙනස්කම් කීපයක් හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුවන අතර, වියදම් පක්ෂයද අධික කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ හිමිවන කාලයකි. පරම්පරාගත දේපළක් සම්බන්ධ මෙතෙක් පැවැති මතභේදකාරී බවක් මඟහැරී යන අන්දමේ කරුණු කිපයක් සිදු කරයි. ඥාති හිතවත්කම් අලුත් කරන කාලයකි. සති අන්තයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කරයි. නිතර ගත සිත වෙහෙසා කටයුතු කරන සතියක් වන අතර, පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

 

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

ධනු

වැඩිහිටි සුහදතාවයක්

අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භවන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා සැනසිලිදායක ලෙස සතිය ගෙවී යන බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයක් වන අතර, වැඩිහිටි ආශිර්වාද ඇතුව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සිත් සතුටු කරවන පුවතක් අසන්න ලැබෙන සතියකි. සතිය මැද කාලයේදී ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හදිස්සියේ හට ගන්නා වාත වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පවුලේ වැඩිහිටියන් අතර සුහදතාවට හේතු සැලසෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු වලට අමතර වෙහෙසීම් ඇති කරන කාලයකි. මවට මෙන් මවුපස ඥාතියකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමෙන් වාසි කීපයක් ඇති කරයි. පැරණි හිතවතකුගේ හමුවීමක් සිදු වීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවෙයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කරන කාලයක් වන අතර, ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට ද කටයුතු සැලසේ.

 

 

 

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර

රැකියාවේ වගකීම් ඉහළ යයි

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා කාර්යබහුල බවක් ඇති කරන කාලයකි. නැතිබැරි පිරිසකට ආහාරපාන මඟින් උදවු උපකාර කිරීමට කටයුතු සැලසේ. එහෙත් නිසි වේලාවට කටයුතු නොකිරීමෙන් ගැටලු මතු කරයි. නොසිතූ ලෙස දුර ගමනක් වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවේ. නිතර තම අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් ඉහළ යන බවක් පෙන්වයි. අත්‍යවශ්‍ය කටයුතු කීපයක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවන කාලයකි. ආගමික භක්තිය වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර දානමාන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියකි. සතිය මැද කාලයේදී දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ශාරීරික වෙහෙසීම් ඇති කරයි. උසස් නිලධාරියකුගේ අනුදැනුම මත කටයුතු කීපයක් සිදු කිරීමට මඟ සැලසේ. හිතවතකු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදු වන සතියකි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

කුම්භ

සැලසුම් වෙනසක්

 

නිවාස අවශ්‍යතාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අතරමඟ නවතා දැමූ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියකි. මෙතෙක් පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වන සතියකි. වෙහෙසකාරී ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් කල්දැමීමට සිදුවේ. පවුලේ යුතුකම් පැහැර හැරීමක් සිදුවිය හැකි බවක් පෙන්වයි. සොර සතුරු කරදරයන් හේතුවෙන් පීඩා විඳින කාලයකි. ළඟින් ඇසුරු කරන්නෙකුගේ දුරස්වීමක් සිදු වීමට ඉඩ ඇත. මෙතෙක් පැවැති ප්‍රසිද්ධියකට බාධාකාරී ලෙස කටයුතු සිදු කරන බවක් පෙන්වයි. සතිය මැද කාලයේ දී ණය ගනුදෙනුවක් සම්බන්ධව කටයුත්තක් කල් දැමීමට සිදු වෙයි. නිතර ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. එහෙත් උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්වයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු නොවූ ලෙස ජයග්‍රහණයක් හිමි කරයි. සති අන්තයේදී පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වියදම් කිරීමට සිදු වන බවක් පෙන්වයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

මීන

මංගල යෝග

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. නව ආදායම් මාර්ගයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. තම යුතුකමක් ඉටු කිරීමෙන් තෘප්තියට පත්විය හැකි සතියකි. තම නම ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදු වන සතියකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම ජල පරිහරණයේ දී ද සැලකිලිමත් වන්න. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට මඟ සැලසෙන සතියකි. විවාහ අපේක්ෂිතයන්ට යහපත් මංගල යෝග උදා කරයි. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වන සතියකි. සතිය මැද කාලයේදී බලාපොරොත්තු නොවූ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. අතරමඟ නවතා දැමූ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදු වෙයි. අවිවේකී වුවත් පවුලේ කටයුතු නිසි ලෙස නිමා කර ගැනීමට හැකිවන බවක් පෙන්වයි. සති අන්තයේදී පවතින අසනීප තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන කාලයකි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි.

 

 

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.