මාර්තු 18 සිට මාර්තු 24 දක්වා

මාර්තු 18, 2022

 

අලුත් රැකියා ලාබ හිමිකම්

මේෂ

 

හදිසි තීරණයක් වෙනසකට පත් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් බහුල කරන කාලයක් වන අතර වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක්ද ඇති කරයි. හදිස්සි වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, අලුත් රැකියා ලාබ හිමිකම් ඇතිකරන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. සතිය මැද කාලය වන විට දී මෙතෙක් අතපසු වෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති කාලයකි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු උදාකරයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට අවධානය යොමු කරන සතියක් වන අතර ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කරයි. පවුලේ ළඟම ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. මත ගැටුමකට මුල පිරෙන සතියක් හා බැවින් පවුලේ අය ඇසුරේදී වෙනදාට වඩා සැළකිලිමත් වන්න.

වියදම් පක්ෂය වැඩිකරන සතියක් වන අතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට ද සිදුවනු ලබයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය -07

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බදාදා

 

*****************

හදිසි දේපල ලැබීමක්

 

කටක

 

සැලසුමක් සාර්ථක කරගෙන යෑමට වෙහෙසක් දැරිය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවස්ථානවලය. විවාහ ගැටලුවක් දුරදිග යන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට මඟ සැලසෙන බවක් පෙන්වයි. හදිසි වැටීම් තැලීම් වැනි අසනීපකාරී බවක් ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. හදිසි ගමනක් හේතුවෙන් වැඩපිළිවලක වෙනසක් සිදුකරයි. දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. විශේෂ ගමනකට මඟ සැලසෙන සතියකි. ළඟම හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගනී. සෙම් රෝග, හිසේ ආබාධ බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. තරඟ විභාගයකින් ජයග්‍රහණ හිමිකරයි. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි. වරින් වර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. ගේ දොර උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

***************

දරුලාබ හිමිකම්

වෘෂභ

 

ගනුදෙනුවක් පියවා ගැනීමට නීතිමය පියවර කීපයක් ගැනීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවස්ථානවලයි. නිතර කේන්තියන ස්වභාවයකින් කටයුතු කරන සතියක් වන අතර, පවුලේ අය අතර ගැටලුකාරී බවක් ද ඇති කර ගනී. තනි මතයට කටයුතු සිදුකරන කාලයකි. නොසිතූ පාඩුවීම් ද සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුකරයි. හදිසි ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. දරුවකුගේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතුවිය හැකි බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම එදිනෙදා කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයකි. විදෙස් ලැබීමක් හේතුවෙන් වැඩපිළිවෙලක වෙනසක් සිදු කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන සතියකි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදල් වැයවීමක් සිදුකරයි. අසල්වැසි හිතවත්කමක් විවාහයට මඟ සැලසේ. ව්‍යාපාර කටයුත්තකින් නොසිතූ පාඩුවක් සිදුකරයි. දරු ලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

 

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

*************

ඉඩම් ගනුදෙනුවක්

 

සිංහ

 

මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි. රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම පවුලේ අය අතර ඇති කරන නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා ගතට සිතට මහන්සියක් ඇති කරන බවක් පෙන්වයි. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. හදිසි ඉඩම් ගනුදෙනුවකට මඟ සැලසෙන කාලයකි. අසල්වැසියකු සමඟ සිත් නොහොඳකමකට කටයුතු සිදුකරයි. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ගෙදර දොර කටයුතුවලදී වෙනදාට වඩා පරිස්සම් වන්න. මවගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් වන අතර නිතර මව ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. දරුලාභ බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක සතියකි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට හිමිවීමට ඉඩකඩ වැඩි කරයි. හදිසි තීරණ ගැනීමෙන් තමාට අයහපත ඇති කරයි. දුර ගමන් යෙදුණත් ඒවාට සහභාගිවීමට අවස්ථාව නොලැබේ. සති අන්තය වනවිටදී දරුවකුගේ හිතුවක්කාර කටයුත්තක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි. නිතර තනි මතයට කටයුතු කිරීමට සිතන කාලයකි. මිලමුදල් වැයවීම් වැඩි කරයි.

 

 

අය 08- වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

*************

 

ගනුදෙනු වාසියක්

 

මිථුන

 

 

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථානවලයි. සහෝදර මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. නොගැලපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ ඇති වූ ගැටලුදායක තත්ත්වයක් නිරවුල් කර ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. එහෙත් සතිය මැද කාලයේ දී අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු අතර වාහන ගනුදෙනුවකින් වාසියක් ද සැලසේ. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුකරයි. පවුලේ දානමය පින්කමකට කටයුතු සැලසෙන සතියකි. සති අන්තයේ දී විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන කාලයක් වන අතර ඒ පිළිබඳ වැඩකටයුතු අධික වන බවක් ද පෙන්නුම් කරයි.

 

අය 08 - වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - ලා කොළ

සුබ දවස - සඳුදා

*************

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි

 

කන්‍යා

 

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කටයුත්තක් සිදුකරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල සිදුවනු ලබයි. පවුලේ වැඩිහිටියකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. මෙතෙක් ඉතිරි කල මුදලක් හදිස්සියේ වැය කිරීමට සිදුවේ. දරුවන් සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ ඉඩකඩම් සම්බන්ධ මතභේදකාරී බවක් ඇති කරයි. වැඩිහිටි අවවාද අනුශාසනාවලට ඇහුම්කම් දීමෙන් ගැටලු කීපයක් මඟහරවා ගැනීමට කටයුතු උදාකරයි. සතිය මැද කාලය වන විට දී තුනටියේ හට ගන්නා වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ආර්ථික අතින් අපහසුකම් පැන නැගෙන කාලයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි දවසින් වැඩි කාලයක් යොදවනු ලැබේ. විශේෂ තරඟ විභාගයකින් ජයහිමි වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. මූත්‍රගත ආබාධයක්, උෂ්ණාධික ආහාරපාන ලබා ගැනීමෙන් හටගන්නා අසනීප තත්ත්වයක් මතුවීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් හිමිවන ලකුණූ පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ණය - කොළ

සුබ දවස - ඉරිදා

*************

 

භෝජන සංග්‍රහයකට ඇරැයුමක්

 

තුලා

 

ගෘහ ජීවිතයේ කටයුතු වෙනුවෙන් වැඩි උනන්දුවක් ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් නීතිමය ගැටලුවකට මැදිවෙමින් පැවැති දේපලක් සම්බන්ධ ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. පවුලේ විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුකරයි. ළඟම ඥාතියකුගේ භෝජන සංග්‍රහයකට ඇරැයුමක් සිදුකරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර වාහනයක අඩුපාඩුවක් සපුරා ගැනීමට අමතර මුදලක් වැය කිරීමට ද සිදුවේ. සතිය මැද කාලයේ දී වැඩිහිටි විරෝධය මත ඇති කල ප්‍රේම සබඳතාවයක් අතර මඟ නවතා දැමීමට සිදුවෙයි. නිතර තමා පිළිබඳ පවුලේ අය අවිශ්වාසයෙන් මෙන්ම සැකයෙන් කටයුතු කරයි. මේ සතියේ ඔබට විදෙස් ගත හිතවතකුගෙන් විශේෂ ත්‍යාගයක් හිමිවීමට නියමිතයි. වෙනදාට වඩා නිවසින් පිට වාසයට කරුණු සැලසෙන අතර ප්‍රභූ අයගේ ඇසුරට ද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ මීට වඩා උනන්දුවිය යුතු කාලයකි. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන්න.

 

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

*************

මානසික අවිවේකය

 

මකර

 

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. උගුර ආශි‍්‍රත හෝ පපුව ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන කාලයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමක් සිදුකරයි. පින්දහම් කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන අතර ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමටද කටයුතු ද සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිකරන මානසික අවිවේකය වැඩිවන ලකුණු පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ විශේෂ පුවතක් අසන්න ලැබේ. ළඟම හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකරයි. සහකරු පාර්ශවයේ ඥාතියකු සම්බන්ධ සිත් කලකිරන අන්දමේ පුවතක් අසන්න ලැබේ. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි. තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. දුර බැහැර ගමන්වලින් වැළැකී සිටීම යහපත්කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ගැටලුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවෙයි. හදිසි වාහන මිලදී ගැනීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. ජලාශි‍්‍රත කටයුතුවලින් ඈත්වී කටයුතු කිරීම සුබදායක බවක් පෙන්නුම් කරයි. නිතර උෂ්ණාධික ආහාර පානවලින් වැළැකී සිටීම යහපත් කරයි. විදෙස්ගත ඥාතියකුගේ උපකාරයක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

 

 

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

*************

ගේදොර අලුත්වැඩියාවක්

වෘශ්චික

 

විශේෂ තරග විභාගයකට කරුණු සැලසමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල සිදුවෙයි. මෙතෙක් අවහිරතා ගෙනදෙමින් පැවැති ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථා උදාකරයි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත්විය හැකි බවක් පෙන්වයි. විශේෂ ගමනකට කටයුතු සැලසෙන සතියකි. එමෙන්ම අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට ද මඟ සැලසේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. සතිය මැද කාලයේ දී සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. නිතර තමා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු උදා කරයි. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශවාසය බිඳවැටීමක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. සතිය මැද කාලයේ දී ගේ දොර කටයුතු සැනසිලිදායක අන්දමින් ගෙවී යයි. දුර ගමන් වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු කාලයකි. සති අන්තයේ දී තමා වෙහෙසට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යටපත් වූ දණහිසේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.

 

 

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

*************

 

ගුප්ත කටයුතුවලින් පිහිට

කුම්භ

 

 

විශේෂ හිතවත්කමකට මඟ සැලසෙමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවස්ථානවලයි. රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කටයුතු වලදී කල්පනාකාරී වීම යහපත් කරයි. එමෙන්ම නිතර රැකියා ස්ථානයේ කලහකාරී කටයුතුවලට සම්බන්ධවීමට හේතු යෙදෙන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. විශේෂ ගමනකට මඟ සැලසෙන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. මෙතෙක් නීති පිහිට පැතූ ඉඩම් ආරවුලකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. රැකියාවට අමතර ආදායම් මාර්ගවලට අතහිත ලැබෙන කාලයකි. තුනටියේ හෝ පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිකරන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සතිය මැද කාලය වන විට දී පවුලේ දරුවකුගේ උත්සව අවස්ථාවකට සහභාගී වීමට කටයුතු සැලසේ. සහකරු හෝ සහකාරිය සමඟ සිත් රිදවීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් නිවසේ කටයුතු වලදී වචන හුවමාරුවේ දී කල්පනාකාරී වන්න. නිතර විනෝදයට බරව කටයුතු කරන කාලයකි. පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. ගුප්ත කටයුතුවලින් පිහිට පැතීමට ද හේතු ඇතිකරයි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර මුදලක් වැය කරන සතියකි. වරින් වර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන්න.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

*************

 

විදෙස් ලැබීමක්

 

ධනු

 

 

 

අවිවේකය ඇති කලත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මඟ සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහහයා ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවස්ථානවලයි. විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියකි. පවුලට සම්බන්ධ වන අලුත් ඥාතියකු නිසා මතභේදකාරී බවක් ඇති කරයි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතු කරයි. වගකීමකින් මිදීමටට උත්සාහ දරන කාලයකි. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක වෙනසක් සිදුකරයි. පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු සතියකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. තමාට පවුලේ අයගේ ප්‍රසාදය හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. මුදල් සම්බන්ධ කටයුතුවලට අතගැසීමෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේ දී වරින් වර ඇති කරන මූත්‍ර අමාරුවකින් පීඩා ඇති කරයි. හදිසි ගමනකට සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියකි.

 

 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

*************

 

ආගමික පිහිට

 

මීන

 

අවිවේකී වුවත් සැලසුමක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරණ සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. වරින් වර මතු කරන අසනීපකාරී බවක් හේතුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. වෙනදාට වඩා අමතර වියදම් වැඩි කරන කාලයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ දැඩි අවධානයකින් පසුවන්න. අවිවාහකයන්ට හදිසි විවාහ යෝජනාවක් හිමි කරන සතියක් වන අතර පවුලේ අයගේ ආශිර්වාදයද හිමිවෙන ලකුණු පෙන්නුම් කරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. උෂ්ණගත අසනීප ගතිවලින් පීඩා ඇති කරයි. ගෘහ ජිවිතයේ කටයුතුවලින් සතුට සැනසුම අඩුවන බවක් පෙන්වයි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ අය අතර මතභේදකාරී බවක් ඇති කරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මග සැලසෙන සතියකි. මෙතෙක් අමනාපයෙන් සිටි අසල්වාසියකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වූ අයට යහපත් කාලයකි. මවගේ උදව් උපකාර ඇතිව අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ.

 

 

අය 06- වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.