මාර්තු 19 මාර්තු 25 දක්වා

මාර්තු 19, 2021

 මේෂ- දේපළ ගැටලුවක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයක් වන අතර සඳුගේ ගමන 2,3,4,5 යන භාවස්ථානවල සිදු වෙයි. ශරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. පවුලේ කෙනකු සමඟ ගනුදෙනුවක් කර ගැනීමට මඟ සැලසේ. වෙනදා වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට හැකිවෙයි. දේපළ ගැටලුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

විදෙස් ගත ඥාතියකුගේ පැමිණීමක් සිදු වීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ සම්බන්ධ කටයුතු හේතුවෙන් සිත් කලකිරීම් ඇති කරයි. මානසික අවිවේකය ඇති කරන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

සිංහ -කකුලේ ආබාධයක්

අමතර ආදායම්වලට කටයුතු සැලසෙන කාලයක් වන අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් කෙරෙහි වෙහෙසීම් ඇති කරන සතියකි. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. සහෝදර බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වරින් වර ඇතිකරන කකුලේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය -ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු -තීරණ වෙනසක්

පවුලේ දියුණුව සම්බන්ධයෙන් විශේෂ පියවර කීපයක් ගන්නා සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති අසනීප ගති මඟහැරී යන කාලයකි. නිතර දරුවන් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. මෙතෙක් පැවැති ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මඟ සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන කාලයක් වන අතර තනතුරු ලාභයකට ද හිමිකම් ඇති කරයි. හදිස්සියේ සිදුවන තීරණ වෙනසක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- විශේෂ උත්සවයක්

කලබලකාරි ගතිපැවතුම් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියකි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. ගැටලු සහගත කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි.

මව හෝ මව්පස ඥාතියකු පිළිබඳ විමසිලිමත් වන්න. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත් විය හැකි කාලයකි. සති අන්තයේදී විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -දේපළ අලුත්වැඩියාවක්

තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතුවලින් ඈත්ව සිටීමට හේතු යෙදෙන සතියකි. එමෙන්ම වංචා, රැවටිලිවලට හසුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. ළඟම හිතවතකු නිසා සිදුවෙන්න ගිය පාඩුවක් මඟහරවා ගත හැකිවේ. නිතර දරුවකුගේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු කාලයකි. දේපළ අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. සති අන්තය වන විටදී මෙතෙක් පීඩා විඳි හිසේ ආබාධයකින් සුවය ලැබීමට හේතු ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මකර -දෝෂාරෝපණයක්

වැය පස අධික කරන සතියක් වන අතර මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර කටයුතු අධික කරන සතියක් වන අතර නිතර ශාරීරික වෙහෙසීම් වැඩිවන බවක් ද පෙන්නුම් කරයි. මවගේ දෝෂාරෝපණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

දේපළ අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු කීපයකට අතගැසීමට සිදුවන සතියකි. අඹුසැමි බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ළඟම ඥාතියකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සති අන්තයේදී දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සදුදා

 

මිථුන- වාහන ගනුදෙනුවක්

මෙතෙක් පැවැති අවහිරතාවය මඟහැරී යමින් පවතින සතියක් වන අතර, සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. සෙම් රෝග, හිසේ ආබාධ බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. නිතර පින් දහම් කටයුතුවල නිරතවන කාලයක් බව පෙනේ. විවාහ වයසේ පසුවන අයට සුබදායක කාලයකි. මව්පස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. සති අන්තයේදී අලුත් නෑදෑ සබඳකම්වලට මඟ පෑදෙන කාලයකි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ නොසන්සුන්කාරි බවක් ඇති කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -අලුත් සාමාජිකයෙක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට මඟ සැලසෙන කාලයකි. දරුවකුගේ කලබලකාරි කටයුතු කීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි බවක් පෙනේ. එමෙන්ම අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර. කල්ගතවූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී සහෝදර පක්ෂය සමඟ ඇතිවන මත ගැටුමක් දුරදිග යා හැකි බවක් පෙන්නුම් කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා

 

කුම්භ -අසරණ කෙනකුට පිහිටක්

අතමිට මුදල් ගැවසෙන සතියක් වන අතර කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් හෝ අලුත් කොටසක් එකතුකිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. දුරගමන් යෙදෙන කාලයකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිස්සියේ හට ගන්නා මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන හුවමාරුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු කාලයකි. අසරණ කෙනකු හට පිහිට වීමට අවස්ථාව උදා කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කටක -රාත්‍රී ගමන්බ හුලයි

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. දතක අමාරුවක් හේතුවෙන් පීඩා විඳින කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට මාර්ගය සෑදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියකි.

වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කරන කාලයකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවකට කටයුතු සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-රැකියාවේ අවිවේකී බවක්

ශාරීරික වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවක් පෙනේ. හදිස්සියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. සතිය මැද කාලයේදී ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. වරින්වර ඇති කරන මුත්‍රා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය -කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන - නීති ගැටලුවක්

වගකීම් බහුල කරන සතියක් වන අතර, මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. මව්පිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ගේ දොර උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. සති අන්තයේදී පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.