ඔබට පාර්ලිමේන්තුවට යා හැකිද?

හස්ත රේඛා සිද්ධාන්තවලට අනුව බලන්න
නොවැම්බර් 8, 2024

පාර්ලිමේන්තු මැතිවරණයක් අත ළඟය. ඒ සඳහා බලපාන විශේෂිත හස්ත රේඛා සලකුණු ඇති බව හස්ත රේඛා පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන ශාස්ත්‍රඥයෝ පවසති.

අපි මුලින්ම බලමු කෙනෙකුට තිබෙන සුවිශේෂ හස්ත රේඛා සලකුණු පිළිබඳව. යම්කිසි කෙනකුගේ ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලය ප්‍රබලව සලකුණු වී ඒ මත ත්‍රිකෝණයන් හෝ චතුරශ්‍රයන් වැටී ඇත්නම් එය පාර්ලිමේන්තුවට යා හැකි එක් රේඛා සලකුණකි. රූපසටහනේ A  සලකුණ බලන්න. පාර්ලිමේන්තුවට ගොස් ජනනායකයකුවීමට නම් උගත්කම, බුද්ධිමත්කම ඉතා අවශ්‍යයි. මෙහිදී ඒ සඳහා බලපාන හස්තරේඛා සලකුණු වන්නේ බුධ, රවි,ගුරු යන මණ්ඩල ප්‍රබල වී ඇත්නම් එවැනි අයට ඒ සඳහා අවශ්‍ය උගත්කම ලැබේ. රූපසටහනේ B B B  සලකුණු බලන්න.

තවද පාර්ලිමේන්තුවට යෑම සඳහා මහජන ප්‍රසාදය සමාජයේ ආකර්ෂණය ඉතා අවශ්‍යය. ඒ සඳහා බලපාන හස්ත රේඛා සලකුණු වන්නේ ඉතා හොඳින් සලකුණු වූ සිකුරු මණ්ඩලයත් සූරිය හෙවත් රවි රේඛාවන්ය. මෙහිදී රවි රේඛා දෙකක් පිහිටීමත් ඉතා වැදගත්ය. රූප සටහනේ  D.D.  සලකුණු බලන්න. පාර්ලිමේන්තුවට යෑමට එඩිතරකමක් බලවත් සංවිධාන ශක්තියත් ඉතා අවශ්‍යයි. ඒ සඳහා අනුග්‍රහය ලබන්නේ ඉතා හොඳින් සලකුණු වූ ශීර්ෂය රේඛාවක් කැළැල් නැති කුජ පළමු හා දෙවැනි මණ්ඩලයත් හා කුජ තලාවක් තුළ බාධක රේඛාවත් නොතිබීමය. රූපසටහනේ E. E. සලකුණු බලන්න. තවද පාර්ලිමේන්තුව යෑමට කෙනෙකුට හොඳ කථිකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා බලපාන සලකුණු වන්නේ බුධ ඇඟිල්ල දික්ව පිහිටා අග පුරුක පළල්වීම හා ඒ තුළ රවුම් වෘත්තාකාර සුළි සලකුණු පිහිටීමක් වන අතර මෙහිදී බුධ මණ්ඩලය හොඳින් පිහිටිය යුතු බව සලකන්න. රූපසටහනේ ඡ්. ඡ්. සලකුණු බලන්න. තවද මැතිවරණවලට වර්තමාන කාලයේ විශාල මුදලක් වියදම් කළ යුතු වේ. මේනිසා කෙනකුගේ ඉතා ප්‍රබල දෛවය රේඛාවක් පිහිටා ඉහළට ඇදෙන රේඛා තිබිය යුතු බවද සලකන්න. රූපසටහනේ ජ්. ජ්. සලකුණු බලන්න. තවද ඉතා දිගින් හා පළලින් වැඩි මහපටඇඟිල්ලක් තිබෙන අයට අවශ්‍ය ආත්ම ශක්තිය හා විශ්වාසය ලබා දේ. රූපසටහනේ ට් සලකුණු බලන්න. බොහෝ මැති ඇමැතිකම් දරන අයගේ ශීර්ෂ රේඛාව අත්ල හරහා ගොස් තිබෙන අතර ආයුෂ රේඛා දෙකක් තිබේ. කුජ රේඛාවන්ද හොඳින් සලකුණු වන බව අත් පරික්ෂා කිරීමෙන් ලත් අත්දැකීම්ය. තවද ප්‍රධාන රේඛාවන් ඉතා හොඳින් පිහිටන අතර සියලුම ග්‍රහමණ්ඩල ප්‍රබලව පිහිටන බව පාර්ලිමේන්තුවට ගිය බොහෝ මැති ඇමැතිවරුන්ගේ අත් පරීක්ෂා කිරීමේදී අප සොයාගත් කරුණුය. තවද අත්ල රෝසපාටින් යුක්තව මධ්‍යම ප්‍රමාණයට පිහිටීමක් ග්‍රහ මණ්ඩලවල තරු, කොඩි, සේසත් මත්ස්‍ය සලකුණු චාමර, වැනි සලකුණු ඔවුන්ගේ අත්වල වැටෙන බව අපගේ දිගුකාලීන අත්දැකීම්ය. මේ කියන කරුණුවලින් වැඩි හරියක් අත්වල සලකුණුවීමෙන් පාර්ලිමේන්තුවට ගොස් යම්කිසි සේවාවක් රටට කළ හැකි බවත් ඔබට පෙන්වා දිය හැකිය. මේ කරුණූ නැතිව දුබලම රේඛා පිහිටා ඇති අයට පාර්ලිමේන්තුවට යා නොහැකි බවත් අසුබම රේඛා පිහිටි අය යම් යම් දූෂණ හොරමැරකම්වලටද ලක් වන බව පෙනේ.

 

හස්ත රේඛා විශේෂඥ

ඡ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.