සුවණ නැකැත් හිමියෝ

අගෝස්තු 9, 2024

 

කෘතඥෙ විනයී දාත්‍රාසදාරෝග විවර් ජිතඞ

ශ්‍රී මාංශ්ච බහු සන්තානාඞ ශ්‍රවණ ජායතේ නරඞ

සුවණ නැකැතින් උපන්නේ නම් නිරෝගී බව ඇත්තේ ය. උගත් බුද්ධිගෝචර තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන විද්වතෙක්ය. බොහෝ ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ කරන්නෙක් ද වන්නේ ය. සූසැට කලා ශිල්පයන්ට ඈත අතීතයේ සිටි සුවණ නැකත් හිමියන් ඇතුළත් විය.

අති දක්ෂ රණශූරයන් වන අතර අලි ඇතුන් පවා මෙල්ල කිරීමටද සමත් වේ. මැජික්වලට ද දක්ෂයි. අන් අයව මනාව රැවටිය හැකි වේ. ශක්තිමත් දේහයකින් ද යුක්ත වේ. ලෞකික සැප සම්පත් නොඅඩුව විඳීමේ වාසනා ගුණය ලැබී ඇත්තේ ය. ග්‍රහ හැසිරීම් රටාව කේන්ද්‍රයේ බලවත් වී නම් කෝටිපතියකු වන්නේ ය. සැක නැතුවම තමාගේ ධනයෙන් අන්‍යයන්ද සැපවත් කිරීමට සුවන නැකත් හිමියා ඉදිරිපත් වන්නේ මානව දයාවෙන්ය. එහෙත් තමන්ගේ මනස තෘප්තිමත් කර ගැනීමට නොහැකි වන අවස්ථාද එමටය.

නිතර සංචාරයට පි‍්‍රයයි. සංචාරක අංශයේ රැකියාවන්ට ඉතාම යහපත් වේ. මිත්‍ර සේවනය අධිකයි. විරුද්ධ පාර්ශ්වයේ ආකර්ෂණය වැඩි වේ. කාමාශාවද අධිකයි. බොහෝ විට පුරුෂයකු නම් ස්ත්‍රීන් වෙත ගොස් අමාරුවේද වැටේ. කාන්තාවන්ට සුවණ නැකත යහපත් වුවත් ආකර්ෂණය වැඩි නිසා අමාරුවේ වැටේ.

සුවණ නැකත් හිමියන් හැකි ඉක්මනින්ම නිවාස ඉදිකර ගනී. ධනයෙන් පිරී ඉතිරී යන අවස්ථාවන් ද පෑදේ. අන්‍යයන්ට උපකාර කිරීමට ගොස් තදබල ලෙස අසහනයට පත්වන අවස්ථා ද නැත්තේම නොවේ. වාසනාවන්ත දිවියක් ගෙවීමට උපතින්ම වාසනාව ලැබේ. නැකැත් අතරින් සුවණ නැකත් හිමියන්ට එම භාග්‍යය නිතැතින්ම උදාවන්නේ ය. පොළොව ආශි‍්‍රත සම්පත් ලැබේ. මැණික් ව්‍යාපාරිකයන්ද සුවණ නැකැත් හිමියන් අතර වැඩියෙන්ම සිටී. අන්තර්ජාතික ප්‍රසිද්ධියට සුවණ නැකත් හිමියන් ලක්වේ.

විවිධ විෂයන් හැදෑරීමට දක්ෂයි. ඒවායින් මුදල් වහාම උපයා ගනී. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල කැපීපෙනේ. සමහර විට අන්‍යයන්ට මඟ පෙන්වන දායකත්වයකින් සමාජයේ ක්‍රියා කරයි. කෙනෙකුට වටහා දීමට හරිම සූරයි. දක්ෂයි. එසේම අනුන් තමා වෙත ළඟා කර ගැනීමටද දක්ෂයි.

සුවණ නැකත් හිමියන්ට මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකත් හිමියන් ගැළපේ.

විවාහයටද මේ නැකත් හිමි අය තෝරාගැනීමට අවශ්‍ය වේ. පිරිමියෙක් නම් ස්ත්‍රී පක්ෂය සමඟ වහා බැඳේ. හිතවත් වේ. සමහර විට සුවණ නැකත් හිමියන් මෙවැනි වැරදිවලට යා වීමෙන් තදබල ලෙස තම ආත්ම ගෞරවය නැති කර ගනී. එය ඉතාම දුර්වලකමකි. ඒ අයට මෙය නොතේරේ. තමන් ගත් මඟ අත් නොහරී. සමහර සුවණ නැකත් හිමියන්ගේ යුගදිවිය එතරම් සාර්ථක නැත. විශාල ලෙසම කඩාබිඳ වැටේ. ක්‍රමවත් සැලැස්මක් ඔවුන්ට දියත් කිරීමට අකමැතිය. සිතේ ඇතිවන අධික කාම ආසාව නිසා කිසිවක් නොපෙනෙන අන්ධයන් ලෙස ක්‍රියා කරන බව නැකත් සංහිතාවේ දක්වා තිබේ. නමුත් මේ අය සාපරාධී කාම අපරාධයන් නොකරන්නේ ය. ඒ අතින් අහිංසකය.

සුවණ නැකැතේ පළවැනි පාදයෙන් බලවත් වී නම් විවාහය සාර්ථක වේ. වාසනාවන්ත දූ පුතුන් ලබයි. දෙක පාදයේ නම් තරමක යුග දිවියේ ප්‍රශ්න පැනනඟී. නමුත් යුග දිවිය දිගටම ගෙනයයි.

තුන්වැන්නේ නම්, අතරමඟ ප්‍රශ්න පැන නඟී. සාමයෙන් සමගියෙන් සිටීමට තරමක අපහසුවක් ඇති වේ. හතර පාදයේ නම් ඉතාම යහපත්ය. වාසනාවන්ත යුග දිවියක් ගෙන යයි.

නැකැත් අතර 22 වැනි නැකත වන අතර, සුවිශේෂී කරුණු විශාල සංඛ්‍යාවක් සුවණ නැකැත තුළ ගැබී වී ඇත්තේ ය. සුවණ නැකතින් උපන් අයට සමාජ විද්‍යාව, පරිසර විද්‍යාව මෙන්ම දේශපාලනයද හිතකර වේ. අන්‍යයන්ගේ සිත් ගැනීමට සුවණ නැකත් හිමියා අතිදක්ෂනිසාය. තමාගේ වචනවල පණ තිබේ. කතාව පමණක් නොව සිරුරේ භාෂාවද ඔවුන්ට ගැළපේ. කෙනෙකු දෙස එකවරම බලා ඒ අයගේ ඇතුළු පැත්ත විග්‍රහ කරයි. එය හරියටම හරිය. මනෝවිද්‍යාව පිළිබඳ පොත පත පරිශීලනය කරයි. සිග්මන් ප්‍රොයිඩ් කාල් යුං ඇඩ්ලර් වැනි මහා මනෝවිද්‍යාඥයින් ගැනද සුවණ නැකත් හිමියන් තොරතුරු සොයන බව ඇත්තකි. ආවාට ගියාට සුවණ නැකත් හිමියන් කතා කරන්නේද නැත. යටි අරුතක් තිබේ. එය ඔහුටම ආවේණිකයි.

සුවණ නැකැත හිමි දෙපක්ෂයම හිතවත් මිනිසුන් ය. අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක පෙරදිග විද්වතෙක් මනෝ විශ්ලේෂකයෙක් එක්තරා පර්යේෂණයක් ඡ්‍යොතිෂ විද්‍යාව හරහා කරන ලදී. එක්තරා ලග්න හිමියන් 5 දෙනෙක් තෝරාගන්නා ලද්දේ අධිකව තරහ යන අයයි. අනෙක් පස්දෙනාම අහිංසකව සිතන පතන කේන්ති නොයන සත්භාවයෙන් යුතු පස්දෙනෙකි. මේ අයට තිරිඟු ඇට දී ඒවා පැළ කරන සේ කියන ලදී.

පර්යේෂණයේදී කේන්ති එන පස්දෙනාගේ තිරිඟු ඇට කේඩෑරි වී පැළ දුර්වල වී තිබුණ අතර, සතුටින් සිටින පස්දෙනාම සාත්තු කරන ලද තිරිඟු ඇට හොඳට පැළ වැඩී තිබිණ. මේ ඡ්‍යොතිෂවේදියා තීරණය කරන ලද්දේ කන්‍යා සහ මිථුන ලග්න දෙකෙහිද සුවණ, සියාවස, උත්‍රපුටුප, පුනාවස යන අයගේ බීජ ඇට හොඳින් පැළවී තිබුණ බවකි. මේ පිළිබඳව එක්තරා සඟරාවක තොරතුරු පළවී තිබිණ. සොබාදහමට ඉතාම සමීපව ක්‍රියා කරන සුවණ නැකැත් හිමියන් සමාජයට මෙහෙවරක් කිරීමට සමත් අය වන බැව් එයින් ද පැහැදිලි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.