ලිංගික බෙලහිනතාවය ඇතිකරන අයහපත් ග්‍රහ යෝග සහ ඊට ඡ්‍යොතිෂමය ප්‍රතිකර්ම

අගෝස්තු 2, 2024

පිරිමින් හට වැළඳෙන ලිංගික රෝග අතුරින් ලිංගික බෙලහිනතාවය නැත්නම් ලිංගික අප්‍රණිකත්වය ප්‍රධාන තැනක් ගනි.

තරුණ මැදිවියේ අය මෙන්ම වියපත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ෂවයේම අය මෙම රෝගයට ගොදුරුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති. පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය යනුවෙන් හඳුන්වන්නේ තෘප්තිමත් ලිංගික ක්‍රියාකාරකමි සඳහා ප්‍රමාණවත් දෘඪතාවයක් ශිෂ්ණයේ නොතිබීම සහ ශිෂ්ණය සෘජුවීම අඛන්ඩව පවත්වා ගැනීමට ඇති නොහැකියාවයි. වර්තමානයේදී මෙය බහුලව දක්නට ලැබෙන අතර, එය ස්වයං ප්‍රතිරූපයට සහ ලිංගික සබඳතාවලට බලපෑම නිසා මානසික වශයෙන් පීඩාකාරි තත්ත්වයට පත්වන අතර බොහෝවිට මේ රෝගි තත්ත්වය රහසිගතව තබා ගැනීමට උත්සාහ ගනී. මේ තත්ත්වය මත විවාහ ජීවිතයට අදාළ ලිංගික තෘප්තිය නොලැබීම නිසා විවාහක කාන්තාවන්ද මානසික වශයෙන් පීඩාවට පත්වන අතර, එය විවාහ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමටද තර්ජනයක් වී ඇත. බොහෝ විට එය දික්කසාදය දක්වා වර්ධනය විය හැකිය. සමාජ මාධ්‍යයන් තුළද මෙය පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති බැවින් තවදුරටත් කරුණු දැක්වීම අනවශ්‍ය යයි සිතමි.

වෛදික ජ්‍යෙතිෂයට අනුව මේ රෝගය ඇතිවීම කෙරෙහි ප්‍රධන වශයෙන් බලපාන්නේ කාම ආශාවට සහ ශුක්‍ර ධාතුවට කාරක වන සිකුරු ග්‍රහයාය. යම් ජන්ම පත්‍රයක සිකුරු ග්‍රහයා හොඳින් පිහිටා ඇත්නම් ඉහළ ලිංගික තෘප්තියක් ලබා ගැනීමට හැකිවේ. එසේම සිකුරු කුණ්ඩලියේ 7 වැන්නද නියෝජනය කරයි. සිකුරුට අමතරව ශනි, කුජ, රාහු යන ග්‍රහ යන්ගේ පිහිටීමද සැලකිල්ලට ගත යුතුය. මීට අමතරව ජන්ම පත්‍රයේ 7, 8 සහ 12 වැන්නට අවධානය යොමුකළ යුතුය.

7 වැන්නෙන් විවාහය ලිංගික සබඳතාවය සහ ඒ සඳහා ඇති මානසික නැමියාව නියෝජනය කරන අතර 8 වැන්නෙන් ජන්මියාගේ ලිංගික අවයව නියෝජනය වේ. 12 වැන්නෙන් නිදියහන සහ එහිදි යහන්ගත වීම තුළින් ලබාගන්නා ලිංගික සංතුෂ්ඨිය නියෝජනය වේ. මේ මුලික කරුණු පදනමක් ලෙස සලකා ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපාන අයහපත් ග්‍රහ යෝග හඳුනා ගනිමු.

1 යම් ජන්ම පත්‍රයක කුජ ග්‍රහයා තුලාවේ සිටිම නිසා ලිංගික ක්‍රියාකාරකමි සඳහා යහන් ගතවීමේදී විවිධ ගැටලු ඇතිවේ.

2 සඳු කේතු සහ ශනි යන ග්‍රහයන් ලග්නයේ පිහිටන විට ලිංගික කටයුතු සඳහා ඇති උනන්දුව අඩුවන අතර ලිංගික දුබලතා ඇතිවේ.

3 ශනි සහ සිකුරු යන ග්‍රහයන් ශුභ ග්‍රහ දෘෂිඨියකින් තොරව 8 වැන්නේ හෝ 10 වැන්නේ සිටීමද ලිංගික බෙලහීනතා ඇති කරයි.

4 යම් ජන්ම පත්‍රයක තුලාවේ ග්‍රහයන් 4 දෙනකු සිටීමද ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපායි.

5 කුජ සහ ශනි හෝ කුජ සහ රාහු යන ග්‍රහයන් තුලාවේ පිහිටීමද ලිංගික දුබලතා ඇති කරයි.

 

 

ප්‍රවීන ඡ්‍යොතිෂවේදී සහ මනෝවිද්‍යා උපදේශක,

ටී. එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.