ධනය වාසනාව දෙන කෙම් මන්ත්‍ර

ජූලි 12, 2024

 

ඕං සරස්වතී මහා දේවී වීණා පුස්තක ධාරණී
හංස වාහන සමායුක්තං විද්‍යාදානං කුරුමමඞ

පිරිසුදු පැන් බඳුනකට 21 වරක් මතුරා උදේ කාලයේ පානය කර ඉගනීම් කටයුතු කරන්න. ධාරණ ශක්තිය ඇතිවේ. ඉගනීම දියුණුවේ.

 

ඕං නමෝ බුද්ධි බුද්ධි ගණපති ඒස්වාහඞ

ගණ දෙවියන්ට පාට පාට මල් ගෙන මෙම මන්ත්‍රය 9 වාරයක් කියා පූජා කරන්න. ඉගනීම් කටයුතු බාධාවකින් තොරව දියුණු වේ.

 

නමෝ සිද්ධ සීවලී මහා නාම ප්‍රථිවියා සබ්බ තොමේව ආකාශේ උදකේනේ විසංහංසං

තම්පිසා රෙම් අස්ජ දිවසේ සබ්බලාභ උපෙත්තුමේ

සීවලී රූපයක් ඉදිරියේ වතුර වීදුරුවක් තබා එයට සුදුමලක් දමා පහනක් දල්වා මේ දැහැන 16 වරක් කියන්න. ධන ලාභ අත්වේ. සම්පත් ලැබේ.

ඕම් වුනි පද්මේ හුම්

නිතර මේ දැහැන භාවිත කරන්න. දවසේ ඔබේ සියලු වැඩ කටයුතු සියලු ආකාරයෙන්ම සාර්ථක වේ. කරදර හිරිහැර අනිසි බාධක නැති වේ.

ඕම් ශ්‍රීම් ශ්‍රීම් ශ්‍රීම්

උදෑසන අවදිවී මේ අක්ෂර අට 21 වාරයක් කියන්න.

යන ගමන සාර්ථක වේ. ණය මුදල් ලැබේ. මුදල් ලැබීම් ඇතිවේ. ව්‍යාපාරිකයන්ට ඉතාම යහපත් ය.

තිරුණි ලකන්ඩම්

භාවනාවක් ලෙස සිතෙන් හැකිවාර ගණනක් කියන්න. අපල දුරුවේ. බාධක නැතිවේ. සතුරු කරදර ඇතිනොවේ. දවසේ තමාගේ සියලුම යහපත් වැඩ සාර්ථක වේ.

ඕම් ශ්‍රීම් රීම් ශ්‍රීම් කමලියේ කමලාලියේ

ප්‍රසිධ ප්‍රසිධ ඕම් ශ්‍රීම් රීම් ශ්‍රීම් මහා ලක්ෂ්මී දේවි නමඞ

ලක්ෂ්මී රූපයට සුවඳ දුම් අල්ලා මේ මන්ත්‍රය 16 වරක් කියා වෙළඳසැලට යන්න. ගැනුම්කරුවන් වැඩිවේ. දවසේ ආදායම වැඩිවේ. සවසට ලක්ෂ්මී දෙවඟන ඉදිරියේ ඇති කැටයට කාසියක් දමන්න.

වෙළෙඳසැලට පැමිණ කාසියක් අතට ගෙන ලක්ෂ්මී දෙවනඟේ මිත්‍රය හෝ පිළිමය ඉදිරියේ මේ මන්ත්‍රය 9 වාරයක් කියා කැටයට එම කාසිය දමන්න. දවසේ ආදායම වැඩිවේ. සම්පත් ලැබේ.

 

ඕං මහා විෂ්ණුදේවාය නමඞ

ඕං මහා ලක්ෂ්මී දේවිය නමඞ

මහා දේවාය නමෝ නමඞ

 

ජය මන්ත්‍රය - ඕං ඉරණීය නමඞ තේ සර්ව විනාය තිමීර හස්ත සූර්යයානේ නමඞ

උදේ හිරු උදාවෙත්ම නැඟෙනහිර දෙස බලා මේ සූර්ය දැහැන මන්ත්‍රය 9 වාරයක් කියන්න. මුළු දවසම ඔබට ජය ලැබෙනු නියතයි. ජය අත්වේ. නඩු දිනයි. තරග විභාගවලින් ජය අත්වේ. සුබ වැඩකටයුතුවලට යන විට මේ මන්ත්‍රය කියා පිටත්වන්න.

මෙල්ල කරන කෙම

ඕං ජලනල කාම දේවී ආරණ මල් මදනි

රූප කාමිනී ආවේසුං සැර මල් මදන

දේවි ඒහි ඒහි වර වර කට්ටී කට්ටී

ඒස්වාහඞ

තලතෙල් වලට 21 වරක් මතුර රහසේ ඇගේ ගානු. ඔහු හෝ ඇය ඔබට මෙල්ල වේ. ආවේගශීලීකම වහා නවතී. බැණීම වහා නතර වේ. තරහ වී කෑගැසීම වහා නවතී. සමාදානය වේ.

සර්ව වශිය කෙම

ඕං හී‍්‍රං හේ රහිම් දුන්න ආමි සන්නාහුම්

පිලායල් බදිරයල් මුල් බීලා දුකතු වරහු

21 වරක් වතුරට මුහුණ සෝදනු. වෙළඳාමෙන් ජය අත්වේ. සැවොම තමාට එදිනට වහා වශී වේ. ගණුදෙනුකරුවන් වහා තමාට වශී වී දිනපතාම ආදායම දියුණු වේ.

ධන ලාභයට

නමෝ පූර්ණ චන්ද්‍රානීල කේෂ ඒහි ඒස්වාහඞ

රාත්‍රී නින්දට යන විට මේ මන්ත්‍රය 9 වාරයක් සිතෙන් කියා නිදාගන්න. ඔබට පසුදින සුබ වැඩකටයුතු සාර්ථක වේ. අනපේක්ෂිත අන්දමට අතට මිල මුදල් ලැබේ. අත්හදා බලන්න.

 

ඕං හී‍්‍රං කාලී මහාකාලී මහා ලක්ෂ්මී ඒහි ඒහි සර්ව සෞභාග්‍යයම් දේහි මේ ඒස්වාහඞ

උදේ සවස කාසි 3 ක් අතට ගෙන 21 වරක් මතුරා මහා ලක්ෂ්මී දේව රූපය ඉදිරියේ බුලත් කොළයක් මත තබන්න. දවසේ ආදායම වැඩිවේ. මුදල් අතට ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.