වශී ගුරුකම් දැනගෙන කරමු

අගෝස්තු 16, 2024

විශේෂයෙන් ආසියාතික රටවල් වන නේපාලය, ඉන්දියාව, ලංකාව වැනි රටවල තුළ ගුප්ත ශාස්ත්‍රය අනිකුත් රටවලට වඩා ශීඝ්‍ර ලෙස පැතුරුණා පමණක් නොව ප්‍රායෝගික වශයෙන්ද ක්‍රියාත්මක වුණා. ඒක නිසාම ගුප්ත ශාස්ත්‍රය ඉතා පැරණි ශාස්ත්‍රවලින් එකක් වුණා අපට. ඒ වගේම ඡ්‍යොතිෂය ඊටම නොදෙවැනි ලෙස සහයෝගය දැක්වූවා. කලක් ගතවන විට ඡ්‍යොතිෂයට ගුප්ත ශාස්ත්‍රයත්, ගුප්ත ශාස්ත්‍රයට ඡ්‍යොතිෂයත් නොමැතිව ක්‍රියාත්මක වන්නට බැරි තරමට සමීප වුණා.

අදත් ගුප්ත ශාස්ත්‍රය ප්‍රායෝගිකව කිරීමේ දී ඡ්‍යොතිෂයෙන් කිනම් හෝ කොටසක පහස ලබනවා. උදාහරණ වශයෙන් කිසියම් යහපත් ගුරුකමක් කරන කොට එය ආරම්භ කරන්නෙ පුර තිථිය ලැබූ නියමිත නැකත ඇති වෙලාවකයි. පුර තිථිය හා නැකැත් ගැන අවබෝධය ලබන්නා ඡ්‍යොතිෂය තුළින් සැකෙවින් කිව්වොත් ගුප්ත ශාස්ත්‍රය ප්‍රායෝගිකව කරන්න ඡ්‍යොතිෂය නැතුව බැහැ.

මේ විශ්වයේ ගොඩක් දේවල් සත්‍යයයි. බොරුව කියල දෙයක් නැති තරම්. කුමන හෝ කාරණයක් උදෙසා සත්‍ය දේ අසත්‍ය ලෙසින් කරන කොට හෝ පවසන කොට බොරුව උපදිනවා. විශේෂයෙන් බොරුව කියන්නෙ කුමන හෝ අයුතු යමක් ලබා ගැනීමේ අභිලාෂය නිසාමයි. බොරුව සදාකාලික නොවන්නේද එනිසාමයි. නමුත් නියම දේ සත්‍ය දේ සදාකාලිකයි.

වශී ගුරුකම් වර්තමාන ලෝකයේ තිබෙනවද? වර්තමානයේ පවතින ඕනෑම දෙයක් අතීතයේ තිබූ දෙයක් වන්නටම ඕනෑ. සමහර විට එය මතුකරගත් දෙයක් වන්නටත් බැරි නැහැ.

වශී ගුරුකම් ගැන කතා කරන කොට හෙණ රාජ තෛලය, කොටිතෙල් සුර පළඳනාව, මුව අං වශීය, කාම වශීය ඉදිරියෙන්ම සාකච්ඡා වනවා. මාතාංගේෂ්වරී යන්ත්‍රය, මේ ගණයට වැටුණත් එය බලගතු වශී යන්ත්‍රයක්. අනිත් ඒවා වගේ නොවන කිසියම් තඹ තහඩුවක යමක් නිර්මාණය කර යම්කිසි මන්ත්‍රයකින් මතුරා ශරීර ස්පර්ශය සඳහා තිබෙන එකක්. ඒ යන්ත්‍රය මතුරන්නෙ මාතාංගේෂ්වරී ජප මන්ත්‍රයෙන් ඒකයි විශේෂය.

හෙණරාජ තෛලය කියල කිව්වට මතුරන්නේ ප්‍රධාන වශයෙන් නියම කොටිතෙල් මිශ්‍රිත රසදිය. තව පොඩි පොඩි අනුපාන නැතිව නොවේ. ඒවා පුස්කොල පොතේ සඳහන් වනවා. වර්තමානයේ නියම කොටිතෙල් ලබාගන්න බැරි වුණාම එක එක කලවම් තෙල් මතුරනවා අනික ඒක මතුරන මන්ත්‍ර ලියා ඇති පුස්කොල පොත් දැන් හොයාගන්න අමාරුයි. හොයාගත්තත් කරන්න දන්නෙ නැහැ. මේ දෙවර්ගයම සම්පූර්ණ වුණාම නියම ආකාරයට කරගත්තා නම් ප්‍රතිඵල ස්ථිර බව පාරම්පරික ගුප්තවේදියෙක් ලෙසට මම සහතික වනවා.

ගොඩක් මිනිසුන් බොරු කරන නිසා අනිත් අයට මේ ගුප්ත ශාස්ත්‍රයත් එපා වනවා. එතකොට නිවැරැදිව කරන කෙනාටත් එපා වෙලා එයාගේ නමත් පළුදු වනවා. හරියට කිව්වොත් හෙණ රාජය අද ලංකාවේ මම දන්න තැනක නැහැ.

රසදිය හා කොටිතෙල් එකිනෙකට වෙනස්. රත් කරපු හැටියෙ මිස ළං කරපු හැටියේ ලිස්සා යනවා. ඒක උරේ හෝ කලවය පළලා දමාගෙන හිටියම වෙඩි විතරක් නොවේ විදුලි කෙටීම් වත් ශරීරයට වදින්නෙ නැතුව ලිස්සා දමනවා. විශේෂයෙන් තද ගතිය ලුහුටා දමනවා. හැකි නම් කරල බලන්න. හැබැයි එකක් මතක තබා ගන්න එක වටිනවා. වැරදුණොත් පරිහරණය කරන කෙනාගේ ශරීරය සෞඛ්‍යයට තදින් බලපානවා. මොකද මේක ක්‍රියා කරන්නෙ ශරීරයේ රුධිරය සමඟ නිසා මේ ගුරුකමට ප්‍රේත, භූත සම්බන්ධයක් නැහැ. ඖෂධ හා මන්ත්‍ර බලය විතරයි.

වශී ගුරුකම්වලට අවශ්‍ය වන්නෙ මහ මාතාංගේෂ්වරිය, කාමධේනු වෂීය වගේ ඉතා යහපත් මන්තර. දැනට ලංකාවේ ඉන්දියාවේ පවතින්නෙ මුවඅං වෂීය. මේක ඉතා ප්‍රබල වශීයක්. ඉතාම කෙටියෙන් කිව්වොත් වැඩිවිය පැමිනුණ මුව දෙනෙකුගේ හිස පලාගෙන එන පළමු අං කැබැල්ලක් පිරිසුදු රන් තැඹිලි තෙලින් ගාලා පුර තිථිය ඇති පුෂ නැකතින් මතුර රත්රන් හෝ රත්රන් ආලේපිත සියුම් සුරයක බහාලා ඉනේ හෝ ගෙලේ පළඳාගන්න ඕනෑ. මේක ඉතාම බලගතු ජයග්‍රහණ වශීයක්. පැලැඳ සිටින කාලයෙදි වල්ඌරු මස් අගුලු කරවල කෑවොත් එදාම බල බිඳී සුරය ද පුපුරනවා. මේක අත්දුටු නියම ජයග්‍රාහික වශීයක්. පිළිපදින්න බැරිනම් පලඳින්න එපා. මේ වගේ වශී ගුරුකම් කරන්න අවශ්‍ය බඩු හොයාගන්න ඕනෑ ඔක්කොම නැති වුණත් ගොඩක් බෙහෙත් ද්‍රව්‍ය කොළඹින්ම ගන්නත් පුළුවන්. විශේෂ දෙයක් තමයි මේ ගුරුකම් කරන කොට මතුරන කෙනාත් ප්‍රවේශම් වන්ට ඕනෑ කිළිකුණුවලින්. යන්ත්‍ර පැළැන්දුවාට පස්සේ එයා ඊට වඩා ප්‍රවේශම් වන්ට ඕනෑ. මේ වගේ ගුරුකම්වලදී කිලිකුණු සමාවල් නැහැ. මේ මුව අං සුර වශීය ස්ත්‍රී, පුරුෂ වශීවලට වඩා ආකර්ෂණ ජයග්‍රහණවලට ආවේණකයි. මේ බඩු ලංකාවට ගෙන්වන අය නැතුව නොවේ. නේපාලයෙන් ගෙන්වන ලද මුව අං නිවැරැදියි. වර්ගය හරියි. නමුත් මේ ගුරුකම් ඒ අය කරන්නෙ නැහැ. එහෙත් ගෙන්වන කොටිතෙල් නම් නියම නැහැ. මිශි‍්‍රතයි.

අපි වශී යන්ත්‍ර ගැන කතා කරන කොට මතක් වන ගුරුකම් තමයි මලයාලි ගුරුකම්. ඒ කිව්වේ රොඩි ගුරුකම්. ඒවා දැහැන් ගුරුකම් ඒ ගුරුකම් ජයග්‍රහණවලට හරි නැහැ. නමුත් ඒ අය කරනව මුදල් ගන්න. මහන්සියට වියදමට මුදල් ගත්තට කාරි නැහැ. වඩා හොඳ මුදලටම ගුරුකම් නොකරන ඒක තමයි.

නිවැරැදිව ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමේදී එය අවසන් පියවරට ගියාම ඡ්‍යොතිෂය වගේ කිසියම් සහතික පොරොන්දුවකට තම පාරම්පරික ගුරුවරයා සමඟ එළැඹෙනවා. එනම් ගුප්ත වැඩ නිකරුණේ කෙනෙක්ගෙ මරණයට සම්බන්ධව නොකරන ලෙසට ඡ්‍යොතිෂයේදී නම් චූල නකෂස්ත්‍රය අවසානයේ දී කෙනෙක් මියයන දවස උගැන්වූවාට ඒක කිසිවෙකුටවත් නොපවසන ලෙසට බව මේ ශාස්ත්‍රවල දැක්වෙනවා. මේ පොරොන්දු සමගයි කෙනෙක් ඉදිරියට යන්ට ඕනේ.

මේ ශාස්ත්‍ර මේ විදියට බල පෙන්නුවාට ක්‍රමයෙන් නැති වී යන ඒකට නම් දුක තමයි. ඒත් ඒක නවත්වාගන්ට බැරි තරමට පිරිහීගෙන යනවා. ඒ එක එක අඩුපාඩුකම් පහසුකම් නැති නිසා බොරුවක් නැතුව නොවේ. මේ ගුරුකම් අමාරුවෙන් හරි කරගෙන අයත් නැතුවම නොවේ.

අද බොහෝ ගුප්ත ශාස්ත්‍රය කරන අය බලාගෙන ඉන්නේ දෙවියන්ගෙන් හෝ ඒ වගේ බලවේගයන්ගෙන් වැඩ කරවා ගන්න. ශාස්ත්‍රයෙන් වැඩ ගන්න අයගේ උත්සාහය අඩුයි. තව දෙයක් තමයි කලුවරේ තනිවම මතුරන්න තිබෙන බය. මේ වගේ අය මට නම් බොහෝ විට හමුවනවා. ඉගෙන ගන්න කාලෙදි මේ බය නැති කර නොගත්තාම ගුරුකම් කරන කාලයට මේ විදියේ පාඩු සිදුවනවා.

විශේෂයෙන් ගුරුකමක් නියම විදියට කරන කොට ඒකේ ලකුණු වැටෙන්නට ඕනෑ. ගුරුකමක ලකුණු වැටුණට පස්සෙ තමයි ජප මන්ත්‍රය මතුරන්නෙ. කුමන හේතුවකට වත් ආරක්ෂක මන්ත්‍ර පාවිච්චි කළොත් ගුරුකම අහක යනවා විතරක් නොවේ, වියදමන් මහන්සියත් වතුරේ.

අද රටේ ගුරුකම් කරනවා තමයි ඕන තරම්. කෝ ඉතින් හරියන්නෙ නැහැනේ. ඒක හරි නොගිය බවත් සමහරු දන්නෙ නැහැ. ගුරුකම තමුන්ට හරිගියාට වැඩක් නැහැ ඉල්ලුම් කළ කෙනාට හරියන්ට ඕනෑ. පුංචි රුකුලක් දෙන්නම්කෝ. වශී ගුරුකමක් කරලා හරිද කියල බලන්න ඕනෑ නම් පසුවදා අලුයම කතා නොකර එය කයිල දල්්ලකට අල්ලන්න. ගුරුකම හරි නම් එ දැල්ල ඔබ වෙතට නැමෙනවා. එහෙම නොවුනා නම් නැවත තව මතුරන්න. සාමාන්‍යයෙන් වාර 1800 කි ඇති. තටුවට දමන කැවිලි පලතුරු ටික ටික අඩුපාඩු වුණාට එච්චර ගණන් ගන්න එපා. මන්ත්‍රය නිවැරදි නම් කළා හරි නම් ගුරුකමත් වරදින්නෙ නැහැ. නැවත නොකිව්වට අවසානයට පෙර මන්ත්‍රය වශිය, ආකර්ෂණය ස්ඵුට වගේ දේ කරන්ට අමතක කරන්න හොඳ නැහැ.

මෙවැනි ගුරුකම්වලදී කිසියම් අඩුපාඩුවක් වුණොත් ඔබේ ගුරුවරයාගෙන් උපදෙස් ගන්න එයාට දැනීම පලපුරුද්ද වැඩියි.

දන්නවනේ සමහර ගුරුකම් මතුරන කොට ඕනෑ කමින්ම සමහර මන්ත්‍ර අමතක කරනවා. කවුරු කරනවද කියල මම දන්නෙ නැහැ. ඒවා හොයන්නත් ඕනෑ නැහැ. විශේෂයෙන් නවනීලය මතුරන කොට එහෙම වේවි. ගණන් ගන්ට එපා.

මනුෂ්‍යාය ප්‍රධානයි. බලගතුයි. කවුරු බය ගන්වන්න හිතුවත් ගණන් ගන්න එපා. එවෙලාවට පුද හි අඩුවක් නැත්නම් මතුරන එක කරගෙන යන්න එච්චරයි.

අවසාන වශයෙන් කියන්ට ඕනෑ නියම වැඩ කාරයා සමාජ මාධ්‍යවලට මේ ගුරුකම් පාවා දෙන්නෙ නැහැ. ප්‍රදර්ශනය කරන්නෙත් නැහැ.

පාරම්පරික ගුප්ත විද්‍යාධර ඡ්‍යොතිෂවේදී,

මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.