රවි ග්‍රහයා හඳුනා ගනිමු

අගෝස්තු 2, 2024

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරෙන සූර්යය දිව්‍ය රාජතෙම රාජ්‍යකාරක භාවය දරන අතර පිය කාරක වන්නේ දහවල් කාලයේ උපදින දරු දැරියන්ට බව අමතක නොකළ යුතුය. දිනකර වශයෙන් දවස ආරම්භ කරන රවි ග්‍රහයා සූර්ය උදාවේ සිට අස්තය දක්වා දහවල් කාලය තුළ බලපායි.

රවිට නැකත් 3 ක් අයත් වේ. කැති නැකත මුල් පාදය අඟහරුට අයත් මේෂ රැසට වැටේ. එහි අංශකය ලෙස ගුරු හිමි ධනු රාශියට නෑකම් කියයි. රවිට වෙන් වූ දිනය ඉරිදාය.

ඉරිදා පහන් වූ තැන් පටන් පැයක් රවි හෝරාවයි. ‘අර්කඞ’ යන්න රවිට තවත් නමකි. හෝරා ගණන යෙදී අර්කඞ ශ්‍රක්‍රෝ, බුධඞ, චන්ද්‍රඞ, ශනිර් මන්ත්‍රි මහි සුතඞ යනුවෙන් රවි හෝරාවේ සිට එක් පැයක් ලෙස ඉහත ග්‍රහයින් හට බෙදී යයි. මෙසේ හෝරා පෙ.ව. 6.00 සිට (සූර්යය උදාව අනුව) ඉරිදා සවස එක දක්වා අදාළ පැය සත අවසන් වූ පසු ප.ව. 1.00 සිට 2.00 දක්වා රවිට අයත් හෝරාවයි. මේ කාල හෝරාව ගණනයට සෑම ඡ්‍යොතිෂවේදියකුටම මනා දැනුමක් තිබිය යුතුය. නැකැත් සෑදීමේ දී හෝරා පිළිබඳව දැනුම අදාළ ශාස්ත්‍රවේදියා තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු වේ. රවිගේ අනෙක් නැකැත් දෙක උත්‍රපල් හා උත්‍රසල වේ. රවි මහ දශාව වසර හයකි. ස්ථිර රාශියක් වූ සිංහ රාශියට අධිපතිකම් දරන රවිට මිත්‍ර ග්‍රහයන් ලෙස අඟහරු, ගුරු හා සඳු ප්‍රධාන වේ.

රවි, බුධ දෙපළගෙන් රාජයෝග යෙදෙන අවස්ථා ද ඇත. සිංහ රැසට ධර්මකර්මාධිපති (9 - 10) යෝගය අඟහරුගෙන් හා සිකුරුගෙන් යෙදේ. උපදින සියලු සත්ත්වයින් පමණක් නොව ගහකොළවලද (ජීවිත) ජීවය රැක දෙන්නේ රවිය. මුහුර්තකරණයේ දී රවිට විශේෂ තැනක් ලැබේ. “දහවල් ගන්න නැකත් සකට රවි සිටුවා අයස් තැනට” යන්නෙන් පවසන්නේ දහවල් කාලයේ රවි 11 වැන්නේ තබා නැකැත් සාදන ලෙසයි. රවිට මේෂ රාශිය උච්ච වන අතරම තුලා රාශිය නීච වේ. රවි උච්ච වීම තරමක කෙනකුට යටත් නොවන උඩඟු ස්වභාවයක ලක්ෂණයකි. රවි නීච වීමේ දී යටත්, පහත් ගති ලක්ෂණ විදහාපායි. රවිගේ ගමන අනුව වසරේ 12 මාස වෙන් වේ.

අප්‍රේල් මස රවි මේෂ රාශියට පැමිණි විට එහි ගමන් කරන කාලයට මේෂ රවිය ලෙස හඳුන්වයි. එහි මේෂ රවි එක්භාග, දෙභාග, තුන්භාග ලෙසින් මේෂ රවිය භාග 30කට හෝ 31කට පමණ සීමාවේ. ඊළඟට මැයි මස 15 න් පසු වෘෂභ රවිය පටන් ගනී. රවි, මේෂ රාශියට පැමිණෙන්නේ අප්‍රේල් 13 දින හෝ 14 දිනයි. සිංහල අවුරුදු උත්සව පවත්වන්නේ රවි සංක්‍රාන්තියත් සමඟයි.

සිංහ හා දෙමළ ජාතීන් රවි මේෂ රාශිගතවීමෙන් සිංහල අවුරුදු උත්සව පවත්වන්නේ මහත් උනන්දුවෙනි. මෙහිදී ප්‍රසිද්ධ නැකැත් කමිටුවක් විසින් පුණ්‍ය කාලයෙන් පසු අවුරුදු උත්සව සඳහා අවශ්‍ය සියලු නැකත් සාදා දී ඒ අනුව සියලුම දෙනා රාජ්‍ය අනුග්‍රහය සමඟින් උත්සව සමරනු ලබයි.

අපගේ සංස්කෘතික ලක්ෂණ රාශියක් මෙහිදී දක්නට ලැබේ. ඒ පිළිබඳව මෙහි විස්තර නොකෙරුණත් රවි ග්‍රහයාට සැලකීමක් ලෙසින් හා ගරු කිරීමක් ලෙස දැක්වීම අපගේ වගකීමක් වේ. රවිගේ ගමනේ දී උත්තරායන, දක්ෂිණායන අයන දෙකකි. සෘතු වශයෙන් ශිශිර,වසන්ත, ගී‍්‍රෂ්ම, වර්ෂා, ශරත් හා හේමන්ත වශයෙන් ඍතු හයක් ඇත.

මේ පිළිබඳව විස්තර අවකාශලත් පරිදි ඉදිරියේ දී ලියමි. රවිගේ සංක්‍රාන්තියත් සමඟ ඒ ඒ ලග්නවලට බලපාන කරණු මෙසේය.

මේෂ

රවි මේෂයේ උච්චව ගමන් කරන කාලය මේෂ ලග්න හිමියනට හිතකර වේ. තම අපේක්ෂිත කරුණු කාරණා ඉටු වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබේ.

වෘෂභ

4 වැන්නාධිපති උච්ච වීම වෘෂභයට ශුභ වේ. ඉඩකඩම් ගේ දොර වාසනාව හිමිවේ. විදේශ ගමන්ද ලැබේ.

මිථුන

3 වැන්නාධිපති වූ රවි 11 වැන්නට පැමිණීම වඩාත් ශුභපල ගෙනදේ. ආදායම සරුවේ. වාසනාව ලැබේ.

කටක

ධනස්ථානයට අධිපති රවි 10 වැන්න වූ භාග්‍යස්ථානයට පැමිණීම වාසනාව ගෙනේ. දැහැමිව වාසය කරන්න.

සිංහ

ලග්නාධිපති රවි උච්චව 9 වැන්න වූ භාග්‍යස්ථානයට පැමිණීම වාසනාව ගෙනේ. දැහැමිව වාසය කරන්න.

කන්‍යා

12 වැන්නට අධිපති රවි 8 වැන්නට පැමිණීම විපරීත රාජ යෝග බලයි. තම සිතුම් පැතුම් ඉටු වේ.

තුලා

11 වැන්නට අධිපති රවි උච්චව සත් වැන්නේ ගමන් කිරීම අනුන් හා කෙරෙන කටයුතු ඉෂ්ට සිද්ධ කෙරේ. විදෙස් ධනයද ලැබේ.

වෘශ්චික

10 වැන්නාධිපති මිත්‍ර රවි 6 වැන්නට පැමිණ ගමන් කිරීම තම අපේක්ෂාවෙන් ඉටුකර දේ. ඥාතීන් අතර ප්‍රසිද්ධ වේ.

ධනු

භාග්‍යස්ථානාධිපති රවි තම වාසනාව ගෙන දේ. තරග විභාග ජය අත්වේ. රැකීරක්ෂා ලාභ ලැබීමට පුළුවන.

මකර

අටවැන්නට අධිපති වුවත් 4 වැන්නේ උච්චව යාම නරක නැත. ලාභාපේක්ෂාවන් ගෙන දේ.

කුම්භ

ලග්නාධිපති හා මිත්‍ර නොවුවත් රවි උච්ච වීම සුව දායකයි. සහෝදර පක්ෂයට ශුභයි.

මීන

තම බලාපොරොත්තු ඉටුකර දෙමින් පවුලේ දියුණුව සලසාලයි. සමගිය සමාදානය සලසා ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.