සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 20, 2023

 

ශක වර්ෂ 1945ක් වූ තුලා රවි 03 භාග වප් පුර සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 09 භාග වප් පුර දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - තුලා

කුජ - තුලා

බුධ - තුලා

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - සිත ( 24 දා සවස 06.26 සා)

කුජ - සා

බුධ - සිත ( 23 දා රාත්‍රී 12.42 සා)

ගුරු - බෙරණ

ශුක්‍ර - පුවපල්

ශනි - දෙනට

රාහු - රේවතී

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

 

ඔක් 21 සෙනසුරාදා රාත්‍රී 09.52න් පුර අටවක ලබා 22 ඉරිදා සවස 07.58න් ගෙවේ. ඉරිදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

22 දා අලුයම 01.38 මකර

24 දා අලුයම 04.23 කුම්භ

26 දා අලුයම 05.59 මීන

 

 

දිනූ තත්ත්ූවය

 

ඔක්තෝබර් 20 සිකුරාදා

තුලා රවි 03 භාග වප් පුර සැටවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.54 මුල නැකත රාත්‍රී 08.39න් ගෙවී පුවසල නැකත ලබයි. වප් පුර විසේනිය තිථිය අලුයම 12.31න් ගෙවී පුර සැටවක තිථිය ලබා එය රාත්‍රී 11.24න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය අලුයම 05.09න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය අලුයම 12.31න් ගෙවී කෞලව කරණය ලබා එය දහවල් 12.00න් ගෙවී තෛතිලකරණය ලබා එදින රාත්‍රී 11.24න් ගෙවී ගරජ කරණය උදාවෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - ගිනිකොණ

යෝගිනී - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

ඔක්තෝබර් 21 සෙනසුරාදා

තුලා රවි 04 භාග වප් පුර සතවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.54 පුවසල නැකත රාත්‍රී 07.52න් ගෙවී උත්‍රසල නැකත ලබයි. වප් පුර සතවක තිථිය රාත්‍රී 09.52න් ගෙවී පුර අටවක තිථිය ලබයි. අතිගණ්ඩ යෝගය අලුයම 03.02න් ගෙවී සුකර්ම යෝගය ලබයි. ගරජකරණය උදේ 10.41න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 09.52න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

ඔක්තෝබර් 22 ඉරිදා

තුලා රවි 05 භාග වප් පුර අටවක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.53. උත්‍රසල නැකත සවස 06.42න් ගෙවී සුවණ නැකත ලබයි. වප් පුර අටවක තිථිය රාත්‍රී 07.58න් ගෙවී අව නවවක තිථිය ලබයි. සුකර්ම යෝගය අලුයම 12.35න් ගෙවී ධෘති යෝගය ලබා එය රාත්‍රී 09.51න් ගෙවී ශුල යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.59න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 07.58න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - උතුර යෝගිනී - ඊසාන

සුබ දිශාව - දකුණ

ඔක්තෝබර් 23 සඳුදා

තුලා රවි 06 භාග වප් පුර නවවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.53. සුවණ නැකත සවස 05.13න් ගෙවී දෙනට නැකත ලබයි. වප් පුර නවවක තිථිය සවස 05.44න් ගෙවී පුර දසවක තිථිය ලබයි. ශුල යෝගය සවස 06.51න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය උදේ 06.55න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.44න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - හිස් මුදුන

අමෘත කලාව - ගෙල

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ඔක්තෝබර් 24 අඟහරුවාදා

තුලා රවි 07 භාග වප් පුර දසවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.53 දෙනට නැකත සවස 03.27න් ගෙවී සියාවස නැකත ලබයි. වප් පුර දසවක තිථිය සවස 03.14න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ගණ්ඩයෝගය සවස 03.39න් ගෙවී වෘධි යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 04.33න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.14න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - බටහිර

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

ඔක්තෝබර් 25 බදාදා

තුලා රවි 08 භාග වප් පුර එකොළොස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.52. සියාවස නැකත දහවල් 01.31න් ගෙවී පුවපුටුප නැකත ලබයි. වප් පුර එකොළොස්වක තිථිය දහවල් 12.33න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. වෘධි යෝගය දහවල් 12.17න් ගෙවී ධෘම යෝගය ලබයි. වණිජකරණය අලුයම 01.55න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 12.33න් ගෙවී බවකරණය උදාවී එදින රාත්‍රී 11.10න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - නිරිත

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - නැඟෙනහිර

ඔක්තෝබර් 26 බ්‍රහස්පතින්දා

තුලා රවි 09 භාග වප් පුර දොළොස්වක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.52. පුවපුටුප නැකත දහවල් 11.28න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. වප් පුර දොළොස්වක තිථිය උදේ 09.46න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. ධෘම යෝගය උදේ 08.51න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. බාලවකරණය උදේ 09.46න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.22න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.