ධනය-බලය-කීර්තිය-දැනුම පෙන්වන අතැඟිලි

අගෝස්තු 30, 2024

 

අත්ලේ දිව්‍යමය කොටසට ඔබේ ඇඟිලි අයත්ය. මිනිසාගේ දෛවය අනුව පවත්නා ජීවන මාර්ගය ධන සම්පත්වලින් ආඪ්‍යවීම තම උත්සාහයෙන් දියුණුව කරා යාම වෙනත් අයගේ උපකාරයෙන් අභිවෘද්ධියට පැමිණීම යහපත අයහපත ඇතිවන කාල අල්ලේ රේඛාව වගේම ඇඟිලිවලත් සටහන් වන්නේ ය.

ජීවන රේඛාවෙන් විහිදෙන ශනි රේඛාව ශනි ඇඟිල්ල හෙවත් මැදැඟිල්ලට වැටෙන හැටියෙන් ඔබ ධනය ලබන හැටි සටහන් වන්නේ ය. ඔබේ පෙර භවයේ ක්‍රියාකාරීත්වය අල්ලේ ඇඟිල්ලේ සියුම්ව රේඛාවෙන් ලියා වෙන්නේ ය.

ඇඟිල්ලේ දිග පළල අනුව ග්‍රහයින්ගේ (උත්පත්ති වේලාවේ) ගමන පිහිටීම් මත සටහන් වන බව සාමුද්‍රිකා ඍෂීන් පෙන්වා දී තිබේ.

මාපටඇඟිල්ල ඔබේ ආත්ම කතාවේ ප්‍රධානතම ඇඟිල්ලයි. මාපටඇඟිල්ලේ අග පුරුක ඉක්මවා පිහිටීම අධිෂ්ඨාන ශක්තියෙන් දියුණුවන කෙනෙකුට පිහිටයි. එවැනි අය සිය ජීවිතයට අවශ්‍ය ප්‍රයෝජනවත් දේ ඉටු කරන්නෝ ය. අලංකාර නිවාස දර්ශනීය උයන් වතුවල ජීවිතය ගෙවන්නෝ ය. යාන වාහන ලබන්නෝ ය. එහි යව ඇටය පිහිටි විට ධනවත් වන බව ඍෂි මතයයි. අංක 1 අල්ලේ සිකුරු මණඩලයත්, කුජ මණ්ඩලය (ප්‍රකෘති) දෙකම මාපටඇඟිල්ල මුලය. තවත් අතකින් අල්ලේ ප්‍රධානතම රේඛා දෙක ජීවන හෙවත් පීතෘත රේඛාවත් ශිර්ෂ රේඛාවත් පටන් ගත්තේ ද මාපටඇඟිල්ල අද්දරය.

ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට මාපට ඇඟිල්ල ඉතා මනාව පිහිටයි. මනුෂ්‍යයෙකුගේ දයාව අනුකම්පාව කාරුණික ගුණය විනෝදයට හා සංගීතයට පි‍්‍රය බව නිතර පී‍්‍රතියෙන් කල් යැවවීම සැප විඳීමට ඇති ආශාව මනා වූ මාපටඇඟිල්ලෙන් දැක ගත හැකිය.

මනුෂ්‍යයාගේ ඥානකාරී භාවය හෙවත් මොළය මාපටඇඟිල්ලේ උඩ කොටසට අයත්ය. (1 ඒ) ඊළඟට අයත්වන්නේ මුල් පුරුකට උඩින් අග කොටසේ මැද කොටස මොළයේ ස්නායු පද්ධතියයි. මානසික ස්නායු ලෙස එය සැලකේ. (විශ්වයෙන් එන තරංග) පිටියුටරි ග්‍රන්ථිය හා ස්නායුවල කේතු මාපටඇඟිල්ලේ අග පුරුකේ වැටේ.

මිනිස් ශරීරයේ ශිර්ෂ ස්නායු ඊළඟ පුරුකෙහි පිහිටා ඇත. උගුර හා බෙල්ල අයත් කොටස යටින් පිහිටා ඇත. මාපටඇඟිල්ල නිතර දබර ඇඟිල්ල හා පිරිමැදීමෙන් පුරාතනයේ ඍෂිවරු මතක ශක්තිය දීර්ඝ කාලයක් රඳවා ගත්හ.

මාපට ඇඟිල්ලේ ඇඟිලි තුඩේ රේඛාවෝ කිසි විටෙක එක සමාන නොවෙති. පුද්ගලයන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට මේවා අතීතයේ භාවිත කළහ. අද ද ඇඟිලි සලකුණු පුද්ගලයන් හැඳින ගැනීමට යොදවන්නේ ය.

මාපටඇඟිල්ලේ සටහන ලබාගෙන නන්දි වාක්‍ය සටහන් ලබා ගැනීම අදද භාරතීය සමෘද්ධි විද්‍යාඥයෝ කරති. චිත්ත ශක්තිය ප්‍රබල අයගේ මාපටඇඟිල්ල උඩ පුරුක ප්‍රබලය. එවැනි අය කිසියම් දෙයක් ගැන කටයුතු කිරීමේ නිවරැදිව යුක්ති සහගතව තීරණ ගනියි.

මේ පුරුක පටුව දික්වීම මුරණ්ඩු ගතියයි. දෙවැනි පුරුක විශාලව පුළුල් අය තර්කානුකූලව නිවරදි මඟට බසී. දික්වූද මනා හැඩයෙන් යුත් මාපටඇඟිල්ල ඥානවන්ත භාවය පිරිසුදු භාවය ඇති උපායශීලී අයය.

මාපටඇඟිල්ලේ උගුරු දණ්ඩ, බෙල්ලට අයත් ප්‍රදේශ නිල ශාස්ත්‍රය අනුව පිරිමැදීමෙන් උගුරේ බෙල්ලේ අමාරු සුව කරගත හැකි බව වෛද්‍ය විද්‍යාවේ මතයයි. දරුපල රේඛා මෙන්ම ධන රේඛා විවාහ රේඛා තොරතුරු එහි ඇඟිලි පුරුකේ මුල සටහන් වේ.

හස්ත රේඛා විද්‍යාව අනුව මාපට ඇඟිල්ලේ මුල් පුරුක ලෙස සැලකෙන්නේ සිකුරු මණ්ඩලය ආශි‍්‍රත කොටසයි. එය භාතෲ ස්ථානයයි. කලාව රසීකත්වය දියුණුව කාමය ගැන එහි වැටෙන රේඛාවෙන් කියවේ. කාමයට අධිපති දෙවියන්ගේ බලය මෙයින් කියවෙන්නේ ය. සිකුරුට බලය ඇති ඇඟිල්ල මාපටඇඟිල්ලයි. මහපොළව හෙවත් පඨවි ධාතුවට මෙය අයත්ය.

ඔබේ අල්ලේ දෙවැනි ඇඟිල්ල දබරැඟිල්ලයි. එහි පුරුක් තුන ඡ්‍යොතිෂ අනුව උඩ සිට මේෂ, වෘෂභ, මිථුන ලග්නයන්ට අයත්ය. උඩ පුරුක උත්පත්ති ස්ථානය ලෙසත් මැද පුරුක ධනස්ථානය ලෙසත් මුල පුරුක බල පරාක්‍රම ස්ථානය ලෙසත් සැලකේ. මේ ඇඟිල්ල ගුරු ග්‍රහයාටය. එය ජලයට අයිති ඇඟිල්ලය. මනුෂ්‍යයාගේ සිරුරේ ජල ශක්තිය තේජාන්තික භාවය මේ ඇඟිල්ලේ රේඛාවෙන් කියවේ. මාපටඇඟිල්ල මුල සිකුරට අයත් වගේම දබරඟිල්ල මුල ගුරුගේ මණ්ඩලයයි. මනුෂ්‍යයාගේ අක්ෂි ග්‍රන්ථිය ශක්තිය අග පුරුකේ වැටේ.

දබරැඟිල්ලේ මුල මණ්ඩල පෙදෙස පීතෲ ස්ථානය ලෙස සැලකේ. දබරැඟිල්ලේ මුල් පුරුකේ ඉහළට රේඛා වැටීම (මිථුන) උසස් ඥානවන්ත බවට ලකුණකි. අහංකාර සිතුවිලිවලින් යුතුය. එහි මුළු රේඛාව වැටීම කලාතුරකින් අල්ලක වැටේ. එවැනි අය තද තීරණ ගන්නෝ ය.

මාතෲ රේඛාව මේ ඇඟිල්ල මුලට වැටීම බලවත් ධනවත් දීර්ඝායුෂ ඇති කෙනෙකුට පිහිටයි. (අංක 06) එවැනි අය ධන පරිත්‍යාග කරන අයය. කතිර ලකුණ යහපත් ආදරයක් හිමි කෙනෙකි. රූමත් බිරින්ඳක් ලබයි. එහි ගුරු මුද්‍රාව වැටුණ විට ස්වඋත්සාහයෙන් ධනය ලබයි. (අංක 09) හෘදය රේඛාව මල් පොහොට්ටුවක් වැනි වීම පියාට වඩා කීර්තිමත් අයෙකුට වැටේ.

මේ ඇඟිල්ල දීර්ඝවීම යහපත්ය. පාලනය හිමි අල්ලක වැටේ.

අල්ලේ දෛව රේඛාව (ශනි රේඛාව) ගුරු මණ්ඩලයට වැටී දබරඟිල්ලේ මුල පුරුකට වැටුණ විට තේජාන්විත බලයක් ලබයි. රටක රාජ්‍යයක පාලනයක් හිමි කරගන්නා කෙනෙකුගේ අල්ලේ වැටේ.

ඇඟිලි හතරේ මුල් පුරුක් බෙදෙන්නේ සමුද්‍රිකා ඍෂි මතය අනුව බලය ධනය කීර්තිය හා ඥානය පසුබිම් කරගෙනය. ගුරු ඇඟිල්ලේ මුල පුරුක බලයටත්, ශනි ඇඟිල්ලේ මුල පුරුක ධනයටත්, රවි ඇඟිල්ල මුල පුරුක කීර්තියටත් සුළැඟිල්ල මුල පුරුක ඥානයටත් හේතුවේ.

මේ ඇඟිලි පුරුක් මත වැටෙන රේඛා ලක්ෂණ රාශියකි. එහි උඩට හරහට පිහිටන විවිධ රේඛාවෝ ය. අල්ල තුළින් ් වැටෙන රේඛාවන්ගේ පලාපල අපමණය. යහපත් අයහපත් ලකුණු රැසකි.

යමෙකුගේ දබරඟිල්ලේ මුල පුරුකේ වක්වූ රේඛාවක් වැටීම අනුන්ගේ වස්තුව ලබයි. මුල පුරුක් සන්ධියේ තාරකා ලකුණ අනාචාරයෙහි යෙදෙන්නෙකි.

මේ ඇඟිල්ලේ මැද පුරුකේ එක් රේඛාවක් වැටුණ විට ඔහු බොරු කාරයකු වේ. එහි කතිර දෙකක් ඇති අය ධනවත් අය ඇසුරු කරයි. මුල මැද පුරුක් යා කරමින් වැටෙන රේඛාව බොහෝ පිරිසුදු සිතුවිලි ඇති අයෙකි. ඔබේ ඇඟිල්ලේ තරමින් ඔබ ලොවට කරන්නට ඉටාගෙන ආ දේ කියවෙන්නේ ය.

1. මහපට ඇඟිල්ලේ අග පුරුක දබරඟිල්ලේ මුල පුරුක ඉක්මවා පිහිටිවිට අධිෂ්ඨාන ශක්තිය හා තර්ක කිරීමේ ශක්තිය ඇති කෙනෙකි. ජීවිතයට අවශ්‍ය ප්‍රයෝජනවත් දේ නිපදවන ලක්ෂණයකි. ශිල්ප ශාස්ත්‍රයන්හි දක්ෂ කීර්තිමත් භාවය පෙන්වන්නේ ය.

2. ශනි මණ්ඩලය තුළ වැටෙන ත්‍රිපාද හෙවත් ක්‍රිශූල සටහන ගුප්ත දේ ගැන දැනුම ලැබේ.

3. ජීවන රේඛාවට සමානව වැටෙන භගිනි රේඛාව (කුජ රේඛාව) ස්ත්‍රී අල්ලක වැටුණ විට යහපත්ය. අනිෂ්ටඵල ඉවත් වේ.

4.ශීර්ෂ රේඛාව ගුරු මණ්ඩලයෙන් පටන්ගෙන ජීවන රේඛාව ස්පර්ශ කිරීමෙන් පසුව අල්ල දිගට වැටීම ප්‍රබල අධිෂ්ඨාන ශක්තියෙන් යුත් අයෙකුට පිහිටයි. පරිපාලනයේ හා සංවිධානයේ දක්ෂ කෙනෙකි.

5. ශීර්ෂ රේඛාවෙන් අත්තක් හෘදය රේඛාවට විහිදීමෙන් දැඩි සෙනෙහසකින් යුත් බිරිඳක හෝ සැමියකු හඳුනා ගත හැකි ය.

6. ගුරු මණ්ඩලයෙන් ආරම්භ වන හෘදය රේඛාව අනුන්ගේ යහපතට ධන පරිත්‍යාග කරන අල්ලක වැටෙන ලකුණකි.

7. හෘදය රේඛාවෙන් පැන නැඟී උඩුකුරුව යන කෝන රේඛාවක් ගුරු මණ්ඩලයට වැටීම පියාට වඩා කීර්තිමත්වන අයෙකුගේ අල්ලේ වැටේ.

8.ජීවන රේඛාව කරුවකින් අවසන්වීම විවාහ ජීවිතයේ ගැටලු සහිත තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම.

9. ගුරු මුදු රේඛාව වැටුණ විට යහපත් ධනය ලබයි.

10. දෛව රේඛාව (තිත් ආකාරයට) දබරඟිල්ලේ මුලට වැටීම තේජාන්විත පාලකයෙකි.

 

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ
මාතලේ
එච්.ඩබ්ලිව්. අභයපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.