උපන් දවස අනුව පලාපල

සැප්තැම්බර් 6, 2024

 

මිවිෂටානත භොගී මානීච
ක්‍රොධී චරකි ලාලසඞ
පිත්තාධිකො රවෙ වාරෙ
ධන කාමී භෂවනතරඞ

ඉරිදා උපන්නේ නම් පෝෂ්‍ය ආහාරපාන ගන්නාවූද තරමක උඩඟු ඇති කාමයෙන් සිත තැවුණා වූද රතියෙහි නිරන්තර සේවනයේ යෙදෙන කලාකාමියෙකි.

භොගී කාම ශාස්ත්‍ර වෙත්තා
ගුණී මාණිජිතෙන්ද්‍රියඞ
විද්‍යාධිකඞ ශීල යුකෙතො
ජයතෙ චන්ද්‍ර වාසරෙ

සඳුදා උපන්නේ නම් භාග්‍යවන්ත වූ විවිධ විද්‍යා විෂයන්ට සමත් කෙළෙහිගුණ ඇති, ජනපි‍්‍රයත්වය හිමිවන පසිඳුරන් පිනවන හික්මීමක් ඇත්තේ ය.

මුර්ඛඞ පි‍්‍රයො ධනී කෲරඞ
ශුති සමෘතිවිනඥකඞ
නාසිකො වෙද හීනශව
භෛෟම භොගී භවෙන්තරඞ

අඟහරුවාදා උපන්නේ නම් තරමක ආඩම්බර ගති ලක්ෂණ ඇති, වීර්යවන්ත, සටන්කාමී, නොපසු බස්නා එඩිතර කෙනකු වේ.

වෙද ශාස්ත්‍ර ක්‍රියා යුක්තා
දයාලූශව බහු ශෘතඞ
භයානකො යොග යුනෙතා
ජයාතෙ බුධ වසරෙ

බදාදා උපන්නේ නම් වේද ශාස්ත්‍රයෙහි නිපුණ බහුවිධ ශාස්ත්‍රීය විෂයන්ට දක්ෂ කරුණා මෛත්‍රී සහගත බුද්ධිමතකු වේ. ලොව ජයගනී.

වේද වෙත්තා චග්නි
හොත්‍රී පුත්‍ර පෞත්‍ර ධනාධිතඞ
දාජාත්ථිතඞ පූර්ණ මෙත්තං
ගුරුවාරෙ භවෙන්තරඞ

බ්‍රහස්පතින්දා උපන්නේ නම් වේදයේ නිපුණ අග්නි කාරක ගිනි දෙවියන් පුදන සූර්යය රාජ දැහැන්ගතව ධනයෙන් හා ශාස්ත්‍රවලින් පිරිපුන්ව පරිවාර ජනයා ඇති මහා පණ්ඩිතයෙක් වන්නේ ය.

අර්ථි භොගී ධනී ගුරුඞ
ලුබ¢හුසෙවකඞ
දෛවඥෙපි ශනිඥශව ජනඞ
ශුක්‍ර දිනෙ භවෙත්

සිකුරාදා උපන්නේ නම් වැඩදායී සියලු වැඩකටයුතු ධෛර්යෙන් කරන, ලද දෙයින් සතුටුවන, ධනවත් උගත් කාරුණික මෛත්‍රී සහගත මානව භක්තියෙන් යුක්ත ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දත් අයෙක් වේ.

නීච සකතඞ කෘත ඝනශච
කුටි ලො බන්ධු පීඩකඞ
කෘත කාර්යය හරො රොගී
ජායතෙ ශනි වාසරෙ

සෙනසුරාදා උපන්නේ නම් ගුණ රහිත ඇසුරක් හිමිවන, නෑහිතමිතුරන්ට පීඩාගෙනදෙන දෙයට නියැළුණ, සියලු කටයුතුවලට සුබ නොවුණත් කෘෂිකර්මයට ගොවිතැනට ඇළුණ කෙනකු වන්නේ ය. සිරුරද ක්‍රමයෙන් රෝගාතුර විය හැකිය. මිල මුදල් ලැබුණ ද ඉතිරියක් නම් නොවේ.යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.