සතියේ පඤ්චාංගය

ජුනි 23, 2023

 

ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 09 භාග අධි ඇසළ පුර විසේනියලත් කිවිදින සිට එම රවි 15 භාග අධි ඇසළ පුර එකොළොස්වක ලත් ගුරු දින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - මිථුන

කුජ - කටක

බුධ - වෘෂභ ( 24 දා දහවල් 12.42 මිථුන)

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - අද

කුජ - අස්ලිස

බුධ - මුවසිරස (27 දා සවස 03.20 අද)

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සා ( 26 දා රාත්‍රී 10.29 සිත)

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

 

පෝය

ජුනි 26 සඳුදා අලුයම 12.25න් පුර අටවක ලබා 27 අඟහරුවාදා අලුයම 02.04න් ගෙවේ. 26 සඳුදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

23 දා අලුයම 04.19 සිංහ

25 දා සවස 04.50 කන්‍යා

28 දා අලුයම 03.27 තුලා

 

 

දිනූ තත්ත්ූවය

ජුනි 23 සිකුරාදා

මිථුන රවි 09 භාග අධි ඇසළ පුර විසේනිය තිථිය ලත් කිවිදින ඉර උදාව 05.57. ඉර බැසීම 06.28 අස්ලිස නැකත අලුයම 04.19න් ගෙවී මා නැකත ලබයි. අධි ඇසළ පුර විසේනිය තිථිය රාත්‍රී 07.55න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය අලුයම 03.32න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. බවකරණය අලුයම 06.42න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 07.55න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

 

ජුනි 24 සෙනසුරාදා

මිථුන රවි 10 භාග අධි ඇසළ පුර පසළොස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 05.57. ඉර බැසීම 06.28. මා නැකත උදේ 07.19න් ගෙවී පුවපල් නැකත ලබයි. අධි ඇසළ පුර සැටවක තිථිය රාත්‍රී 10.18න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය අලුයම 04.32න් ගෙවී සිද්ධි යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.08න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 10.18න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකනිය

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිශාව - දකුණ

 

ජුනි 25 ඉරිදා

මිථුන රවි 11 භාග අධි ඇසළ පුර සතවක තිථිය ලත් රවි දින ඉර උදාව 05.57. ඉර බැසීම 06.29. පුවපල් නැකත උදේ 10.11න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. අධි ඇසළ පුර සතවක තිථිය දවස පුරාම යෙදී පවතී. සිද්ධි යෝගය අලුයම 05.27න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. ගරජකරණය දහවල් 11.24න් ගෙවී වණිජකරණය ලබා පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ලැම

මරු - උතුර

යෝගිනී - වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

 

ජුනි 26 සඳුදා

මිථුන රවි 12 භාග අධි ඇසළ පුර අටවක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.57. ඉර බැසීම 06.29. උත්‍රපල් නැකත දහවල් 12.42න් ගෙවී හත නැකත ලබා පවතී. අධි ඇසළ පුර සතවක තිථිය අලුයම 12.25න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය උදේ 06.07න් ගෙවී වාරියන් යෝගය ලබයි. වණිජකරණය අලුයම 12.25න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.17න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - වයඹ

යෝගිනී - ඊසාන

සුබ දිශාව - දකුණ

 

ජුනි 27 අඟහරුවාදා

මිථුන රවි 13 භාග අධි ඇසළ පුර නවවක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.58. ඉර බැසීම 06.29. හත නැකත දහවල් 02.40න් ගෙවී සිත නැකත ලබයි. අධි ඇසළ පුර අටවක තිථිය අලුයම 02.04න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. වාරියන් යෝගය උදේ 06.23න් ගෙවී පරිඝ යෝගය ලබයි. බවකරණය අලුයම 02.04න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 02.37න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - බටහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

 

ජුනි 28 බදාදා

මිථුන රවි 14 භාග අධි ඇසළ පුර දසවක ලත් බුධ දින ඉර උදාව 05.58. ඉර බැසීම 06.29. සිත නැකත සවස 03.56න් ගෙවී සා නැකත ලබයි. අධි ඇසළ පුර නවවක තිථිය අලුයම 03.05න් ගෙවී පුර දසවක තිථිය ලබා පවතී. පරිඝ යෝගය උදේ 06.08න් ගෙවී ශිව යෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.05න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.14න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - නිරිත

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

ජුනි 29 බ්‍රහස්පතින්දා

මිථුන රවි 15 භාග අධි ඇසළ පුර එකොළොස්වක තිථිය ලත් ගුªරු දින ඉර උදාව 05.58. ඉර බැසීම 06.29. සා නැකත සවස 04.25න් ගෙවී විසා නැකත ලබයි. අධි ඇසළ පුර දසවක තිථිය අලුයම 03.18න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ශිව යෝගය අලුයම 05.16න් ගෙවී සිද්ධ යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.18න් ගෙවී වණිජකරණය ලබා එය වස 03.02න් ගෙවී

විෂ්ටිකරණය උදාව වෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - දකුණ

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.