සතියේ පඤ්චාංගය

ජුනි 16, 2023

ශක වර්ෂ 1945 ක් වූ මිථුන රවි 02 භාග පොසොන් අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 08 භාග අධි ඇසළ පුර ජලවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - මිථුන

කුජ - කටක

බුධ - වෘෂභ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - මුවසිරස (22 දා සවස 05.48 අද)

කුජ - අස්ලිස

බුධ - රෙහෙන (21 දා උදේ 07.21 මුවසිරස)

ගුරු - අස්විද (21 දා දවල් 12.14 බෙරණ)

ශුක්‍ර - පුෂ (17 දා රාත්‍රී 09.37 අස්ලිස)

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සා

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

පෝය

 

ජුනි 17 සෙනසුරාදා උදේ 09.15න් අමාවක ලබා 18 ඉරිදා උදේ 10.10න් ගෙවේ. 17 සෙනසුරාදා සිල්

 

 

 

චන්ද්‍ර චාරය

18 දා අලුයම 04.22 මිථුන

20 දා සවස 04.01 කටක

 

 

දිනූ තත්ත්ූවය

ජුනි 16 සිකුරාදා

මිථුන රවි 02 භාග පොසොන් අව තෙළෙස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.55 ඉර බැසීම 06.27 කැති නැකත සවස 03.11න් ගෙවී රෙහෙන නැකත ලබයි. පොසොන් අව තෙළෙස්වක තිථිය උදේ 08.43න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. සූකර්ම යෝගය අලුයම 02.04න් ගෙවී ධෘති යෝගය ලබයි. වනිජකරණය උදේ 08.43න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 08.57න් ගෙවී ශකුණකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - ගිනිකොණ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

 

ජුනි 17 සෙනසුරාදා

මිථුන රවි 03 භාග පොසොන් අව තුදුස්වක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.56. ඉර බැසීම 06.27. රෙහෙන නැකත සවස 04.29න් ගෙවී මුවසිරස නැකත ලබයි. පොසොන් අව තුදුස්වක තිථිය උදේ 09.15න් ගෙවී අව අමාවක තිථිය ලබා පවතී. ධෘති යෝගය අලුයම 01.25න් ගෙවී ශුල යෝගය ලබයි. ශකුණකරණය උදේ 09.15න් ගෙවී චතුෂ්පාදකරණය ලබා එය රාත්‍රී 09.40න් ගෙවී නාගකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

ජුනි 18 ඉරිදා

මිථුන රවි 04 භාග පොසොන් අමාවක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.56. ඉර බැසීම 06.27 මුවසිරස නැකත සවස 06.10න් ගෙවී අද නැකත ලබයි. පොසොන් අමාවක තිථිය උදේ 10.10න් ගෙවී අධි ඇසළ පුර පෑලවිය තිථිය ලබයි. ශූල යෝගය අලුයම 01.04න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. නාග කරණය උදේ 10.10න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය රාත්‍රී 10.47න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාටැඟිලි

මරු - උතුර යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

 

ජුනි 19 සඳුදා

මිථුන රවි 05 භාග අධි ඇසළ පුර පෑලවිය තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.56. ඉර බැසීම 06.27. අද නැකත රාත්‍රී 08.14න් ගෙවී පුනාවස නැකත ලබයි. අධි ඇසළ පුර පෑලවිය තිථිය දහවල් 11.29න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. ගණ්ඩයෝගය අලුයම 01.01න් ගෙවී වෘධි යෝගය ලබයි. බවකරණය දහවල් 11.29න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

 

ජුනි 20 අඟහරුවාදා

මිථුන රවි 06 භාග අධි ඇසළ පුර දියවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 05.56. ඉර බැසීම 06.28. පුනාවස නැකත රාත්‍රී 10.39න් ගෙවී පුෂ නැකත ලබයි. අධි ඇසළ පුර දියවක තිථිය දහවල් 01.11න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. වෘධි යෝගය අලුයම 01.17න් ගෙවී ධෘමයෝගය ලබා පවතී. බාලවකරණය අලුයම 12.17න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 01.11න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - බටහිර

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

 

ජුනි 21 බදාදා

මිථුන රවි 07 භාග අධි ඇසළ පුර තියවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.56. ඉර බැසීම 06.28. පුෂ නැකත දවස පුරාම යෙදී පවතී. අධි ඇසළ පුර තියවක තිථිය සවස 03.13න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. ධෘම යෝගය අලුයම 01.49න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 02.09න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.13න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු -නිරිත

යෝගිනී - ගිනිකොණ

සුබ දිසාව - උතුර

 

ජුනි 22 බ්‍රහස්පතින්දා

මිථුන රවි 08 භාග අධි ඇසළ පුර ජලවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 06.28. පුෂ නැකත අලුයම 01.23න් ගෙවී අස්ලිස නැකත ලබයි. අධි ඇසළ පුර ජලවක තිථිය සවස 05.30න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය අලුයම 02.36න් ගෙවී

හර්ෂණයෝගය ලබයි. වණිජකරණය අලුයම 04.19න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 05.30න් ගෙවී බවකරණය උදාවෙයි.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිසාව - උතුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.