වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
කෘපණෙ ධන පූර්ණශ්ච පරදාරොපසේවකඞමානවඞ ශත තාරායං විදේශගමනේ රතඞ” සියාවස නැකතින් උපත ලද්දේ නම් ක්‍රම ක්‍රමයෙන් අතමිට සරුසාර වන ධන සම්පත් ඇති විදේශ...
2024-08-22 18:30:00
සොලමන් මුදුව කලාතුරකින් අත්ලක දක්නට ලැබෙන අතර දබර ඇගිල්ල මුල අර්ධ කවයක් පරිදි ගුරු මණ්ඩලය මත පිහිටා තිබේ.ගුප්ත ශාස්ත්රවලට දක්ෂයෙක් වූ ඒ වගේම...
2024-08-15 18:30:00
විශේෂයෙන් ආසියාතික රටවල් වන නේපාලය, ඉන්දියාව, ලංකාව වැනි රටවල තුළ ගුප්ත ශාස්ත්‍රය අනිකුත් රටවලට වඩා ශීඝ්‍ර ලෙස පැතුරුණා පමණක් නොව ප්‍රායෝගික වශයෙන්ද...
2024-08-15 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ කුජ හඳුන්වන නම් කිහිපයකි. අඟහරු හෙවත් භෞම, භූමි පුත්‍ර, මිහිපුත්, මංගල එයින් කීපයකි. කුජ සහෝදර කාරකයා වෙයි. කුජගේ මණ්ඩලයේ එක්...
2024-08-15 18:30:00
කෘතඥෙ විනයී දාත්රාසදාරෝග විවර් ජිතඞශ්රී මාංශ්ච බහු සන්තානාඞ ශ්‍රවණ ජායතේ නරඞසුවණ නැකැතින් උපන්නේ නම් නිරෝගී බව ඇත්තේ ය. උගත් බුද්ධිගෝචර තැනට...
2024-08-08 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ මව් වශයෙන් නම් කෙරෙන්නේ සඳු හෙවත් චන්ද්‍රයායි. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයේ දී තම බලය විදුවයි. දහවල් කාලයට චන්ද්‍රයාගේ බලය අඩු ය. රාත්...
2024-08-08 18:30:00
පෘථිවියේ උප ග්‍රහයකු වූ සඳු සෑම දින 28කට ආසන්න කාලයක දී පෘථිවිය වටා සිය කක්ෂය ගෙවා දමමින් රාශි චක්‍රය පසු කරන අතර රාශි චක්‍රයේ එක් එක් ග්‍රහයා සමඟ...
2024-08-01 18:30:00
පිරිමින් හට වැළඳෙන ලිංගික රෝග අතුරින් ලිංගික බෙලහිනතාවය නැත්නම් ලිංගික අප්‍රණිකත්වය ප්‍රධාන තැනක් ගනි.තරුණ මැදිවියේ අය මෙන්ම වියපත් ස්ත්‍රී, පුරුෂ...
2024-08-01 18:30:00
මකර ලග්නය දරන මගේ මිත්‍රයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා 3 වැනි භාවයෙහි තැන්පත්ව ඇත. ඒ අනුව 1995 වසරෙහි ජූනි 1 වනදාත්, 1995 වසරෙහි අගෝස්තු...
2024-08-01 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරෙන සූර්යය දිව්‍ය රාජතෙම රාජ්‍යකාරක භාවය දරන අතර පිය කාරක වන්නේ දහවල් කාලයේ උපදින දරු දැරියන්ට බව අමතක නොකළ...
2024-08-01 18:30:00
ඕං ශ්‍රවන සම්මුඛාය නමනා හ ඕං ත්රිකාලෝලි සම්මුඛාය නමඞ සර්වදේව ඉර ඒ මුකතුළට අසුරුවාගන් වර වර ඒහි ඒස්වාහඞ සත්ත කානතිලි චුලි සරස්වතී මුකතුළට...
2024-07-25 18:30:00
ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමු කොටම ඔබගේ නමට අයත් ප්‍රකාශන අංකය සොයා ගැනීමට අවශ්‍යවේ. එය සකස් කර ගන්නා ආකාරය පසුගිය කලාපයේ සඳහන් කරන ලදී....
2024-07-25 18:30:00
ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරකට බෙදූ විට 12, 11, 10 යන භාවස්ථාන පුරුෂ වශයෙන්ද 9, 8, 7 ස්ත්‍රී වශයෙන් ද 6, 5, 4 පුරුෂ වශයෙන් ද 3, 2, 1 ස්ත්‍රී...
2024-07-25 18:30:00
“ස්ථිර භොගීච මානීච ධන වාංශච සුඛි භවෙත්තෘතීය පාදේ තුෙQ්යච මුලාද්යතෙත්ථි පරිත්යජෙත”මුල නැකතින් උපත ලබා ඇත්නම් හෙතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති...
2024-07-18 18:30:00
ඕං සරස්වතී මහා දේවී වීණා පුස්තක ධාරණීහංස වාහන සමායුක්තං විද්යාදානං කුරුමමඞපිරිසුදු පැන් බඳුනකට 21 වරක් මතුරා උදේ කාලයේ පානය කර ඉගනීම් කටයුතු...
2024-07-11 18:30:00
ඒරාෂ්ටක ලිපි පෙළ පිළිබඳව දෙවැනි විවේචන ලිපිය 2024 ජූලි 5 දින දරන සුබසෙත ඡ්‍යොතිෂ පුවත්පත තුළින් දැකගත හැකි විය. එම ලිපියට පිළිතුරක් ලබා නොදුනහොත් එය...
2024-07-11 18:30:00