වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උදම් පෙරේරාට පිළිතුරක් සහ දෙස් විදෙස් ඒරාෂ්ටක අත්දැකීම් කිහිපයක්
ඒරාෂ්ටක ලිපි පෙළ පිළිබඳව දෙවැනි විවේචන ලිපිය 2024 ජූලි 5 දින දරන සුබසෙත ඡ්‍යොතිෂ පුවත්පත තුළින් දැකගත හැකි විය. එම ලිපියට පිළිතුරක් ලබා නොදුනහොත් එය එම ලිපිය නොසලකා හැරීමක් යැයි සිතෙන්නට ඉඩ ඇති බැවින් එම ලිපියට කෙටියෙන් හෝ පිළිතුරක් ලබා දෙන්නට අද දිනයේ දී බලපාපොරොත්තු වෙමි.
“අපට ඡ්‍යොතිෂ්‍ය කටයුතු කර ගෙන යාමේ දී ගැටලු මතු වන මුත් එම ගැටලුවලට විසඳුම් ඇති හෙයින් එවැනි ගැටලු හමුවේ ඡ්‍යොතිෂයේ ඇතැම් සිද්ධාන්ත ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම ගැටලුවලට විසඳුම් පර්යේෂණ මඟින්, තර්කානුකූල බුද්ධිය මඟින් දුර්ලභ ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ කියවීමෙන්, අනෙක් ඡ්‍යොතිෂඥයන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් ඒවාට විසදුම් පිළිතුරු සොයා ගත යුතුය.” යන්නත් එම ලිපියෙහි සඳහන්ය. දක්ෂ තරුණූ ඡ්‍යොතිර්වේදියෙකුª ලෙස ලියුම්කරුගේ එම වටිනා අදහසට මම ද හිස නමා ආචාර කරමි. නමුත් මේ විවේචන ලිපියට අදාළ ගැටලුව සැබෑ ගැටලුවක්ද යන්න මා හට ප්‍රශ්නයකි. සැබවින්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒරාෂ්ටක කාලයක් තුළ අභාවප්‍රාප්ත වුවද, ඒරාෂ්ටක කාලයක් නොවන කාලයක අභාවප්‍රාප්ත වුවද එය මගේ අදහස්වලට කිසිසේත්ම පටහැනි නොවේ. එයට හේතුව මා කිසිදු විටෙක, ඒරාෂ්ටක කාල වකවානු ගත වද්දී කිසිවකුත් මිය නොයන බව මේ ලිපි පෙළ තුළින් කිසිදු අයුරකින් පැහැදිලි නොකිරීමය. මා හට අවශ්‍ය වූයේ, ඒරාෂ්ටක පවතිද්දීත් බණ්ඩාරනායක මහත්මිය රජ වූ අවස්ථා ඇති බව පෙන්වා දීමට පමණි. ප්‍රායෝගික තත්ත්වය වන්නේ ඒරාෂ්ඨක පවතිද්දී මෙන්ම ඒරාෂ්ටක නොපවතිද්දී ද යම් අයෙකු මිය යාමට ඉඩ ඇති බවය. එය ප්‍රසිද්ධ උදාහරණ මඟින් වුවද ඔප්පු කළ හැකිය. එවැනි තත්ත්වයක් තුළ යම් අයෙකු ඒරාෂ්ටක කාල වකවානුවකදී මිය ගිය බව ඔප්පු වීමත් සිදු වුව ද එය පෙර නොවූ විරූ අරුම පුදුම සොයා ගැනීමක් යැයි මා හට නම් නොහැඟේ. ඇරත් 2024 මැයි 31 දින විවේචන ලිපියට අනුව සිරිමාවෝ මැතිනියගේ අභාවය 1998 අප්‍රේල් 16 සහ 2000 ජුනි 5 ත් අතර කාලය තුළ සිදු වූ බවට ඉඟි ලැබෙන පරිදි අදහස් ඉදිරිපත් කර ඇති බවට ඉතා පහසුවෙන් වටහා ගන්නට ඕනෑම අයෙකුට හැකි වනු ඇත. මා හට විශේෂයෙන් අවශ්‍ය කළේ බණ්ඩාරනායක මැතිනියගේ අභාවය සිදු වූයේ එම ලිපියෙහි සඳහන් කළ පරිදි, ඉහත කාල වකවානුව තුළ නොව 2000 වසරෙහි අගෝස්තු 10 බව පෙන්වා දීමටය.
කිතුල් ගසේ නැග්ග මිනිසාටත් කියන්නට දෙයක් ඇතැයි ප්‍රසිද්ධ ජනවහරක් ඇත. මින් අදහස් වන්නේ ඕනෑම දෙයක් සම්බන්ධව තර්ක ඉදිරිපත් කළ හැකි බව ය. නමුත් එම තර්ක ප්‍රායෝගිකද යන්න ගැටලුවකි. අත් වැරදීමකින්, සිරිමාවෝ මැතිනියගේ අභාවය ඒරාෂ්ටකයකදී සිදු වූ බව සඳහන් කර එය නිවැරැදි කර ගැනීමට තර්ක ඉදිරිපත් කරනවාද යන්න මම නොදනිමි. කෙසේ වෙතත් ලිපියේ පෙන්වා ඇති ආකාරයට ඒරාෂ්ටක අර්ථකථනය කළහොත් ශනි ග්‍රහයා බොහෝ භාවවල ගෝචර වද්දී ඒරාෂ්ටක නිර්මාණය වන බව පෙනේ. උදාහරණ ලෙස කිසියම් පුද්ගලයෙකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා 4 වන භාවය තුළ තැන්පත්ව ඇතිනම් 1, 2, 3, 4, 5, 8, 11, 12 යන භාව තුළින් ශනි ගෝචර වද්දී ඒරාෂ්ටක නිර්මාණය වන අතර ලිපියෙහි සඳහන් කළ පරිදි ඒරාෂ්ටක නිගමනය කළ විට ඉහත භාව තුළින් ශනි ගෝචර වනවාට අමතර ලෙස 6, 9 යන භාවවල ශනි ගෝචර වද්දී ද යම් පමණකට ඒරාෂ්ටක නිර්මාණය වන අතර ඒ අනුව භාව 12 න් භාව 10 කට ශනි ගෝචර වද්දී ඒරාෂ්ටක නිර්මාණය වීමට අනුව ඒරාෂ්ටක බෙහෙවින් සාමාන්‍යකරණයට පත් වන බව පෙර ලිපියෙහි සඳහන් පරිදිම තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී අන් කාලවලට වඩා අසනීප ඇති වීමේ ඉඩකඩ වැඩී වන බව මා විසින්ද නිරීක්ෂණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටි තවත් චරිත කිහිපයකට තදබල ඒරාෂ්ටක කාල සීමාවලදී මුහුණදීමට සිදු වූ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට ද අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයකුව සිටි රෝහණ විජේවීර මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, ලග්නය වෘශ්චික වන අතර චන්ද්‍රයා ලග්න භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව, ඒ මහතාට 1984 වසරෙහි දෙසැම්බර් 20 වන දාත් 1985 වසරෙහි මැයි 29 වනදාත් අතර කාලය තුළද, 1985 සැප්තැම්බර් 16 අතර කාලය තුලද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. තවද රෝහණ විජේවීර මහතාට 1987 දෙසැම්බර් 17 වනදාත්, 1990 ජුනි 23 වන, 1990 දෙසැම්බර් 15 වනදාත් අතර කාලය තුළ ද ලග්න ඒරාෂ්ටකයේ දෙවැනි අදියර සහ ජන්ම ඒරාෂ්ටකයේ දෙවැනි අදියර ගත වී ඇත. ඉහත කී කාල වකවානුව පිළිබඳ විමර්ශනය කිරීමේ දී පෙනී යන්නේ රෝහණ විජේවීර මහතාගේ නම වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ඉහත කාලවකවානුව තුළ බවය. එමෙන්ම ඉහත කාල වකවානුව තුළ ඔහු වඩාත් ස්වාධීන වීමට උත්සාහ කර ඇති අතර එවකට පැවති රජයට විරුද්ධව පක්ෂ සාමාජිකයන් මෙහෙයවා ඇත. එනම් තදබලම ඒරාෂ්ටක කාල වකවානුවලදී තම ප්‍රසිද්ධියට පත් වීමද, ස්වාධීන වීමට උත්සාහ කිරීමද, නිතරම සිත බියෙන් සහ සැකයෙන් පැවතීමද නිරීක්ෂණය කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ රෝහණ විජේවීර මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ඔහු ඉහත ඒරාෂ්ටක කාල වකවානුව ලැබීමට පෙර වසර ගණනාවක් තිස්සේ සුළු හෝ ඒරාෂ්ටකයක්වත් ගත කර නොසිටීමය.
මීළඟට නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වූ ශ්‍රී ජවහල්ලාල් නේරු තුමාට ඒ මහතාගේ තදබල ඒරාෂ්ටක කාල සිමා තුළ මුහුණදීමට සිදු වී ඇති සිදුවීම් පිළිබඳව සොයා බලමු. ජවහල්ලාල් නේරු මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය ‘කටක’ වන අතර චන්ද්‍රයා ලග්නය භාවය තුළ තැම්පත්ව ඇත. ඒ අනුව ඒ මහතාට 1995 සැප්තැම්බර් 23 වනදාත්, 1945 දෙසැම්බර් 21 වනදාත් අතර කාලය තුළ ද, 1946 ජුනි 8 වනදාත්, 1948 ජුලි 26 වනදාත් අතර කාලය තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව යන ඒරාෂ්ටක දෙකම ගත වී ඇත. ඒ අනුව, භාරතයට නිදහස ලැබීම සහ නේරු මහතා නිදහස් භාරතයේ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස තේරී පත් වීම සිදු වී ඇත්තේ ඒ මහතාට තදබල ඒරාෂ්ටක දෙකක් ගත වද්දී බව පෙනේ. තදබල ඒරාෂ්ටක කාලවකවානු තුළ නොසිතූ සුබ ප්‍රතිඵලද ලැබිය හැකි බව මේ උදාහරණයෙන්ද පැහැදිලි වෙයි.
මා හට ඒරාෂ්ටක කාල සීමාවලදී මුහුණදීමට සිදු වූ මෙතෙක් හෙළි නොකළ අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි. ‘මීන’’ ලග්නය දරන මා හට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තිබී ඇත්තේ 1995 ජුනි 1 වනදාත් 1995 අගෝස්තු 9 වනදාත් අතර කාලය තුළ සහ 1996 පෙබරවාරි 15 වනදාත්, 1998 අප්‍රේල් 16 වනදාත් අතර කාලය තුළදීය. මේ ලග්න ඒරාෂ්ටක කාලසීමාව තුළ මගේ ජීවිතයෙහි ඉතා ප්‍රබල වෙනසක් සිදුවිය. එනම් මා මෙතෙක් කල් අධ්‍යාපනය ලබමින් සිටි ඇහැලියගොඩ නගරයෙහි පිහිටි ප්‍රධාන පාසලින් ඉවත්ව උසස් පෙළ පන්තිය සඳහා රත්නපුර නගරය ආසන්නව පිහිටි ප්‍රධාන පාසලකට ඇතුළත් වීමය. මා උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන් වන අතර මා කලින් සිටි පාසලෙහිද උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීම සඳහා පහසුකම් තිබුණි. එහෙත් මා සහභාගි වූ අතිරේක පන්තිවල ඉගැන්වූ ගුරුවරුන්ගේ ඉල්ලීමද, ඒ වන විට රත්නපුර නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලට විදුහල්පතිවරයකු පැමිණීම නිසා සිදු වූ ශීඝ්‍ර දියුණුවද මා සමඟ කලින් විදුහල තුළ දී සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් බොහෝ දෙනෙකු රත්නපුරයෙහි පිහිටි විදුහලට යාමට තීරණය කිරීමද හේතුවෙන් මා හටද එම විදුහලට යාමට පෙලඹවීමක් ඇති විය. එසේ නොමැතිව මේ විදුහලට යාමට මා කලින් තීරණය කර නොතිබිණි. එනම් මෙය ඉතා අහඹු ලෙස සිදු වූවකි.