රාහු කාලය අසුබ කාලයක්ද

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
පෙබරවාරි 14, 2025

පසුගිය සතියේ රාහු කාලය අසුබ කාලයක් ද යන්න හාරිස්පත්තුව විසූ උමන්දා සෙනෙවිරත්න ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි.

කිසියම් කාල පරාසයක් සමාන කොටස්වලට බෙදා කිසියම් අනුපිළිවෙලකට එක් එක් ග්‍රහයාට වෙන් කිරීමේදී රාහුට අයත්වන කාල පරාසය රාහු කාලය නමින් හඳුන්වන බව ඡ්‍යොතිෂයේ සඳහන්ව ඇත.

ඡ්‍යොතිෂයේ ඇති රාහුකාලය, නැකැත්, හෝරා, තිථි, යෝග, කරණය ආදි සෑම දෙයකටම සම්මත අනුපිළිවෙලක් සහ සම්මත කාල පරාසයක් ඇත. ඒවායින් ඉතා වැදගත් කොට සිතන රාහු කාලය තුළදී අප සුබ වැඩ කටයුතු සිදු කිරීම අසුබ ලෙස සලකයි. එම පැය එකහමාරක පමණ කාලය තුළදී විශ්වයේ අයහපත් කිරණ අපේ කටයුතුවලට බලපෑම් ඇති කරන බව ඊට හේතුව වශයෙන් සලකයි.

සතියේ දින හතට හත් ආකාරයකින් රාහු කාලය බල පවත්වනු ඇත. රාහු කාලය මගහැර කටයුතු කිරීමෙන් දියුණුව සාර්ථක භාවය ඇතිවේ. එහෙත් අභිජිත් මුහුර්ථය පවතින කාල සීමාව තුළදී කරන සුබ කටයුතුවලට රාහු කාලය අදාළ නොවනු ඇත.

රාහු කාලය දිනපතා දිවා හා රාත්‍රී කාලයන් දෙකටම යෙදේ.

 

සඳුදා- 7.30- 9.00

අඟහරුවාදා- 3.00- 4.30

බදාදා- 12.00- 1.30

බ්‍රහස්පතින්දා- 1.30- 3.00

සිකුරාදා- 10.30-12.00

සෙනසුරාදා- 9.30- 10.30

ඉරිදා- 4.30- 6.00

 

මෙහිදී දිනපතා ඉර උදාව සහ ඉර බැස යන වෙලාව අනුව රාහු කාලය සාදාගත යුතුය.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.