ලෙඩදුක් සුවකරන මුත්තුමාරි දේවිය

පෙබරවාරි 7, 2025

දහනව වැනි සියවසේ දී හියුනෙවිල් සූරීන් එකතු කරන ලද කවි සමුචයක මුත්තුමාරි කවි පෙළ හරි කදිමයි. පන්ති 11 ක් වේ. දෙමළ සිංහල බෞද්ධ හින්දු භක්තිකයින් අතර ඉතාම ජනපි‍්‍රය දෙවඟනකි මුත්තුමාරි දේවිය. මන්නාරමෙන් ගොඩබැස අයියනායක දෙවියන් සමඟ එකට වාසය කරන බැව්ද පැවසේ. සමහර විට පත්තිනි දේවිය ලෙසින්ද පෙනී සිටින්නීය.

මන්නාරමේ වැසියන්ට සෙත ශාන්ති සලසා දෙනු ලබන්නීය. මේ දෙවඟන වාසය කරන ලද්දේ ඇට්ටිකුලමේය. වන සතුන් අතර පි‍්‍රයමනාපතාවයක්ද ඇත්තේ ය. අලි, කොටි, සිංහ, වලස් මෙන්ම සර්පයින්ද මැයට හිතවත්ය. සිංහයින් සමඟ එකට එක්ව වාසය කරන්නීය. සිංහයින් ඉතාම ලෙන්ගතුය.

උඩට වංගු හළඹ රැගෙන දෑතේ කිසි විසි ගිගිරී
කරට එරන් හළඹ දමා වසා ළමැද ඔසරී
මෙරට සිහල හැම වඳුරු වසංගත බේරී
පුරට සදිසි පුන් සඳ වැනි කලට මුත්තුමාරී

සැටදහසක් අවතාර සැටදහසක් ආභරණ සැටදහසක් පිරිවර සැටදහසක් නැව් නැඟ යාපා පටුණ වෙත පැමිණ පත්තිනි අම්මාගෙන් වරම් ගෙන ඔයාමඩුවට ගියාය. එහිදී කාලී විලාශය පා වසූරිය පතුරා තම තෙද බලය පෙන්වූවාය. ජනයා අතර ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

මාරි අම්මා හෙවත් මාරි මුත්තුමාරි දෙවඟන ඉතාම බලසම්පන්න දේවතාවියක් බැව් දේව වංශ කතාවේ සඳහන් වී තිබේ. මුත්තුමාරි දෙවඟනගේ දේවාලය ඇත්තේ මාතලේය.

ලෙඩ රෝග වසංගත රෝග වැලඳුණ විටදී මුත්තුමාරි අම්මා දෙවොලට ගොස් පුද පූජා තබා කන්නලව් කර පූජා භාර බාර ඔප්පු කිරීමෙන් ගම්තුලානවලට වැද වැලඳී තිබෙන සියලුම මහා වසංගත රෝග වැසී වැනසී යන්නේ ය. ලෙඩට පිහිට වන්නීය. සිංහ රාජයෙකුගේ බල ශක්තියක් ඇත්තේ ය. බලගතු සිංහ තෙල් මේ දෙවඟන සතුව ඇත්තේ ය. සිංහයෙකු මෙන් බල පරාක්‍රමයෙන් යුක්තයි. දේවතාවියන් අතර ප්‍රධාන තැනක් දරන්නීය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.