වර්ෂ 2025 ක්වූ February 14 වැනිදා Friday
දෛව අංක 8න් උපන් ඔබ ගැනයි මේ...
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/18_79.jpg?itok=IcaW0Vgh)
ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් ලැබෙන තුරු එකට එකතු කිරීමෙන් ඔබේ දෛව අංකය ලැබේ. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.
උදා - 1985.10.20
1+9+8+5+1+0+2+0 = 26
2+6= 8
අවුරුද්ද, මාසය සහ දිනය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබේ දෛව අංකය අංක 8 නම් එය සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඕනෑම කටයුත්තකදී ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මුදල් ඉපයීමේ ඉතා දක්ෂ වන අතර උපයන දේ ආරක්ෂා කර ගැනීමට ගැනීමට ද සමත් වෙයි.
නොබියව ඕනෑම කටයුත්තකට ඉදිරිපත්වන ඔබ අවදානම් සහගත ක්‍රියාවන්වලට ඉදිරිපත්වීමේදී වඩා ප්‍රවේශම් වීම හෝ එවැනි දේ ගැන දෙතුන් පාරක් හිතා බැලීම අවශ්‍ය වෙයි. තමන්ට පැවරෙන කටයුතු කෙරෙහි දැඩි වගකීමකින් ක්‍රියා කිරීම පිළිබඳ උනන්දු විය යුතුය.
ජීවිතයේ සාර්ථකත්වය හෝ දියුණුව පිළිබඳ ඉතා දැඩි අපේක්ෂා සහිතව ජීවත් වන ඔබ භෞතිකමය වශයෙන් දියුණුවක් ඇතිකර ගන්නා අතර රැකියා ව්‍යාපාර හා මූල්‍ය කටයුතුවලදි ඉතා දක්ෂ ලෙස කටයුතු කරයි. අනෙකුත් සියලුම දෛව අංක හිමියන්ට වඩා ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් සහ දියුණුවක් ඇතිකර ගැනීමට ඔබට හැකියාව පවතී. ඔබ අද කළ යුතු දේ ගැන පළමුව සිතයි. හෙට ගැන හිතන්නේ ඊට පසුවයි. සමාජයේ කා අතරත් කැපී පෙනෙන චරිතයක් ලෙස හැසිරීමට කැමති ඔබ අනිත් අයගේ අවධානයට නිතර ලක්වන අයකු වෙයි. ඔබට නිකන් සිටීමට කාලයක් නොමැති තරම්ය. නිතරම වාගේ වැඩක යෙදී සිටියි. තරමක් කාර්යබහුල ජීවිතයක් ගෙවීමට සිදුවෙයි.
ඔබ මුදල් උපයනවා වගේම වියදම් වීමටද හේතු කාරණා යෙදේ. ඒ නිසාම ඉතිරි කර ගැනීමට ද තරමක් අපොහොසත් ගතියක් ඇති කරයි. ඔබ ජීවිතයේ පසු කාලය වෙනුවෙන් මුදලක් ඉතිරිකර තැන්පත් කර තබා ගැනීම ගැන සිතා බැලිය යුතුයි. නැතහොත් පසුකාලීනව පසුතැවිල්ලට එය හේතුවක් වනු ඇත. ඔබට අන් අයගේ උදව් උපකාර පහසුවෙන් හිමිවීමේ වාසනාව ඇත. මිතුරන් සීමිත ප්‍රමාණයක් පමණක් ආශ්‍රය කරයි. එනමුත් අවශ්‍ය ඕනෑම කෙනෙකුට උදව් උපකාර කිරීමට පසුබට නොවේ. තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවධානයක් යොමු කිරීමට ඔබට වෙලාවක් නැත.මැදි වයස පසු වන විට බොහෝ ලෙඩ රෝග අපහසුතා පහසුවෙන් ඇති කිරීමට පුළුවන් නිසා ශාරීරික ව්‍යායාම කෙරෙහි යම් කාලයක් යෙදවීම උචිත වෙයි. කෙසේ නමුත් කුමන බාධක ආවත් ඒ සියලු බාධක අභිබවමින් ඉදිරියට යෑමේ ශක්තිය ඔබට පවතී.
(දෛව අංක 9 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)