වර්ෂ 2025 ක්වූ February 14 වැනිදා Friday
පෝරිසාද බවින් මිදුණු රාළහාමි
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/22_66.jpg?itok=RujFqDKj)
බණ්ඩා රාළහාමි කියන්නේ කලක් දකුණු පළාතේ පොලිස් රාජකාරිය අකුරටම කළ කෙනෙක්. වරදක් දුටු තැනදි තරාතිරම නොබලා ඕනෑම කෙනකුට නීතියේ හස්තය දිගු කරන්න කවදත් පැකිළුණෙත් නැහැ.
තමන්ගේ අම්මා අප්පා වරදක් කළත් කුදලගෙන ඇවිල්ලා ගාල් කරන ජාතියේ අමුතුම චරිතයක් තමයි මෙයා. හැබැයි තම දිවි නොදෙවෙනි රාජකාරී කරාපු බණ්ඩා මහත්තයාට චේච්චි වින්නැහිය ගැන කාටවත් විශ්වාස කරන්න පවා අමාරු සිද්ධියක්. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ කියන සිද්ධාන්තේ හමුදා, පොලීසිවල මහත්තුරුන්ට, පිරිස් පාලනය කටයුතුවල නිරත අයට වගේම පොදුවේ අපි කාටත් වැදගත් වන බවට නම් කිසිදු සැකයක් නැහැ.
බණ්ඩා මහත්තයාගේ පිත්තල බොත්තම් දිස්නෙට මුළින්ම කන කොකා අඬන්න ගත්තේ මෙන්න මෙහෙමයි. වතාවක් හිරකාරයකුගෙන් පුරස්න කොරද්දි නිකමට වගේ අතක් දිග්කොරල. හානියක් කරන්න හිතලා නම් නෙවෙයි, මේ නිකම් උන්දැව බිරාන්ත කොරන්න වගේ. ඒත් දන්නවද කරුමෙක මහත? බණ්ඩා මහත්තයා නොදන්නවා වුණාට එයාගේ පාරේ සැරට අරුන්දෑ එතැනම හතර ගාතෙන් වැටිලා.
කොහොමින් කොහොම හරි පොඩි වටයක් ගිහිල්ලා මහත්තයා ආයේ පොලිසියේ රස්සාව හදා ගත්තා. පරණ තෝම්බුව හොඳ නිසා ඒවත් පිහිටවෙන්න ඇති ඒකට. අන්තිමට ඔන්න බණ්ඩා මහත්තයා පටි තුනකුත් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඒත් ඉතිං නොදැනිම වගේ ආයෙත් හිරකාරයකුගේ පැත්තට පුරුද්දට වගේ අත දිග ඇරිල. ඒ උන්දැටත් අර උන්දැට වගේම එක පාරින්ම එළොව ගිහින් නවතින්න වෙලා. මෙදා පාරත් මොන මොන ප්‍රශ්න ආවත් අන්තිමේදී ඒවා ඔක්කොම නිරාකරණය කර ගත්තු බණ්ඩා මහත්තයා අන්තිමේදී ස්ව කැමැත්තෙන්ම විශ්‍රාමය ඉල්ල ගන්නවා.
අත බලලා තමන්ගේ ජීවිත කතාවම ඇස් දෙකෙන්ම බලං හිටියා ගාණට දෙසාපු වනවාසී හාමුදුරු නමකගේ මඟ පෙන්වීමෙන් පස්සේ ජීවිතාන්තය දක්වාම එයා පිරුවට දරං පින් දහම් පිරුවේ. සංසාරේ කුමක් හෝ අහේතුවකට දැන හෝ නොදැන ජීවිත දෙකක් මෙළොවින් තුරන් කොරන්නත් තමන් දායක වුණු පශ්චාත්තාපයට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අතින් කණ්අඩි හෙම පලා ගත්තු එව්වංගේ ගණන බණ්ඩා මහත්තයාට මතකයක් වත් නැති තරම්, නේ?
පුද්ගල පරිහාණියට වගේම ජීවිත විනාශයට මුල් වෙච්චි මේං මේ වගේ සංසිද්ධියක් අද වෙනකම් ලෝකෙට අර්ථකථනය කර තියෙන්නේ විස්්මිත හස්තරේඛා ශාස්ත්‍රයෙන් විතරමයි. එහි දැක්වෙන විදිහට මේකට මුල් වෙන්නේ මස් බෝලයක් කිහල්ලකෝ. එතකොට මාපට ඇඟිල්ලේ ඉහළම පුරුක කොට වෙලා හරියට යගදාවක් වගේ ඒ හරියෙන් බෝල ගෙඩිය වගේ පිම්බිලා තියෙන්නේ. මේකට පාවිච්චි කරන ශාස්ත්‍රීය නම තමයි මුගුරාකාර මාපටැඟිල්ල කියන්නේ. අන්න ඒ නිසා දන්න දන්න අයට මේ ටික කියන්න. බස් එකක යද්දී වුණත් ළඟ ඉන්න කෙනා මුගුරාකාර යගදාකාරයෙක් ද කියලා කල්පනාකාරී වීම තමාගේ ශරීර සෞඛ්‍යයට හැම විටම වැදගත් වෙනවා. බැරිවෙලාවත් එහෙම කෙනෙක් එක්ක කිසිම වෙලාවක නීත්‍යාණුකූල ක්‍රමවේදයන්ගෙන් පිට වචන වචන හරඹවලට පැටළෙන්න යන්නත් එපා, තමන්ගේ ජීවිතේ ගැන පොඩි හරි ආදරයක් තියෙනවා නම්. විශේෂයෙන් ආදරය කරනකොට අත අල්ලගන්න කලින් බලන්න මහපටැඟිල්ල කොයි වගේද කියලා. මොකද අඬදබරයක්වත් වෙලා පාරක් හුවමාරු වුණොත් මේ වගේ කෙනෙක්ගෙන් අන්තිමට සිදු වෙන්නේ දන්නෙම නැතිව විඳවන්න. අනෙක බැන්දට පස්සේ නොවෙන්නංවාලේ මේ කතාවේ වගේ දෙයක් වුණොත් නෝනා මහත්තයාටත් ඒ චෝදනාවල වේදනාව දරාගන්න සිදු වෙනවානේ. ඒ නිසා අත ගන්න කලින් අත බලලාම ආදරය කරන එක කොයිකටත් නුවණට හුරුයි.
විශේෂ ස්තූතිය:
වෛද්‍ය බන්දුල සිරිවර්ධන
ප්‍රශන්න ජයවර්ධන
පාරවිද්‍යා පර්යේෂක
නිරංජන් සේනානායක