ස්ත්‍රී පුරුෂ ආකර්ෂණ යන්ත්‍රය

පෙබරවාරි 14, 2025

පසුගිය දිනවල සියලුම නවග්‍රහයින්. වෙනුවෙන්ම ඇති යන්ත්‍ර 9ක්ම සටහන් සමඟ එව්වා. ඊට අමතරව වශී යන්ත්‍ර ලෝකයේ රජවරු වන මාතාංගේෂ්වරීයත් අදට ලංකාවේ ඉදිරියෙන්ම තිබෙන රාජ තරංගනීයත් ඔබ වෙනුවෙන්ම ප්‍රසිද්ධ කළා.

මේ යන්ත්‍ර ඔබ ප්‍රායෝගිකව භාවිත කිරීමේදී සමහර යන්ත්‍රවලින් ඔබ හිතන, බලාපොරොත්තු වන ප්‍රයෝජන ලැබෙන්නෙ නැති බවත් ආරංචියි. ඒ යන්ත්‍රවල කිසිදු අඩුපාඩුවක් නිසා නොවේ. ඔබ නොදැනුවත්වම ඔබේ අතින් සිදුවූ පුංචි පුංචි අඩුපාඩුකම් හා වැරැදිසහගත දේවල් නිසාම විය හැකියි.

යන්ත්‍රයක් පුරන්න ගත්තාම අප විසින් කළ යුතු නිවැරැදි කාර්යයන් කිහිපයක්ම තිබෙනවා. සමහර ඒවා ඔබ දන්නෙ නැහැ. නැත්නම් සමහර ඒවා අතපසු වෙනවා. යන්ත්‍ර විද්‍යාව තව දියුණු වෙලා ඉදිරියට ගෙන යාමේ උත්සාහය නිසාම ඒවා කිහිපයක් මේ සටහනේ ලියා එවනවා.

ඕනෑම යන්ත්‍රයක් පුරන්න ආරම්භ කරන්ට ඕනෑ පුර තිථිය ඇති දිනයක වගේම ඒක අවසන් කරන්ට ඕනෑ අව තිථිය ලබන්නට පෙර. විශේෂයෙන් යන්ත්‍රයක් අවසන් කිරීමේදී සියලුම නිවැරැදි ක්‍රම අනුගමනය කරන්නම ඕනෑ. නිවැරැදි නොවන යන්ත්‍රයක් ශරීරයේ පැලැඳූවිට ඒකෙන් ගොඩක් කරදර ඇති වනවා. සමහර විට ලැබූ ආයුෂ ප්‍රමාණය පවා අඩුවන්න බැරි නැහැ. එයිනුත් නවතින්නෙ නැහැ. ඒ වැරැදි යන්ත්‍රය ශරීරයේ තිබෙන තාක් කල් ඔබ රෝගියකු වනවා. ඒක නිසා වැරැදි ක්‍රමයට පිළියෙල කළ යන්ත්‍ර නොපලඳින ලෙසට ඉල්ලා සිටිනවා. යන්ත්‍රයක් ශරීරය ස්පර්ශ කරන කාලය තුළදී නොකඩවාම කරදර ඇති වනවා නම් ඒ යන්ත්‍රය පලඳින්න එපා. යන්ත්‍රය පරික්ෂා කරවා ගෙන නැවත අලුත්කරවා පලඳින්න. අනික තමයි අච්චුවේ තැනූ යන්ත්‍ර ශරීර ස්පර්ශ කිරීමෙන් වැඩක් නැහැ. නරකයි. වාහනයක තබා ගත්තාට කමක් නැහැ. හොඳකුත් නැහැ. නරකකුත් නැහැ.

ඒවා ගුවන් විදුලියෙන් පිරිත් කළා වගෙයි. යන්ත්‍රවලට අවශ්‍ය උපදෙස් ලියන ගමන්ම කිසිම ග්‍රහයෙකුට ආවේණික නැති තව වශී යන්ත්‍රයකුත් අද ඉදිරිපත් කරන්නම්. ඔන්න නැවතත් කියනවා යන්ත්‍රයක් පලඳින්න එපා නිවැරැදි නැත්නම්. අද පළකරන මේ වශී යන්ත්‍රය ඕනෑම කෙනෙකුට සකස් කර පැලැඳිය හැකියි. අමාරු නැහැ. ජප වාර ගණන 180 - 1800 අතර. යන්ත්‍ර නිර්මාණය කරන්න කලින් ඒකෙ විස්තරයක් දැනගන්න මේ කවියත් කියවා ගන්නකෝ.

සිව්පෝය, කැති, රෙහෙණ, අස්ලිස, මා, නැකැත් ඉන් සෙත දෙනා
ඉන් විසේනිය ශනිදා සොමිදින යාග හෝමය නොවටිනා
මින් අවට දසවක දොළොස්වක සොහොන්මය දවනය දැනා
බක්ද වප් උදුවප් මා සතියෙදි මන්ත්‍ර තන්ත්‍රද නාසනා

ඒ වගේම යන්ත්‍රවල දිග පළලද දැනගත්තොත් වටින නිසා ඒකත් පහළින් ලියන්නම් කෝ.

යන්ත්‍ර සැකැසීමේදී

1. හරි හතරැස් නම් - ප්‍රතිඵලය සුබයි

2. පළල මෙන් දිග දෙගුණයක් නම් :– එනම් 2ය4 = මරණය

3. පළල මෙන් දිග තුන් ගුණයක් නම් :– 2ය6 = ජය

4. පළල මෙන් දිග හතර ගුණයක් නම් :– 2ය8 = රෝග

5. පළල මෙන් දිග පස් ගුණයක් නම් :– 2ය 10 = ලාභ

6. පළල මෙන් දිග හය ගුණයක් නම් :– 2 ය 12= නිෂ්ඵලයි

7 පළල මෙන් දිග හත් ගුණයක් නම් :– 2 ය 14 නම් ඉතා හොඳයි

8 පළල මෙන් දිග අට ගුණයක් නම් :– 2 ය 16 විනාශයි ඉටු නොවේ. (ඔබේ අවශ්‍යතාවය අනුව සුදුස්සා තෝරා ගන්න)

ඔන්න ඔහොමයි පැරැණි පුස්කොළ පොතේ සඳහන්ව තිබෙන්නේ. පූජාව ඔබ දන්න නිසා ඒකට විශේෂයක් කරන්නෙ නැහැ. අනික තමයි ඕනෑම යන්ත්‍රයක් දිෂ්ටි මන්ත්‍රවලින් දිෂ්ටි කරල ජප මන්ත්‍රය 108 හෝ 1800 වර මතුරාගන්න. ජප මන්ත්‍ර වාර ගණන වැඩි වන තරමට යන්ත්‍රයේ බල පිහිටීම වැඩිවනවා.

මාතාංගේෂ්වරියට හා රාජතරංගනීයට මේ ක්‍රමය හරියන්නෙ නැහැ. ඒවාට බල පිහිටීම වැඩියෙන් කරන්ට ඕනෑ. හදිසියට මේ මන්ත්‍ර දෙක කරන්ට බැහැ.

අද සඳහන් කරන “වශී” යන්ත්‍රය කතරගම දෙවියෝ නිතරම පාවිච්චි කළ බවට සාධක තිබෙනවා. පුජාවට උක්හකුරු, තල, සූකිරි අවශ්‍ය බවත් කියැවෙනවා. මේ යන්ත්‍රය ගැන වැඩිදුරට බලන කොට ගණපති දෙවියො ගැනත් තැනක සඳහන් වනවා. ඒක නිසා මතුරන කොට “ස්ඛන්ධකුමාර නමඞ, නමෝ නමඞ, නමෝ ගණපතියේ නමඞ” කියලා ස්තෝත්‍ර කිරීමේදී පාවිච්චි කළ බව පෙනෙනවා.

මම කලින් සඳහන් කරල තිබුණ වැඩි හොඳට ඕනෑම යන්ත්‍රයක් රත්රන් ආලේප කිරීම හොඳයි කියලා. ඒක අත්‍යවශ්‍යම නැහැ. කළොත් හොඳයි. වියදම ටිකක් වැඩිවේවි. එහෙත් මාතාංගේෂ්වරිය හා රාජ තරංගනී රත්රන් ආලේප කිරීම අත්‍යවශ්‍යම බව අමතක කරන්ට එපා.

යන්ත්‍ර පාවිච්චියේදී කිලි ආහාර ගැනීම හොඳ නැති බව දන්නවනේ. ඒවා ගැනීමෙන් යන්ත්‍රයේ බල ටික ටික බිඳෙනවා. ඒක නිසාම තමයි. ඕනෑම යන්ත්‍රයක් වසරකට වරක්වත් අලුත් කරන්නේ. එහෙම අලුත් කරන කොටත් ජප/ පලිප්පු / ප්‍රාණ / ස්ඵුට කරන්නම ඕනෑ.

එතකොට බලා සිටියදීම ගුණ දෙනවා”

ජපය

ඕං හි‍්‍රං භුර්භු ස්වාහඞ -
අස්‍ය ශ්‍රී ගණේෂාය නමඞ
ඕං නමඞ ශිවාය නමඞ
ඕං හි‍්‍රංකාලි කාලි උමා
මහේෂ්වරී ත්‍රිබුවනේෂ්වරි -
සව¢ ලෝක වසංකරි සව¢
රාජ වසංකරි,
සව¢ ස්ත්‍රි පුරුෂ වසංකරි, සව¢
ධන ධාන්‍ය වසංකරි
උමා මහේෂ්වරි ශි‍්‍ර දේ මම
සව¢කාරි සිද්ධම්, හි‍්‍රං ශි‍්‍රං ශි‍්‍රං සව¢ ජන මේ
ආකර්ෂ නම නම ඒස්වාහඞ

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.