බෙල්ලත් අතත් එකවර රිදෙනවා නම්...

Scalene Syndrome
ඔක්තෝබර් 25, 2024

බෙල්ලේ වේදනාව බොහෝ දෙනා අතර විවිධ හේතු මත ඇතිවන තත්ත්වයක්. රෝග ලක්ෂණයක් වන බෙල්ලේ වේදනාව ඇතිවීමට බෙල්ලේ විවිධ ප්‍රාථමික මාංශ පේශි, බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළිය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හේතු වෙනවා. මේ සමහර රෝගවලදී බෙල්ලට ඇතිවන වේදනාව අත දිගේ පහළට ගමන් කිරීමක් සිදුවනවා. මෙලෙස බෙල්ලත්, බෙල්ලෙන් පහළට අත දිගේ ගමන් කරන වේදනාවත් ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන රෝගයක් ලෙස Scalene Syndrome නම් රෝග තත්වය හඳුන්වන්නට පුළුවන්.

මේ රෝගය මාංශ පේශි ආශ්‍රිත ඇතිවන රෝගී තත්ත්වයක්. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තරුණ වයසේ සිටම වැල¼දීමට ඉඩකඩ පවතිනවා. මෙය ශරීරයේ වම් හෝ දකුණු එක් පසකට පමණක් ඇතිවිය හැකි රෝගී තත්ත්වයක්. එහෙත් නිවැරැදි රෝග විනිශ්චයක් සිදු නොකිරීම නිසා වෛද්‍යවරු අතින් බොහෝ විට මේ රෝගය වැරැදි ලෙස හඳුනා ගැනීම සිදුවනවා. එහිදී අදාළ රෝගයට නොව වෙනත් රෝගවලට ප්‍රතිකාර කිරීම නිසා සුවය ලබා ගැනීමට හැකියාවක් රෝගියාට ලැබෙන්නේ නැහැ. එම නිසා මේ පිළිබඳව නිවැරැදි දැනුම ලබා ගැනීම සියලුම දෙනාට වැදගත් වන්නට පුළුවන්.

වෛද්‍ය විද්‍යානුකූල රෝග වර්ග කිරීම් යටතේදී Myofascial Pain Syndrome යන වර්ගය යටතට මේ තත්ත්වය ඇතුළත් වෙනවා. මෙහිදී මාංශ පේශිය ආශ්‍රිතව පවතින ජ්චජඪච නම් මෘදු පටක ස්ථරයේ එක් තැනක අනවශ්‍ය පරිදි තදවීමක් ඇතිවී ප්‍රේරිත ලක්ෂයක් හෙවත් Trigger Point  එකක් ඇතිවීම සිදුවනවා. මේ ප්‍රේරිත ලක්ෂණ ඇතිවීම නිසා එම ස්ථානයේත් එතැන් සිට තවත් ස්ථානයක් දක්වාත් වේදනාව විහිදී යෑමේ හැකියාවක් පවතිනවා. මේ වේදනාවත් සමඟ මාංශ පේශිවල තද ගතිය සහ දුර්වලතාවයන් ඇතිවන්නට පුළුවන්. Scalene Syndrome තත්ත්වයේදී Trigger Points  ඇතිවීම බෙල්ල ආශ්‍රිතව පවතින ඉජචතඥදඥ නම් මාංශ පේශීවල සිදුවනවා. මනුෂ්‍ය ශරීරයේ වම් හෝ දකුණු එක පැත්තක බෙල්ල ආශ්‍රිත කොඳුඇට පේළියෙන් (Cervical Spine ) ආරම්භ වී පළමු පර්ෂුව හෙවත් පළමු ඉල ඇටය දක්වා විහිදෙන ඉජචතඥදඥ මාංශ පේශි තුනක් පවතිනවා. හුස්ම ගැනීමේ ක්‍රියාවලියේදී උරස් කුහරයේ පරිමාව වැඩි කර ගැනීම සඳහා පළමු ඉලඇටය ඉහළට ඇදීම මේ මාංශ පේශි තුන මඟින් වම් සහ දකුණු පැතිවලින් සිදුකරනවා. සාපේක්ෂව කුඩා වන මේ මාංශ පේශි ඔබගේ ඉරියව්ව ආශ්‍රිතව පවතින ගැටලු නිසා ඉක්මනින් විඩාවට පත්වීමේ හැකියාවක් පවතින අතර එලෙස විඩාවට පත් වූ විට මේ මාංශ පේශි ආශ්‍රිතව පවතින Fascia  නම් මෘදු පටක ස්ථරයේ Trigger Points  හෙවත් ප්‍රේරිත ලක්ෂ්‍ය හට ගැනීම සිදුවනවා. එමගින් බෙල්ලේ මුලත් එතැන් සිට අත දිගේ පහළටත් යන අඛණ්ඩ වේදනාවන් අත්විඳීමට ඔබට සිදුවන්නට පුළුවන්.

රෝගය ඇතිවීමට හේතු

දවසේ වැඩි වෙලාවක් බෙල්ල නවාගෙන සිටීමේ ඉරියව්වෙන් දවසේ වැඩකටයුතු සහ රැකියාවේ කටයුතුවල නිරතවීම.

අනවශ්‍ය පරිදි smart ජංගම දුරකථන භාවිතය.

එක් උරහිසකට අනවශ්‍ය පරිදි බර වැටෙන ලෙස ගමන් මලු කරෙහි එල්ලාගෙන ගමන් කිරීම.

ලිවීම, කියවීම, මැහුම් කටයුතු සහ පරිගණක භාවිතයේදී ඉරියව් නිවැරදිව පවත්වා නොගැනීම.

වැදීම් වැටීම් සහ තැලීම් ආශ්‍රිතව බෙල්ල ප්‍රදේශයට සිදුවන විවිධ අනතුරු.

ඇදුම සහ පුප්පුෂීය අවහිරතා රෝගය වැනි විවිධ පෙනහලු ආශ්‍රිත ලෙඩ රෝග නිසා සාමාන්‍ය ආකාරයට වෙනස් ලෙස හුස්ම ගැනීමට සිදුවන අවස්ථා.

අධිකව පවතින කැස්ස තත්ත්වය.

නිදා ගැනීමේදී හිස තමන්ගේ අත උඩට සිටින සේ වැතිරී නිදාගැනීම.

රෝග ලක්ෂණ

උරහිස සිට අත පහළට ගමන් කරන වේදනාව.

අතෙහි සහ ඇඟිලිවල ඇතිවන හිරිවැටීම.

අතෙහි සහ ඇඟිලිවල ඇතිවන සංවේදනයේ දුර්වලතා.

උරහිස සහ පිට මැද ඇතිවන වේදනාව .

බෙල්ලේ පැත්තක ඇතිවන වේදනාව.

බෙල්ලේ තද ස්වභාවය සහ චලන අපසහුතාවය.

අතෙහි සහ ඇඟිලිවල ඇතිවන මාංශ පේශි දුර්වලතාවය.

ප්‍රතිකාර

පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මඟින් ඉතා පහසුවෙන් සුව කරගතහැකි රෝගයක් ලෙස මේ තත්ත්වය දක්වන්නට පුළුවන්. තෙල් ප්‍රතිකාර සහ තැවුම් ප්‍රතිකාර මඟින් පමණක්ම සුව කර ගැනීමේ හැකියාවක් පවතින අතර උත්සන්න වූ අවස්ථාවලදී තෙල් පත්තුවලට අමතරව වෙනත් පත්තු වර්ග ද භාවිත කරන්නට පුළුවන්. අත දිගේ පහළට යන හිරිවැටීම සහ සංවේදන දුර්වලතා සඳහා තෙල් ප්‍රතිකාරවලට අමතරව චීන කටු වෛද්‍ය ප්‍රතිකාර භාවිත කළ යුතු වනවා. බෙල්ල ආශ්‍රිතව පවතින තද ගතිය, බාහුව සහ අත්වල පවතින මාංශපේශි දුර්වලතාවලදි ප්‍රතිකාර සමඟ චලන පරාසය පවත්වාගෙන යාම සහ මාංශ පේශිවල ශක්තිමත් භාවය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම කළ යුතු වනවා. මේ සියලුම ප්‍රතිකාර සමඟම නිසි උපදෙස් මත ඉරියව් පවත්වාගෙන යා යුතුයි. එමගින් සුව වීම ඉක්මන් කර ගැනීමට හැකියාව පවතිනවා .

රෝගය වළක්වාගැනීම සහ ප්‍රථමාධාර

නිවසේදී සහ රැකියා ස්ථානයේදී වැඩි වේලාවක් බෙල්ල නවාගෙන කටයුතු කිරීමෙන් වලකින්න.

ලිවීම, කියවීම, පරිගණක භාවිතය, මැහුම් ගෙතුම් සහ ඉවුම් පිහුම් වැනි ක්‍රියාකාරකම්වලදී වේදනාවක් දැනෙනවා නම් කරමින් සිටි අදාළකාර්‍යය නවතා බෙල්ල දිගහැර විවේක ගන්න.

නිදාගැනීමේදී උරහිස උඩ හිස තබාගෙන නිදා ගන්නා ඉරියව්වෙන් වළකින්න.

බෙල්ල ආශ්‍රිත තද ස්වභාවයක් දැනෙන අවස්ථාවලදී බෝතලයක් භාවිතයෙන් ජලය පානය කරන්න .

බෙල්ල සහ කොන්දේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන වේදනා සඳහා මිනිත්තු 15-20ක් පමණ වේලාවක් ධ්ජඥ තැබීම සිදු කරන්න .

බෙල්ලේ වේදනාව පවතින අවස්ථාවලදී උරහිසේ ගමන් මලු රඳවාගෙන යෑම අවම කරන්න.

මේ ප්‍රථමාධාර සමඟ හැකි ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වන්න.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.