බඩේ දැවිල්ල නැති කරන කරපිංචා

නොවැම්බර් 26, 2021

ඇතැම් අයට සැර කෑමක් ආහාරයට ගත්විට බඩේ දැවිල්ලක් හටගනී. බඩේ දැවිල්ල හොඳම පිළියම එවැනි අවස්ථාවකදී කරපිංචා කොළ මිටක් ගෙන හොඳින් කොටා හෝ හොඳින් සිහින්ව ලියා පානය කිරීමය. එ පමණක් නොව අධික බරකෑමක් කුසට ගත්විට මලබද්ධය ඇතිවිය හැකිය.

මෙවිට ඔබ කළ යුත්තේ කුමක්ද? කරපිංචා කොළ මිටියක් ගෙන හොඳින් කොටා ඒ යුෂ පානය කිරීමයි. මේ සිංහල බෙහෙත් ක්‍රමයේ අත්දුටු ප්‍රත්‍යක්ෂ බෙහෙත් ක්‍රමයකි. විවිධ අවස්ථාවලදී ළමයින්ට, තරුණ තරුණියන්ට, කාන්තාවන්ට, මිනිසුන්ට ආහාර අජීර්ණ වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට පුළුවන. ආමාශය ආශි‍්‍රත දුර්වලවීමට, හදිසියේ කෑම ගෙන බඩේ දැවිල්ලට, බඩ රිදුමකට කරපිංචා හොඳ ඖෂධයකි.

කරපිංචා ගස මීටර් 5 ක් පමණ උසට වැඩේ. මෙය හොඳින් වර්ධනය වූ සාමාන්‍ය ප්‍රමාණයේ ශාකයකි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි ශාකයකි. පහත රට වියළි කලාපයේ ඉතා සුලබය. කඳුකරයේ හැටන්, මස්කෙළිය, තලවකැලේ, බදුල්ල , මතුරට, නුවරඑළිය ආදී කඳුකර පෙදෙස්වල ඒතරම්ම දක්නට නැත.

උද්භිද විද්‍යාත්මක නාමය = ර්භපපචරච ඬධඥදඪඨඪඪ ඵනපඥදඨ

පර්යාය නම් = ඕඥපඨඥපච ම්ධඥදඪඨඪඪ ඹ්ඪදද

ඉංගී‍්‍රසි = ඛ්භපපර -තඥචට බපඥඥ

සිංහල = කරපිංචා , කිරිපිංචා

දෙමළ = කරිවෙම්පු, කරුවෙප්පිලායි,කට්ටුවෙප්පිලායි

බෙංගාලි = බාර්සන්ගා , කාරියාපුල්ලි

හින්දි = කතිනිම්, මිතානිමි, කරිපට්ට, ගත්වෙලා, ධාර්සන්ගා

ගුජරාටි =ගෝරා නිම්බි, කඩි ලිම්බෝ

සංස්කෘත =නිම්බා, නිම්බ පත්‍ර, රාමන් සුරගි, අලකාව්‍ය, ගිරි නිම්බා, කි‍්‍රෂ්ණානිම්බා, රාමන් සුරගී

කරපිංචා ශාකයේ ප්‍රබල විෂ නාශක ගුණය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර රෝගවලට ද එසේම ශරීයේ බාහිර රෝගවලටද ප්‍රබල කරපිංචා කොළ බැදුම දහවල් සහ රාත්‍රිය සඳහාම ආහාරයට ගන්නේ නම් සුවිශේෂී ඖෂධීය ගුණයක් ලැබේ. මීට අමතරව ශරීරයේ ආසාදිත රෝගයන් නිවාරණය කරගැනීමට හැකියාවක් වගේම සේම රෝග වැලඳීම ද වෙනත් රෝග වැලඳීමද පහවයයි.

කරපිංචා ඖෂධීය පැළයෙන් නිෂ්පාදන රැසක් ආයුර්වේද නිෂ්පාදනය මට්ටමෙන් වෙළඳපොළට හඳුන්වාදී ඇත. කරපිංචාවලින් ළමා පණු රෝගවලට “පලුගුලිය’ ඖෂධයද කැලගා කාදි කෂාය, යකෘත් වටීවු යනාදි ඖෂධය නිෂ්පාදනවල කරපිංචා බෙහෙත ද අන්තර්ගත වේ.

ගැබිනි මවුවරුන්ගේ උදෑසන වමනයේදී කරපිංචා කොළ කොටා , මිරිකා ගත් ඉස්ම දෙහි ඇඹුල් ගා මිශ්‍රකර සීනි දමා සාදා ගත් පානය ටික ටික දිව ගෑම ඉතා සුදුසුය. මෙය ඔක්කාරය තෙල් කෑම, වැඩිපුර ගැනීමෙන් ඇතිවන අජීර්ණයට වමනයට යොදා ගත හැකිය.

කරපිංචා කොළ, මුල් ගහේ පොතු පිළිබඳව ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් 1980 වයසේදී පර්යේෂණය කරන ලදි. බොහෝමයක් සිදුකර ඇත්තේ ඉන්දියාවේදීය. එහිදී ලබා ගන්නා ලද වාර්තාවක් මෙහි ඇත.

කරපිංචා පත්‍රවල සංයුතිය හෙවත්

ග්‍රෑම් 100 ක අඩංගු ප්‍රමාණය

පත්‍රවල සංයුතිය - සාන්ද්‍රණය

තෙතමනය % - 66.3

ප්‍රෝටීන් % - 6.1

මේදය % -1.0

කාබෝහයිඩ්‍රේට් % - 16.0

කෙඳිති % -6.4

ඛනිජ ද්‍රව්‍ය -4.2

කැල්සියම් (මිලි ග්‍රෑම්) -.8.1

යකඩ (මිලිග්‍රෑම්) -3.1

පොස්පරස් (මිලි ග්‍රෑම්) -60.0

කැරොටින් (විටමින් ඒ) - 12.6

නිකොටිනික් (මිලි ග්‍රෑම්) -2.3

විටමින් සී (මිලි ග්‍රෑම්) - 4.0

තයමින් (මිලිග්‍රෑම්) - 1.00

 

ආයුර්වේදයට අනුව කරපිංචා ශාකය කටුතිත්ත කෂාය රසයෙන් යුක්ත වූද ලඝු ස්නිග්ධ තීක්ෂණයෙන්ද උෂ්ණ වීර්යයෙන්ද යුක්තවූද වේ. කර්ම වශයෙන් උෂ්ණ හා වාතය සමනය කරයි. යාකෘතයේ ක්‍රියාකාරිත්වය යහපත් කරන අතර කුසගින්න ඇතිකර ආහාර දිරවීමේ ශක්තියද ඇති කරනු ලැබේ. මල පිට වීම යහපත් කරයි. පණු දෝෂ, පණු වමනය හා පණු අජීර්ණය ක්ෂණිකව සුව පත් කරයි.

සර්ප විෂ සමනය කිරීමට කරපිංචා සතු බලය අපමණය. කර්වැල් දෂ්ටයේදී කරපිංචා කොළ කොටා යුෂ හිස ගැල්වීම ගුණදායකය. සර්පයන් දෂ්ට කළ විට කරපිංචා පංචාංගයම ගෙන අමුකහ, ලුණු, සමඟ කොටා මළවා හෝ යුෂ මිරිකා කකාරා ගානු ලැබේ. එයින් සර්ප විෂ නැති කළ හැකිය. ගෝනුස්සන්, කෘමි සතුන්, දෙබරුන්, බඹරුන්, දෂ්ට කරනු ලැබූවිට කරපිංචා ගෙඩි ඉෂ්ම දෙහි යුෂ හා මිශ්‍ර කර ගෑමෙන් ඉදිමුම, වේදනාව අඩුවේ.

බිබිලි මුහුණේ ලප කැළල් , කුරුලෑ ගෙඩි, කරපිංචා කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑමට පුළුවන. නිතරම මුහණ තෙල් ගතියෙන් හා දුවිල්ලෙන් අපිරිසුදු නොවිය යුතුය. කාන්තාවන් එක දිනකට එක්වරක් මුහුණ සෝදා ගැනීම ප්‍රමාණවත් නොවේ. අඩු වශයෙන් හතරවරක් වත් මුහුනේ තෙල් ගතිය. දුවිල්ලෙන් අපිරිසුදු නොකර ගත යුතු ය. මීට අමතරව කාන්තාවකගේ පියයුරු වර්ධනය වීමට කරපිංචා කොළ කොටාගත් මිරිකා ගත් යුෂට තලතෙල් දමා කකාරා තිබෙන්නට හැර පෙරා ගෙන රාත්‍රියේ පියයුරුවල ගා පිරිමැදීමෙන් දින 10 කින් පමණ වැඩෙන බව දක්වා ඇත.

වී මෝල් වල වී තම්බා කොටනවිට හෝ නිවසේ වී තම්බා කොටන විට සහල් වල අප්‍රසන්න ගඳක් සමහර විට නිකුත්වේ. මෙය හාල්වලටද කිඳාබසී. සමහර විට එම දුගද වැඩිය හැකිය. බත් පිසීමට පෙර මේ දුගඳ නැති කිරීමට. ප්‍රසන්න සුවඳක් ලැබීමයි. කරපිංචා කොළ කිහිපයක් සහල් වලට දමා බත් පිස ගැනීමෙන් නිවුඩු ගඳ දුරුවේ. මේ ගතිය ඇතිවන්නේ සහල් මත වර්ධනය වන දිලීර නිසාය.

අධි රුධිර පීඩනය හෝ මන්දගාමී රුධිර පීඩනය වයස අවුරුදු 30 සිට ඇතිවන රෝගයකි. මේ වන ලෝකයේ වෙසෙන ජනගහනයෙන් 40% කින් පමණ මෙයින් පෙළෙයි. රුධිර පීඩනය, හෘද රෝග, නහරවල අධික රුධිර පීඩනය. මේදය බැඳීම නිසා නහර දුර්වල වීම. කරපිංචා කොළ සහ නැටි කලං 1 යි, සුදුලූනු, කලං 6 යි සුදු දුරු කොත්තමල්ලි කලඳ බැගින් වතුර පත 8-1 ට සිඳ බීමෙන් මේ සියල්ලම සුව වේ.

දොස්තර ආර්.බී. ලෙනෝරා පිවිතුරු පදනම

ආර්. සනත් ලෙනෝරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.