ගස් සිටුවීමෙන් ලැබෙන මහත්ඵල මහානිශංස

ජනවාරි 18, 2019

අප පදිංචිව සිටින නිවසේ අවට ඇති වට පිටාවට කියනු ලබන්නේ ගෙවත්ත කියායි. එම ගෙවත්තේ පැත්තක හෝ ගෙවත්තේ මැද හෝ මල්වවා අලංකාර කර ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ කරති. එමෙන්ම ටික දෙනෙක් හෝ ගෙවත්තේ ඔසු උයනක් කිරීමටත් වෙනත් වගාවන් ව්‍යාප්තකරමින් ආහාර සුරක්ෂිතභාවය ඇතිකරගැනීමටත් උනන්දුවෙති.

මෙහිදී වැදගත්ම කරුණක් වන්නේ අපි වැවීමට සූදානම්වන භෝග නැතහොත් වවන භෝග පිළිබඳව ලැබෙන තෘප්තිමත් භාවයයි. නිවස වටා ඇති ගෙවත්තේ ගස් සිටුවීමට පෙර ගෙබිම් ශාස්ත්‍රයට අනුව උපදෙස් අනුව එය සිදුකරන්නේ නම් සිරිසැප ගෙන දෙන ගෙවත්තක් බවට පත්කරගත හැකි ය.

ගෙවත්තකට සුදුසුම ගස මල් ගස ය. එමෙන්ම දෙවියන්ට පි‍්‍රය වූ මල්ගස් වැවීම මහා පිනකි. විවිධ පාටවලින් යුක්ත වූ මල්වලින් පිරුණු ගෙවත්තක් දුටු විට සිතට ඇතිවන සතුට අපමණය. ඉන් විහිදෙන සුවඳ දෙවියන්ට පි‍්‍රයවන්නාක් මෙන්ම කෝපය පවා තුනී වී යයි. ගෙවත්තේ සමන්පිච්ච මල් වැලක් තිබීම සුබදායකය. දෙවියන් පවා පි‍්‍රය කරන සමන්පිච්ච වැලේ මල් සුවඳට දෙවියන්ගේ ආකර්ෂණය පවා ඇදී එන බව කියති. සේපාලිකා මල්ගසේ මල්සුවඳද ආකර්ශනීය තත්ත්වයක් ගනී.

සුදුහඳුන්, කොහොඹ වැනි ඖෂධ ගුණයුත් ගස් නිවස ඉදිරිපිට තරමක් දුරස්ව සිටුවීමෙන් නිරෝගී භාවය ලැබේ. සුදුහඳුන් හා කොහොඹ ගසින් විහිදුවන සුවඳ හා ඉන් නිකුත් වෙන කිරණ නිවැසියන්ගේ සෞඛ්‍යය වර්ධනයට බෙහෙවින් උපකාරී වේ. ශ්වේත, චන්දන, භද්‍ර, ශ්‍රී චන්ද්‍ර, දසුනි ආදී නම් රැසකින්ම සඳුන් හඳුන්වති. සුදුහඳුන් දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ශීත, වීර්ය, සහිත ඖෂධයක් ලෙස හඳුන්වා ඇත. ඖෂධගස් සිටුවා සාත්තු කිරීමෙන් මහඟු පිනක් ලැබේ. මතු උපදින භවයේදී පවා නිරෝගී සුවය ලැබීමට හේතුවක් වේ.

ගෙවත්තක ශි‍්‍රයාව ඇතිවන්නේ සුභඵල වර්ධනය වන්නේත් පැළ කොට ඇති ගසේ වර්ණය අනුවය. කොළ, මල් ගෙඩිවල වර්ණය එයට බෙහෙවින් බලපාති. ගෙවත්තේ වවන ගසක් ප්‍රධාන දොරට ඡේදවනසේ නොවැඩිය යුතු ය. විශේෂයෙන්ම කටුගස්, තිත්ත ඇඹුල් වෘක්ෂ පලතුරු බරවන ගස්, ලේනුන් පක්ෂීන් හඬ දෙමින් නිතර හැසිරෙන ගස් තද තනි පාට ගස පුරා මල් පිපෙන වෘක්ෂ නිවෙස ඉදිරිපිටට සුදුසු නැත. ඉන් අසුභ ඵල ගෙන දේ. එවැනි ගස් අහසට පෙනෙන පවතින වර්ණයෙන් බෝලයක් හා සමානවය. තැඹිලි ගසක් තිබෙන්නේ නම් එයද පෙනෙන්නේ කහපාට බෝලයක් මෙනි. මේවාට භූත බලවේග ඇතිවිය හැකි ය. ඉන් නිවසේ සමගිය, සමාදානය පමණක් නොව නොසිතූ විරූ අසමගිතාවයන්ද මතුවිය හැකි ය.

ගෙවත්තේ සිටුවීමට ගන්නා ගස් අතර උල්කටු සහිත ගස් අතුවිහිදී පවතින විශාල ගස් වේලී අතු හැලෙන ගස්, තද කොළ පැහැති අඳුරු කොළ සහිත ගස්, මල් පිපී ක්ෂණයකින් පරවීයන ගස් ආදී වශයෙන් සොයාබලා වෙන්කර ගත හැකි ය. කටු සහිත පතොක් බෝගන්විලා රෝස, දෙහි, දොඩම්, අන්නාසි වැනි කටු සහිත ගස් නිවසක ප්‍රධාන දොරට මුහුණලා ඉදිරියෙන් සිටුවීමත් ඉතාම අසුබය එවැනි ගස් ප්‍රධාන දොරට මුහුණ ලා තිබීමෙන් නිවසේ අඬදබර ලෙඩදුක් කරදර අමනුෂ්‍ය දෝෂ බෙහෙවින් සිදු විය හැකි ය. මෙම ගස් නිසා වාස්තු දෝෂද මතුවීමෙන් එම ගස්වල සෙවණැල්ල නිවසට වැටීමෙන්ද නොයෙක් රෝගාබාධවලට මෙන්ම අගහිඟකම්වලට ද ලක්විය හැකි ය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය, මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

බී.ඇල්. ප්‍රේමරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.