2019 ජනවාරි මාසයේ බලය දෙන ශුභ දිනයක්

ජනවාරි 4, 2019

2019 ජනවාරි මස 18 වැනි සිකුරාදා ඉහත බලය ඇති ශුභ දින බලයකට හේතු කාරක වේ.

සිකුරාදා දිනයේ නැකැත් දෙකක් යෙදී, එනම් රෙහෙණ නැකත දහවල් 12.24 දක්වා ද, ඉන්පසු දවස පුරාවට මුවසිරස නැකත ද යෙදී පවතිනු ඇත.

‘මිත්‍ර හා මානස’ නම් බලවත් යෝග බලය සහිතය. කෝණ බලය නැති, පුරබලය ඇති, සඳු වෘෂභ රාශියේ උච්ච බලය ඇති, යෝග කරණ ආදී සියල්ල ශුභවන බලයක් මෙදිනට පවතී. කිසිම දොසක් නොඑන ශුභබලයක් සහිතයි.

විවාහ, නිවාස, වෙළඳ ව්‍යාපාර, වගාකර්ම, වාරි කර්ම, යම් යම් ආයතන ආරම්භයට ආදී සියලුම ශුභ කටයුතුවලට ශුභ වේ. සූ. උදාව 6.28 ට වේ. තම තමාගේ කටයුතු වෙනුවෙන් දවස නැකත් බලය පුරාවටම පවතින නිසා දෛවඥ සහයෝගය ලබාගෙන, ශුභ අවස්ථාවන් වල කටයුතු කළ හැකි ය.

එස්.එච්. වංසා ද සිල්වා. මාදින්නාගොඩ

0115245690

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.