ධනය බලය ගෙනෙන ධන ලක්ෂ්මී යෝගයෙන් විශිෂ්ට සුබ මුහුර්තයක්

ජූලි 26, 2024

කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේ

ධම්මාලංකාර නාහිමි

සියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ. ධනයට, සෞභාග්‍යයට අධිපතීත්වය දරන ධන ලක්ෂ්මී යෝග බලය ෙමි ශනි දින උදාවන්නේ රාත්‍රි 8.04 සිට 8.16 දක්වා වූ සෙනසුරුගේ කාල හෝරාවේ සෙනසුරුගේ පංචම කාලය තුළය.

සියලු ව්‍යාපාර ඇරඹීමට, මැණික් පතල් කැපීමට, ඇඟලුම් ව්‍යාපාර ඇරඹීමට හෝ දියුණු කිරීමට, රන් භාණ්ඩ ව්‍යාපාර ඇරැඹීමට, මඟුල් පෝරු සැකසීමට, සියලු ව්‍යාපාර කටයුතු සංවර්ධනයට, දේවස්ථාන කටයුතුවලට, බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමට, සිතුවම් ඇඳීමට, නාම පුවරු දර්ශනයට, බෙලි පිළිල ජීවම් කිරීමට, සරස්වතී, රාජ තරංගනී ආදි තෙල් ලිප තැබීමට, ව්‍යාපාරික ස්ථානවල ධන ලක්ෂ්මී යන්ත්‍රය තැන්පත් කිරීමට ආදි ශුභ කටයුතු රාශියකට මේ ශුභ මුහුර්තය යොදා ගත හැකිය. ධන ලක්ෂ්මී ස්තෝත්‍ර, ධන ලක්ෂ්මී දැහැන් ආදිය භාවිත කිරීමෙන් මේ යෝග බලය වර්ධනය කරගත හැකිය.

මේ සුවිශේෂී ධන ලක්ෂ්මී යෝග බලය යෙදීමට නම් ශනි දිනය ශනිට අයත් මකර හෝ කුම්භ ලග්නය, ශනිට හිමි පුෂ නැකත ශනි කාල හෝරාවේ ශනිගේ පංචම කාල හෝරාව ආදි අංග 5ක් සම්පූර්ණ විය යුතුය. පුෂ නැකත ධන ලක්ෂ්මී දේව මාතාව බිහිවුණ නැකත වශයෙන් සැලකේ. එබැවින් මේ සුවිශේෂි යෝග බලය ඉතා බලවත් වේ. 2024 වසර පුරාම මෙකී ශුභ මුහුර්තය යෙදෙනුයේ මේ දිනය තුළ පමණි.

සෙනසුරුගේ කාල හෝරාවේ මුල්ම විනාඩි 12 විෂ පඤ්චම කාල හෝරාවක් වශයෙන් දක්වා ඇතත් මෙකී විෂ දෝෂය නසා ශුභ ඵල උදාකිරීමට මෙකී ශුභ මුහුර්තය ඉවහල් වේ. කරුණුූ මෙසේ හෙයින් මේ ශුභ මුහුර්තය උදාවන මොහොතේදී පවතින සෙනසුරු වක්‍රය මෙන්ම තත්කාල කුම්භ ලග්නයේ පවතින ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය ආදී දෝෂ ඉවත්ව ශුභ ඵලම වර්ධනය වේ. තත්කාලයේ පවතින සස යෝග බලය, බුධ, සිකුරුගෙන් යෙදෙන කේන්ද්‍ර ත්‍රිකෝණාදි යෝග බලය කුජගේ දෘෂ්ටියෙන් සිකුරු දැකීමෙන් උදාවන ධර්මකර්මාධිපති යෝග බලය, ශනි දීප්ත යෝග බලය, ශනි කුම්භ රාශි ගතවීමෙන් යෙදුණ ජය යෝගය, කුලීර යෝගය, හර්ෂා යෝගය, පරිජාත යෝගය, කාහල යෝගය, බ්‍රහ්ම යෝගය ආදි වටිනා යෝග රැසකින් මේ මුහුර්තය තවත් බලවත් වී ඇත.

මේ යෝග බලය අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, සිත, මුවසිරස, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකත්වලින් උපන් අයට අධික ශුභඵල ගෙන දෙන අතර සුවිශේෂී යෝගබලයක් නිසා අනෙක් සියලු නැකැත් හිමියන්ට මෙන්ම සියලු ලග්න හිමි සැමටම ශුභ ඵල උදාකරගත හැකිය.

ඒ ඒ පළාත් අනුව මේ සුවිශේෂී කාලසීමාව වෙනස් වේ. මෙය සකස්කොට ඇත්තේ හිරු උදාව අනුව කොළඹ ප්‍රදේශයටය. මේ වටිනා යෝග බලයෙන් ඔබගේ ජීවන කටයුතු උද්දීපනය කරගන්නා මෙන් සිහිපත් කරමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.